ආසියානු බැංකුවෙන්, ලෝක බැංකුවෙන් තවත් ඩොලර මිලියන 850 ක්

 

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය අනුමත වීමත් සමග ආසියානු සංවර්ධන බැංකුවෙන් තවත් ඩොලර මිලියන 450 ක් සහ ලෝක බැංකුවෙන් මිලියන 400 ක් ලබාදීමට එකඟ වී ඇති බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

මෙම මුදල ලැබෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ලැබෙන ඩොලර් මිලියන 350 ක් පමණ ණය වරකයට අමතර වශයෙනි .

ආසියානු සනවර්ධන බැංකුවෙන් ලැබෙන මුදලින් ඩොලර් මිලියන 350 ක් අයවැය පියවාගැනීමට ලැබෙන අතර මිලියන 100 ක් ලැබෙන්නේ සුළු සහ මාධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම සඳහාය.

ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා තවත් ආධාර ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟත්වය පළ කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *