සුපිරි ලාභ ලැබූ ධනපතියන්ට අයවැයෙන් බදු ගේනවා – ජනපති පාර්ලිමේන්තුවට කියයි

 

පසුගිය කාලයේ විවිධ ගනුදෙනු මගින් සුපිරි ලාභ ලැබූ ධනපතියන්ට ඉදිරි අයවැය මගින් බදු පනවන බවත්, ඒ ගැන කිසිවකු කලබල නොවිය යුතු බවත්, මුදල් ඇමති, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. කිසිවකු බලාපොරොත්තු නොවන විස්මිත දේ අයවැයෙහි අඩංගු විය හැකි බව ද ඒ මහතා කී ය.

පසුගිය කාලයේ සුපිරි ලාභ ලැබුවන් අතහැර රජය අර්ථසාධක අරමුදලට බදු පනවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ රජය අර්ථසාධක අරමුදල රැක ගෙන ඇති බව සහ සියයට නවයක ප්‍රතිලාභ සහතික කොට ඇති බවයි.

“සියයට නවය තීරණය කළේ මම නොවෙයි. එය තීරණය කළේ පොහොට්ටුවේ ආණ්ඩුවයි. එසේ කළ අය දැන් දෙපැත්තේ ම ඉන්නවා ” යැයි ජනාධිපතිතුමා වැඩි දුරටත් පැවසීය.

කිසිවකු වගකීම් භාර නොගත් මොහොතක වගකීම භාරගෙන තමන් රට බේරාගත් බව කී ජනාධිපතිතුමා තමන්ට එම කටයුතු කරගෙන යාමට ඉඩ දෙන ලෙස ද ඉල්ලා සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *