අනුරයියා ලක්සම්බර්ග් යයිද ? ~ මහේෂ් හපුගොඩ

sharethis sharing button

මට නම් හිතෙන්නේ මෙහෙම එකක්. අනුර ඇත්තටම ඊළඟ ජනාධිපතිවරනේ ජනාධිපති අපේක්ෂකයා නම් ඔහු මෙච්චර දඟලල මමයි ජනාධිපති අපේක්ෂකයා කියල පරසක්වළ ගහල කියන්නේ ඇයි කියන එක. විශේෂයෙන් අනික් පක්ෂ ටිකක් තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක තරමක රහසක් හැටියට නේ තියාගන්නේ. ජනාධිපතිවරනේ ඉතාම ලංවෙලා ඒක නිල වශයෙන් ප්‍රකාශ කරාට පස්සේ තමයි ඔන්න රටම පිළිගන්න, කාගෙන් ආකර්ෂණයට පාත්‍ර වෙන, හැමෝටම නිකම් ”වව්” කියවෙන චරිතයක් ගේන්නේ.

ඒ වව් හැඟීම නැත්නම් ටිකක් පුදුම සහගත හැඟීම එක්ක දේශපාලන පක්ෂ බලාපොරොත්තු වෙන්නේ පාවෙන අළුත් චන්ද දායකයෝ ඒ පැත්තට දිනාගන්න එක. ඒ කියන්නේ අලුත් කෙනෙක් සම්බන්දයෙන් එන්න පුළුවන් අළුත් හැඟීම එක්ක.

හැබැයි එක අතකට දැන්මම රනිල් එක පැත්තකින් (ස්වාධීන විදියට හරි, පක්ෂ ගණනක සංධානයකින් හරි) තරඟ කරනවා කියල කියන හින්ද කලින්ම අනුර එහෙම කියන එකේ වරදකුත් නැහැ.

ඇමෙරිකන් රාජ්‍ය රහස් ඔත්තු සේවය නම් ඒ රටේ අනාගත ජනාධිපති කවුරු වෙන්න පුලුවන්ද කියන එක ගැන තීරණය කරන්නේ නිර්ණායක කීපයක් පසුබිම් කරගෙන.

a). එකක් තමයි ජනාධිපති කෙනෙක් වෙන්න ඒ පුද්ගලයට නෛතික හැකියාවක් (documentation issues) තියනවද කියන එක. ඒ කියන්නේ නෛතික බාධා මොනවත් නැද්ද කියන එක. අනුරට එහෙම ප්‍රශ්නයක් නැහැ මම හිතන්නේ. b). අනික තමයි ඒ පුද්ගලයා රටම ආවරණය වෙන විදියට ප්‍රචාරක වැඩක ඉන්නවද කියන එක (involved in a national campaign). ඒකත් අනුර සම්බන්දයෙන් හරි. c). ඊළඟට එන්නේ පොදුවේ මත විමසුම් වල තත්වය (average of opinion polls). ඒක ගැන නම් මට හරි අදහසක් නැහැ. d). අනික තමයි අපේක්ෂකයා එන්නේ පොදුවේ පිළිගත් ප්‍රධාන පක්ෂයකින් ද කියන තක්සේරුව (nominee of the major party). ජාතික ජන බලවේගය තවමත් ප්‍රධාන පක්ෂයක්ද කියන එක අවිනිශ්චිතයි. e). අපිට අදාල නොවුනත් ඇමෙරිකාවේ නම් උප ජනාධිපති ධූරයක් දක්වාවත් අදාල අපේක්ෂකයා තරඟ කරලා තියනවද කියන එක වැදගත් වෙලා තියනවා.

කොහොම උනත් ජාතික තීරණාත්මක මැතිවරණ වල මත විමසීම් වලට වෙනස් ප්‍රථිපල ඇත්ත චන්ද ගණනයේදි ඇවිත් තියනවා. ඇත්ත ජනප්‍රිය අපේක්ෂකයෙක්ට ඔය නිර්ණායක ගොඩක් වෙනස් කරන්න පුළුවන්. නිර්ණායක හදන්නත් පුළුවන්.

අනුර මේ හදන්නේ මිනිස්සු තුළ තියන යම් දෙගිඩියාවක් නැති කරන එක වෙන්නත් පුළුවන්. නැත්නම් ඇත්තටම වෙන්න පුළුවන් ”පුදුමයක් වගේ දෙයක්” ටික කාලෙකට පස්සට දාන්න උපක්‍රමයක් වෙන්නත් පුළුවන්.

කවුරු ආවත් එන්න වෙන්නේ සහ දිනන්න වෙන්නේ පුළුල් පක්ෂ සංධානයක (broader alliance) පොදු අපේක්ෂකයෙක් හැටියට නිසා අනුර කියන මේ අදහස තරමක් හිතල බලන්න වෙන දෙයක්. මොකද අනික් ලොකු පක්ෂ වගේම පොඩි පක්ෂත් බොහොමයක් දැනට ලොකු දෙයක් කියල නැති හින්ද. සහ චන්දයක් තියන්නේ කවද්ද කියලත් කියන්න බැරි හින්ද.

දැන්මම අනුරයියා කිව්වට මම යන්නේ ලක්සම්බර්ග් කියල මම නම් හිතන්නේ මේ යන්න හදන්නේ වෙන දිහාවකද දන්නෙත් නැහැ.

මම වැරදි වෙන්න පුළුවන්.

~ මහේෂ් හපුගොඩ

RN

LNW

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *