විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ පනත එන මාසයේ මැතිසබයට

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ පනත ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පාර්ලිමේන්තුවේ දී ඊයේ ප්‍රකාශ කළේය.

පනත් කෙටුම්පතට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණු පසු ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද ඇමැතිවරයා පැවැසීය.

ඔහු මේ බව සඳහන් කළේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි සුමිත් උඩුකුඹුර ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව කී ඇමැතිවරයා මෙසේද සඳහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කාංචන විජේසේකර මෙ‍සේද පැවසීය.

‘‘විදුලි ඉල්ලුම්කරුවන් තිස්හයදහසකට සම්බන්ධතා ලබාදීම ප්‍රමාද වී තිබුණා. අවශ්‍ය උපකරණ, ගෙවීම් ප්‍රශ්න ආදිය හේතුවෙන්. මේ වසරේ අගෝස්තු වනවිට එයින් විසිදහසකට විදුලි සම්බන්ධතා ලබා දුන්නා. ඒ වගේම ඉතිරි පිරිසට මෙම වසර ලබාදීමට සැලසුම් කර තිබෙනවා. ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සිදුකරනවා. ඒ සැලසුමට අදාළ පනත නීතිපති දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා. මෙම සතිය අවසානය වනවිට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් මේ සඳහා යහපත් පිළිතුරක් අපේක්ෂා කරනවා. නීතපතිවරයා‍ගේ අනුමැතිය ලැබුණු පසු ලබන සතියේදි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන අතර ලබන මාසයේදි විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.’’

 

 නිලන්ත මදුරාවල

අරුණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *