ප්‍රශස්තකරණයෙන් අර්ථසාධක අරමුදලට පාඩු වන බව කීම වැරදියි – මහ බැංකු අධිපති මුදල් කාරක සභාවට කියයි

 

 

රජය හඳුන්වා දී ඇති ප්‍රශස්තකරන උපාය මාර්ග ක්‍රියාවට නැගීමෙන් අර්ථසාධක අරමුදලට පාඩු වන බවට ගණන් බලා ඇත්තේ එසේ නොකළහොත් පවතින තත්ත්වය පවත්වාගෙන යා හැකිය යන මිත්‍යාව මත සිට බැවින් එම ගණන් බැලීම් වැරදි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාව ඉදිරියේ ප්‍රකාශ කොට ඇත.

මහා බැංකු අධිපතිතුමා පෙන්වා දී ඇත්තේ ප්‍රශස්තකරණය නොකළහොත් අරමුදලට පොලී පමණක් නොව මුදල් ද අහිමි විය හැකි බව යි. එබැවින් වත්මන් තත්ත්වය එලෙස ම පවතින්නේය යන උපකල්පනය මත කළ ගණන් බැලීම්වල තේරුමක් නැති බව ඒ මහතා පෙන්වා දී ඇත.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය එලෙස ම පවතින ලෙස සලකා කළ ගණන් බැලීම් අනුව, ප්‍රශස්තකරන විකල්පය යටතේ  2038 වසර වන විට සිදුවන පාඩුව සියයට 4.8 ක් බවත්, එසේ නොකොට බදු ගෙවීමේ විකල්පය තෝරා ගතහොත් පාඩුව සියයට 21.6 ක් බවත්, මහ බැංකුව මුදල් කමිටුවට දැනුම් දී ඇත.

කෙසේ වෙතත් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ ප්‍රශස්තකරණය නොකර අර්ථසාධක අරමුදල  පවත්වාගෙන යා නොහැකි බැවින් එලෙස පාඩුවක් ගණන් බැලීම පවා වැරදි බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *