පාස්කු ප්‍රහාරය ; සජිත් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි

 

2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වහාම ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියි.

බ්‍රිතාන්‍යයේ  චැනල් 4 නාලිකාව කළ හෙළිදරව්ව ගැන ඊයේ පාර්ලිමේන්තුවේ දී විවාද වූ අවස්ථාවේ මෙම ඉල්ලීම සිදුකොට තිබේ.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් මෙම සිදුවීම පරීක්ෂා කරන බව රජය ප්‍රකාශ කොට ඇත. අවශ්‍ය නම් ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා ද සුදානම් බව රජයේ ප්‍රකාශකයින් කියා ඇත.

යුද්ධයේ අවසන් අවස්ථාවේ සිදුවීම් ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලීම දෙමල ඩයසපෝරාව දසකයකට වැඩි කලක් තිස්සේ සිදුකරන නමුත් ශ්‍රී ලංකා රජය එයට එකග වී නැත.

පාස්කු ප්‍රහාරය ගැන සජිත් ප්‍රේමදාස මහතා ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලීමත් සමග දෙමළ ඩයසපෝරාවේ ඉල්ලීම ද යලි  ශක්‌තිමත්  වන බව දේශපාලන නිරීක්ෂකයෝ කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *