|

EPF පාඩුව ගැන වෙරිටේ රිසර්ච් ගණන් හැදීම වැරදියි – මහාචාර්ය විදුර තෙන්නකෝන්

 

 

 

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සේවක අර්ථසාධක අරමුදලට සියයට 37 ක පාඩුවක් වන බවට වෙරිටේ රිසර්ච් ආයතනය කර ඇති ගණන් බැලීම වැරදි බව මහාචාර්ය විදුර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.

එම ගණන් බැලීම කර ඇත්තේ මෙම මුදල් දිගු කාලීනව එම තැන්පතුවල තිබෙන ලෙස සලකා බවත්, මාස හයකට වරක් කරන කූපන් පොලී ගෙවෙම් හෝ එක් එක් තැන්පතු විවිධ කාලවල කල් පිරෙන බව සහ ඒවා නැවත පවතින පොලී යටතේ ආයෝජනය කිරීමට සිදුවන බවත් සලකා නැති බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

මහ බැංකුව ලබා දී ඇති බදු ගෙවීමේ විකල්පයෙන් අර්ථසාධක අරමුදලට සිදුවන පාඩුව සියයට 21 ක් වන බවත්, නව පොලී යටතේ ආයෝජනය කිරීම තෝරා ගතහොත් සිදුවන පාඩුව සියයට 5 කට වඩා අඩු බවත් ඒ මහතා පෙන්වා දෙයි.

අන්තර් ජාලය ඔස්සේ දිගු සාකච්ඡාවකට එක් වෙමින් මහාචාර්ය විදුර තෙන්නකෝන් මහතා මෙම කරුණු පැහැදිලි කළේය .

කලක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කොට ඇති මහාචාර්ය තෙන්නකෝන් මහතා මේ වනවිට ඇමෙරිකාවේ ඉන්දියානා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු ලෙස සේවය කරයි.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *