|

ආයතන 80 ක් පෞද්ගලිකකරණයට ; 15 ක් වසා දමයි

 

 

නිර්ණායක කිහිපයක් මත පදනම්ව ශ්‍රී ලංකාවේ රාජ්‍ය වාණිජ ආයතන 80 ක් පමණ රාජ්‍ය අතේ නොතිබිය යුතු බව හඳුනාගෙන ඇති බව  රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් සුරේෂ් ෂා මහතා ප්‍රකාශ කොට ඇත. එම ආයතන 80 පෞද්ගලිකකරණය කිරීමට නියමිත ය.

ශ්‍රී ලංකාව තුළ වාණිජ රාජ්‍ය ව්‍යවසාය (SOEs) 130ක් පමණ ඇති අතර ඉන් 15ක් ක්‍රියාත්මක නොවන අතර එම ආයතන වසා දැමීමට සිදු වී තිබේ.

ඉහත කී රාජ්‍ය ආයතන 80 පෞද්ගලික අංශයට පැවරීම මගින් වඩාත් කර්යක්ශ්‍යම ලෙස ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති අතර රජයට ද වැඩි බදු ආදායමක් ලබාගත හැකි වෙයි

විවිධ හේතූන් මත රජයේ පාලනය යටතේ පැවතිය හැකි වාණිජ ආයතන 20 ක් පමණ ඇත. නමුත් ඒවා ද රාජ්‍ය  පෞද්ගලික හවුල්කාරිත්වය සඳහා සලක බැලිය හැකි ෂා මහතා ප්‍රකාශ කොට ඇත.

භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන ප්‍රකාශ කොට ඇත්තේ  රජය සතු විය යුතු යැයි ඇතැමුන් සලකන වරාය සහ ගුවන් සේවා ඉන්දියාව පෞද්ගලීකරණය කර ඇති බවයි.

පසුගිය කාලයේ පෞද්ගලීකරණය කරන ලද ආයතන වඩාත් පුළුල් වී ඇති  අතර රජයට වැඩි බදු මුදලක් ද ගෙවා ඇත.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *