සළකුණේදී අනුර සළකුණු කළ ජවිපෙ දේශපාලන සළකුණ – රටේ රාළ.

අගෝස්තු 28 වෙනිදා හිරු සළකුණ වැඩසටහනට ආව ජවිපෙ සහ මාලිමාවේ නායක අනුර දිසානායක තමන්ගේ දේශපාලන මජරකම ඉතා පැහැදිලිව ඔප්පු කරලා පෙන්නුවා.ජවිපෙ ඉතිහාසයේ නායකත්වයට පත්වුන කිසිම විචාර බුද්ධියක් නැති උන්නතිකාමී නායකයා තමන් බව අනුර ඔප්පු කළා.ඒ සංවාදයකදී මාලිමාවේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා අහපු ප්රශ්නයට අනුර කිසිම හිරිකිතක් නැතිව ” මම ” කියලා කිව්වා.
ඒ ප්රශ්නයට උත්තර දුන්න අනුරගේ ප්රකාශය ඇතුලේ බරපතල අවිනිශ්චිතකමක් තියනවා ඔයාලත් දකින්න ඇති.අනුර කියන්නේ ” අපි ඊයේ හවස වගේ ” තීන්දුවක් ගත්තා කියලයි.අනුරට ඊයේ හවස අපි තීන්දුවක් ගත්තා කියලා කෙලින් කියන්න දිව නමාගන්න බැරිවුනා. අනුර කියන විදිහට ගිය 27 වෙනිදා තමයි ජවිපෙ ඔය කියන තීරණය අරගන්න රැස්වෙලා තියෙන්නේ. අනුර ඇත්තම කියනවා කියලා හිතුවොත් එක්කෝ අනුර කියන්නේ ජවිපෙ දේශපාලන මණ්‌ඩලය රැස්වුනා කියලා වෙන්න ඕනි.
නැත්තං මධ්යම කාරක සභාව රැස්වුනා කියලා වෙන්න ඕනි.ඊට පස්සේ අනුර කියන්නේ ජාතික ජන බලවේගයේ ” යම් විධායක සභාවක් ” අද රැස්වුනා කියලයි.ඒ කියන්නේ 28 වෙනිදා.එතකොට ආය ප්රශ්නයක් එනවා මොකද්ද මේ ” යම් විධායක සභාවක් ” කියන්නේ කියලා.ජාතික ජන බලවේගයට විධායක සභා ගොඩක් තියනවද කියන ප්රශ්නයත් එනවා.සමහරවිට ජවිපෙට ඕනි වෙලාවට කැඳවගන්න පුළුවන් විදිහට පැලවත්තේ පිලිකන්නේ තියාගත්ත එහෙයියන්ගේ එකක් තියනවද දන්නේ නෑ.
ඒකේ ඉන්න ආචාර්ය මහාචාර්යවරු පව්.කොහොම හරි අනුර කියන ඒ ” යම් විධායක සභාවට ” ජනාධිපති අපේක්ෂකයා කියලා ඉදිරිපත් කරපු අනුරගේ නම ” අද හවස වගේ වෙනකොට ” නිල වශයෙන් ප්රකාශයට පත් කරලා තියනවා කියලයි අනුර කිව්වේ. ඒකත් මහ අවිනිශ්චිත කතාවක්.අද හවස වගේ වෙනකොට නිල වශයෙන් ප්රකාශ කරලා තියනවා කියන්නේ එදාම රෑ.අනුර උත්තර ඔක්කොම දුන්නේ අනියමාර්ථයේ අසම්භාවයක් ක්රියාවලින්.එතකොට ඒ විධායක සභාව තිබුණ 28 වෙනිදම තමයි හිරු සළකුණ වැඩසටහන තියෙන්නේ.
හරිනං 28 වෙනිදා හවස් වෙනකොට අනුර තමයි මාලිමාවේ අපේක්ෂකයා කියලා නිල වශයෙන් නිවේදනය කරලා තියෙන්න ඕනි. ඇයි මාධ්යයට දුන්නේ නැත්තේ ඇහුවම අනුර කියන්නේ ” ඇයි ඉතිං මාධ්යය දැනගනීනේ ” කියලා.අනුර මෙතනදී දුමින්ද නාගමුවටත් වැඩිය ලපටි වෙනවා.එතකොට එහෙනම් අනුරලාට ඒ තීරණයට ගැන රටට කියන්න උවමනාවක් නැද්ද?අනුරට ඕනි නං මෙහෙම කියන්නත් පුළුවන්.අර ටිරාන්ට මොකුත් කියන්නේ නැත්තේ ඇයි කියලා පෙරටුගාමින් ඇහුවම අනුර කිව්වා වගේ මේකටත් අපිට ඕනි නං අපි කියනවා.ඕනි නැත්තං නිකං ඉන්නවා කියලත් කියන්න පුළුවන්.
හැබැයි එදා දුමින්ද නාගමුවට නලින්ද ජයතිස්ස නං කිව්වේ දැන් රටට කියන්න කියලයි.ජවිපෙ ඉන්නේ සියල්ලම රටට හෙලි කරන ව්යාපාරක් වගේ උනාට අත්යවශ්යම එකම වහලා ගහලා.අනුර ජනාධිපති අපේක්ෂකයා කියන එක මේ ලිපිය ලියන මොහොත වෙනකොටත් මාලිමාව රටට නිල වශයෙන් ප්රකාශ කරලා නෑ.අනුරගේ මේ කතාවෙන් රටේ රාළට මාලිමාව සහ ජවිපෙ ඇතුලේ තියන අර්බුදය කියවා ගන්න පුළුවන්.
පලවෙනි එක තමයි මෙච්චර කාලයක් මේ වගේ වැදගත් දේශපාලන තීන්දුවක් ජවිපෙ ආවට ගියාට ඇදලා ඇරලා නෑ.ඒක ප්රකාශයට පත් කරන්න සුදුසු සංවිධානය සහ සුදුසු පුද්ගලයන් සම්බන්ධ වෙලා විශේෂ මාධ්ය සාකච්චාවක් තියලා කියනවා.නැත්තං විශේෂ පක්ෂ සමුළුවකින් ඒක ප්රකාශ කළා.ගිය පාර උනත් අනුර ජනාධිපතිවරණ අපේක්ෂකයා කියලා දොරට වැඩමුවේ ජවිපෙ සහ ජාතික ජන බලවේගය සංවිධානය කරපු දැවැන්ත උත්සවයකින්. හැබැයි මෙතනදී අනුරට මම තමයි ජනාධිපති අපේක්ෂකයා කියන්න මාර හදිස්සියක් තිබුණ බව පේනවා.
නන්දන ගුණතිලක ඔය පහත් තැනට වැටුනේ නෑ,රෝහණ විජේවීර ජනාධිපති අපේක්ෂකයා උන වෙලාවෙත් පක්ෂය තමයි ඒ නිවේදනය කළේ.එයාලා ජනාධිපතිවරණ අපේක්ෂකයන් විදිහට නම් කළේ අදාල සංවිධානයෙන්.අදාල වගකිව යුත්තන්.ජවිපෙ ඉතිහාසය ඇතුලේ මෙහෙම හොරිකඩ වැඩක් කරන්න පුරෝගාමී වුන ජනාධිපති අපේක්ෂකයා විදිහට අනුර කුමාර සහෝදරයා ඉතිහාස ගතවෙනවා.මම තමයි ජනාධිපති අපේක්ෂකයා කියලා කියන්න ජවිපෙ නායකයෙක් කවදාවත් මාධ්ය සාකච්ඡා තියලා නෑ.
ඒ වෙනුවෙන් මාධ්ය වේදිකා පාවිච්චි කරගෙනත් නෑ.ඇත්තටම අනුර පෙන්නුවේ ජවිපෙ ඇතුල දැන් කොච්චර කුණුවෙලාද කියන එකයි.තමන්ගේ පක්ෂය සමාජ ව්යාපාරක් කියාගන්න ගමන් ඒක ඇතුලේ මම තමයි එන්නේ,මම ගැන තමයි ජනතාවගේ හැගීම තියෙන්නේ කියන තරමට අනුර මජර වෙලා. බංකොලොත් වෙලා.එහෙමත් නැත්තං අනුර හිරවෙලා දුන්න උත්තරයක් ඒක. මාධ්යවේදීන් තුන්දෙනෙක් වටකරගෙන ප්රශ්න අහද්දී ඒ පීඩනය විසින් අනුරට එහෙම උනාද දන්නේ නෑ.හැබැයි එහෙම උත්තරයක් පක්ෂ නායකයා විසින් තමන්ට අදාලව දුන්නම ඒක නිල උත්තරයක් වෙන එක නතර කරන්න බෑ.
අනුර හිරවෙලා කළත් ඒක නිල ප්රකාශයක්. ආපහු ඒක අදින්න බෑ.එහෙමත් නැත්තං හිරවෙච්චි විදිහට අනුර තමන්ට අවශ්යදේ ප්රකාශ කරගත්තා වෙන්නත් පුළුවන්. සංවිධානය ඇතුලේ එකඟතාවයක් තිබුනත් නැතත් දැන් ඒක අනුර කියලා ඉවරයි. සංවිධානය ඇතුලේ එකඟතාවයක් තියනවා නම් ඇයි ඒක අදාල වගකීමෙන් ප්රකාශ නොකළේ කියන ප්රශ්නය මෙතනදී එනවා. අනුර කියන විදිහට මේ තීරණය අරන් තියෙන්නේ හිරු සළකුණට ගැන හිතලා වගේ කියලා හිතුවත් කමක්නෑ.
එතනදී මෙහෙම ප්රශ්නයක් ඇහුවොත් මෙහෙම උත්තරයක් දෙමු කියලා හතර දෙනාගේ කල්ලිය ආපු එකඟතාවයක්ද මේක කියලත් සැක හිතෙනවා.27 වෙනිදා ජවිපෙ තිරණය කරලා,28 මාලිමාව තීරණය කරලා. එදාම රෑ අනුර සළකුණේදී කියනවා.ඇත්තටම මොකද්ද අනුරට තියන මේ කළබලේ.මොකද්ද එකපාරට අනුරට හැදුන කඩි කලප්පුව.රටේ රාළට නං පේන්නේ ජවිපෙ සහ මාලිමාව ඇතුලේ ප්රති විරෝධයක් තියනවා කියලයි. ජවිපෙ ඉදිරියේ මාලිමාවේ ඉන්න ආචාර්ය මහාචාර්ය කට්ටිය පරඬැල් කරලා ඉවරයි.
මෙන්න අපේ තීරණය උඹලා එකඟ වෙයල්ලා වගේ තමයි තිරණ පටවලා තියෙන්නේ.අනුර එදා නයාගේ සහ මුකටියාගේ සටනට ගැරඬියා මුගටියා කරේ තියාගෙන එනවා කියලා කියනකොට වේදිකාවේ හිටපු ආචාර්ය මහාචාර්යවරුන්ට අත්පොඩි ගහන්න සිද්ධවුනා.අනුර මුගටියාගෙයි,ඇලි මුගටියාගෙයි කතාව දන්නේ නෑ කියමුකෝ. ඒත් අපේ ඡනප්රවාදයේ එන කතා දන්නේ නැති ආචාර්ය මහාචාර්යවරු කියලා එයාලයි Brand වුනේ.ඒ වගේ මේ යෝජනාවක් දාලා අත උස්සගත්තද දන්නේ නෑ.
අනුරත් දැන් කියන්නේ රනිල් ඉස්සර කිව්වා වගේ කතා.අර පස්දුන් කෝරලේ නම හැදුනේ පස්දුන්න හින්දා කියලා එක පාරක් රනිල් කිව්වා ඔයාලට මතක ඇති.ඒ මට්ටමේ වයර් ෂෝට් එකක් දැන් අනුරටත් තියනවා. රනිල්ගෙන් බෝවෙලාද දන්නේ නෑ.අනුර දිගටම කියන කතා,ගන්න උදාහරණවල අඟ මුල සම්පුර්ණයෙන්ම අවුල්. කොහොම හරි රටේ රාළ දන්න අනුර මෙතනදී කළේ තමන්ගේ උවමනාව තනි කැමැත්තට සංවිධානය මත පටවන එක බව පේනවා,සමහරවිට අනුරගේ මේ ප්රකාශයට අනුමැතිය දෙන්න ඇත්තේ හතර දෙනාගේ කල්ලිය වෙන්න පුළුවන්.
කොහොම උනත් අනුර නම් මාලිමාවේ අපේක්ෂකයා විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙක් නිර්මාණය වෙන්න තියන ඉඩ බොහොම අඩුයි.ඒ නිසා බොහෝ දුරට විපක්ෂයෙන් තවත් ප්රධාන අපේක්ෂකයෙක් හෝ දෙන්නෙක් වැටෙන්න තියන ඉඩ වැඩියි. සමහරවිට අනුර සමඟ ඩිලාන් ඇතුළු කීපදෙනෙක් එකඟ වෙන්න පුළුවන්.ඒත් අනුරලගේ මේ ප්රකාශය ඉස්සරහා අනුරගේ ලැජ්ජා නැතිකම වගේම විපක්ෂයේ සමගියට බරපතල පහරක් අනුර එල්ල කරලා තියනවා.
ඒ නිසා සජබයට,ශ්රිලනිපයට, උත්තර ලංකා සභාගය,ජනරජ පෙරමුණ සහ අනෙක් කණ්ඩායම් වෙනත් අන්තවලට තල්ලු වෙලා තවත් අපේක්ෂකයෙක් දාන්න තියන ඉඩ වැඩියි.එතනදී වෙන්නේ අනුර ජනාධිපතිවරණයේ තවත් විකිනෙන අපේක්ෂකයෙක් වීම විතරයි.එහෙමත් නැත්තං අනුර කිව්ව ජාතියේ මුක්කුවක් බවට අනුරම පත්වීම විතරයි.ඒ කියන්නේ අනුර කරන්න හදන්නේ ප්රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක්කෙනෙකුට වාසි සැලසෙන විදිහට පාවිච්චිවීමයි.සමහරවිට ඒක අනුර හිතාමතා නොකරනවා වෙන්න පුළුවන්.
ඒත් අනුරගේ තියන උන්නතිකාමී ලක්ෂණ විසින් දැනටමත් අනුර එතනට ඇදවැටිලා ඉවරයි.අනුර දැනුවත්ව ඒක කරනවා නම් අනිවාර්යයෙන්ම අනුර මේ මොහොතේ සේවය කරන්නේ රනිල්ට බව කියන්න ඕනි.තමන් මාලිමාවේ ජනාධිපති අපේක්ෂකයා බව ප්රකාශ කිරීම අනුර රනිල්ට දුන්න වටිනා තෑග්ගක්.ඒ විපක්ෂයට පොදු එකඟතාවයකට එන්න නොදී බෙදීම ආරම්භ කිරීමයි.රනිල්ටත් ඕනි විපක්ෂ බලවේගය බෙදන්න.අනුර කරන්නේ ඒ කොන්ත්රාත්තුව.
ඊළගට අනුර රනිල්ට ඕනි සටන් පාඨය උස්සලා දීලා තියනවා.පලාත් පාලන මැතිවරණය ඉල්ලපු සටන් පාඨය අනුර අපේක්ෂකයෝ ටිකත් එක්ක පාවලා දීලා ඉවරයි.රනිල්ට ඕනි ජනාධිපතිවරණයට අවශ්ය මනස අනුර හදලා දුන්නා.ඒක නිසා ජනාධිපතිවරණය එනකම් රනිල්ට මැතිවරණ සිතියම අකුලන්න ලේසියි. ඇත්තටම මේක තමයි ලාංකික වමේ ව්යාපාරයේ ඛේදවාචකය,
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට

රටේ රාළ.

May be an image of 1 person and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *