ඩලස්ට ඇරුන පීඩිතයින්ට වැහුන ජවිපෙ සැලුන් දොර – රටේ රාළ.

පහුගිය අගෝස්තු 25 වෙනිදා ජවිපෙ සහ නිදහස ජනතා සභාව අතර තිබුණ සාකච්ඡාව තවමත් රටේ උණුසුම් දේශපාලන මාතෘකාවක්.ඒ වගේම සමහරුන්ට ඒක උභතෝකෝටික ප්රශ්නයක්.ඩලස්ලා විපක්ෂ සන්ධානයක් නිර්මාණය කිරීම ගැන සාකච්ඡාවක් පටන් අරන් දැන් ටික කාලයක් වෙනවා.ඩලස්ලා සජබයත් එක්ක සන්ධාන එකඟතාවයක ඉන්නවා.ඒ වගේම එයාලා ඒ ගැන ශ්රිලනිපය එක්කත් සාකච්ඡා කරලා තියනවා.
ජවිපෙ එක්ක තිබුණ සාකච්ඡාව ගැන ඩලස් කියලා තිබුණේ පොදු විපක්ෂයේ ඉදිරි කටයුතු පිලිබඳව සහ ජනතා විරෝධී ආණ්ඩුවට එරෙහි පුළුල් සංධානයක් බිහිකිරීමේ අරමුණින් නිදහස ජනතා සභාව විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ක පවත්වන සාකච්ඡාව ජවිපෙ එක්කත් කළා කියලයි.ජවිපෙ මුලදී හිටියේ කිසිම දූෂිතයෙක් එක්ක සන්ධානගත වෙන්නේ නෑ වගේම අඩුම ගානේ එහෙම සාකච්ඡාවක්වත් කරන්නේ නෑ කියන ස්ථාවරයේ.එක පාරක් ශ්රිලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර කරපු ඉල්ලීම ජවිපෙ ප්රතික්ෂේප කළේ එහෙම කියමින්.
දැන් එතකොට ඩලස්ලා එක්ක සාකච්ඡාව කළේ ජවිපෙ හොයපු ජවිපෙ වගේම පිරිසිදු, සුපින්වත්,ශික්ෂාකාම්,සුපේක්ෂල මහජන නියෝජිත කණ්ඩායම හම්බ වෙලාද?ඒකේ ඉන්න කට්ටිය කීපදෙනෙක් ගත්තොත් ඩලස් කියන්නේ තමන්ගේ මුළු දේශපාලන ජීවිතයේ වැඩි කාලයක් ජවිපෙ හොරු සහ තක්කඩි විදිහට හදුන්වපු,රට විනාශ කල රාජපක්ෂලාට දේශපාලන වශයෙන් බැලමෙහෙවරකම් කරපු කෙනෙක්.කවදාවත් මාතර දිස්ත්රික්තයෙන් දේශපාලන චරිතයකට මතු වෙන්න ඉඩ නොදුන්න කෙනෙක්.
ගිය පාර මහින්දලා ඩලස්ට ෂොට් එකදීලා මහින්දගේ සහෝදරියගේ පුතා උන නිපුණ රණවක උඩට ගෙනාවා.ඩලස්ට රාජපක්ෂලා එක්ක තියන ආරෝව ඒක.මතක තියාගන්න මේ රටේ ජනතාව ඇවිත් රාජපක්ෂලා එලවනකොටත් ඩලස්ලා හිටියේ එහේ. රාජපක්ෂලා කරපු සියලු තක්කඩි වැඩ අනුමත කරමින් මැද මුලන වලව්වේ ලැඟගෙනයි ඩලස් හිටියේ.රාජපක්ෂ දේශපාලන වලව්වේ හිටපු ප්රධාන මුර බල්ලෝ තුන්දෙනා තමයි ඩලස්,විමල්,ගම්මන්පිල කියලා කියන්නේ.
හැබැයි ජවිපෙට තවමත් විමල් ද්රෝහියා ඩලස් වීරයා.ඩිලාන් පෙරේරා කියන්නේ පෙඩරල්වාදය කරේ තියාගත්ත ජවිපෙ භාෂාවෙන් කිව්වොත් ප්රති විප්ලවවාදියෙක්. දෙමළ බෙදුම්වාදී මතවාදයට ගොඩක් කිට්ටු කෙනෙක්.ඩලස් වගේම රාජපක්ෂලාගේ කිලිටි හෝදපු කෙනෙක්.ඊළගට නාලක ගොඩහේවා. Xpress parl නැවෙන් අපේ පරිසරයට උණු හානිය වහන්න සහ රාජපක්ෂ ආණ්ඩුවෙන් උන වැරැද්ද වහන්න ඉතා නින්දිත උත්සාහයක් නාලක ගොඩහේවා ගත්තා.
නැවේ තිබුණ විෂය රසායන ද්රව්ය ශරීර ගතවෙලා මුහුදු ජීවින් මැරෙනකොට නාලක ගොඩහේවා කිව්වේ වාරකන් කාලෙට කැස්බෑවෝ මැරෙන්න ගොඩට එනවා කියලා. ඊළගට මහාචාර්ය චන්න ජයසුමනත් එතන ඉන්නවා.මිනිහා පට්ට සිංහල ජාතිවාදියෙක්. වෛදය ෂාෆි සිංහල මව්වරුන්ගේ පැලෝපීය නාලය අතින් පළඳු කරලා එයාලා වඳභාවයට පත් කරනවා කියලා මේ රටේ ආගම්වාදය අවුස්සපු අන්තවාදීන් අතර චන්නත් එක්කෙනෙක්.උතුරුමැද ප්රදේශයේ සීග්රයෙන් පැතිරුණු වකුගඩු රෝගයට අදාල පරීක්ෂණවලට තොරතුරු දුන්න නාථ දෙවියන් වගේ පිටසක්වල ජීවින් එක්ක ගනුදෙනු කරන කෙනෙක් තමයි චන්න ජයසුමන.
තව ඉතිං ජීඑල් පීරිස්ලත් එතන ඉන්නවා. කොහොම හරි ලාල් කියන කැටගරියේ ඔක්කොම නිදහස ජනතා සභාවේ ඉන්නවා. ජාතිවාදීන්,ආගම්වාදීන්,මිත්යා දෘෂ්ටිකයන්, බොරුකාරයන්,දේශපාලන වහළුන් ඔක්කොම ඉන්නවා.සමහරවිට ඒ කණ්ඩායමත් එක්ක කතා කළේ ලාල් කියපු ආගම්වාදීන්,ජාතිවාදින් එකතු කරගැනීම ගැන මූලස්ථාන ආදර්ශය පෙන්නන්න වෙන්නත් බැරි නෑ.දැන් ජවිපෙ වැඩවසම් විප්ලවවාදීන්ටයි හිටපු රාජපක්ෂ දේශපාලන වහළුන්ටයි ලංකවේ දේශපාලන භූමියේ ඇති තරම් පහරන්න පුළුවන්.
ඇත්තටම ජවිපෙ කොච්චර දේශපාලන වශයෙන් කුහකද?ඔයාලා දන්නවා දැනටමත් ලංකාවේ දේශපාලනයේ නිරත වෙන ජවිපෙන් වෙන්වුන කණ්‌ඩායම් ගණනාවක් ඉන්නවා. විමල්ගේ ජාතික නිදහස් පෙරමුණ,ප්රේම කුමාර ගුණරත්නම්ගේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය, සෝමවංශ අමරසිංහගේ මහජන සේවක පක්ෂය.තව කණ්ඩායම් ගණනාවක් ඉන්නවා. විමල් එක වෙලාවක ලාල් හරහා එකට වැඩ කරන්න යෝජනාවක් ජවිපෙට කරලා තිබුණා. රටේ රාළ අහන්නේ ඩලස් හොඳ නම් විමල් නරක ඇයි කියලා.
ඒ වගේම පෙරටුගාමීන් සහ ජවිපෙ පහුගිය දවස්වල එකතු වෙන්නම ගියා.අනුර තමයි කිව්වේ කුමාර සහෝදරයත් එක්ක සියල්ල කතා කරලා ඉවරයි කියලා.රටේ රාළ අහන්නේ ප්රේම කුමාර නරක් වෙලා ඩලස් හොද වෙන්නේ,ඩිලාන් හොඳ වෙන්නේ කොහොමද කියලයි.ඇත්තටම දැන් ඉන්න නායකයන්ට වඩා පක්ෂය වෙනුවෙන් වැඩිම කැපකිරීම් කරපු,දාඩිය මහන්සියට වගුරවපු එකම සංස්කෘතියේ ජීවත් වෙච්චි අය ඉන්නේ එළියේ. එයාලා ද්රෝහීන්වෙලා ඩලස්ලා සුද්ධවන්තයෝ වෙන්නේ කොහොමද?
ජවිපෙ ඩලස්ලට සළකන විදිහට නෙවෙයි එයාලට ජවිපෙ සැලකුවේ.ඒකත් මේ රටේ ජනතාව දැනගන්න ඕනි.මුලදී ජවිපෙන් අයින් වුන අයගේ ගෙවල්වලට පැනලා ගැහුවා. ජවිපෙ ඒ වෙනකොට හිටිය දිස්ත්රික් ලේකම්ලා එකක් ඉතා රහසිගත මෙහෙයුමක් ඒ වෙනුවෙන් කළා.තමන්ගේ සාමාජිකයාට ජවිපෙ නායකයන් කියලා තිබුණේ ෂොපින් කවරයක් අරන් අදාල කෙනාගේ ගේ ළඟට ගිහින් අර කවරයට ශරීරකෘතයය කරලා ඒ ගෙදරට ගහලා එන්න කියලා.පියසිරි විජේනායක සහ ජයන්ත සමරවීරගේ ඔළුවට අසුචි බාල්දියක් හැලුවේ ජවිපෙ මාතලේ සාමාජිකයන්.
රත්නපුරේ දිපාල් ගුණසේකරට අසුච්චි පැකට් එකකින් ගහලා පැනලා දිවිවේ ජවිපෙ රතනපුර ප්රාදේශීය සභා මන්ත්රී.කෑගල්ලේ දැන් ඉන්න ජානීපෙ දිස්ත්රික් නායක සුරංගගේ කාර් එක පුරා අසූච්චි ගාලා ගියේ ජවිපෙ දැරණියගල එදා හිටපු සාමාජිකයෙක්.තව ගහපු තැන් ගණනාවක් තියනවා.ජවිපෙ මහත්වරුන්ට ඒ වැඩේ කරන්න බැරි වුනේ රටේ රාළට විතරයි.රටේ රාළ කෑගල්ලේ හිටපු ගෙදරට ජවිපෙ එදා හිටපු දිස්ත්රික් ලේකම් සහ කැගල්ල ප්රාදේශීය සභා මන්ත්රීයි තවත් එක්කෙනෙකුයි අසූච්චි පැකට් තුනත් අරන් රෑ දොළහට විතර ආවා.හැබැයි රටේ රාළ හදලා තිබුණ ආරක්ෂක වැඩපිලිවෙල ඉස්සරහා තුන්දෙනා පැකට් තුන මහ පාරේ දාලා පැනලා දිව්වා.
අද ඒ අය ජවිපෙත් එක්ක නෑ.එයාලා ගෝල්ෆේස් අරගලය ඇතුලේදී හම්බ වෙලා රටේ රාළට ඒ ගැන කනගාටුව ප්රකාශ කළා. ජවිපෙට දැන් උනත් පුළුවන් මේවා පක්ෂයට කරන අපහාස නම් රටේ රාළටත් එන්තරාවාසියක් එවන්න.නීතිමය ක්රියා මාර්ග ගන්න.මේවා ගැන සාක්ෂි නොනැසී තවමත් තියනවා.ඒ වගේම මේ ගොඩක් තැන්වල මන්ත්රී ආරක්ෂකයන් හිටියා.ජවිපෙ එක වෙලාවක විමල් ඝාතනය කරන්න සැලැස්මක් හැදුවා.ඒකට යොදා ගත්තේ කළුතර දිස්ත්රික්කයේ ජවිපෙ ක්රියාකාරිකයෙක්.
ජවිපෙන් විමල්ලා වෙන් උන වෙලාවේ ජවිපෙ එයාව ජානීපෙය ඇතුළට සැලසුම් සහගතව එව්වා.එයා ජානීපෙ මධ්යම කාරක සහාව දක්වා ආවා.එයාගේ සැකකටයුතු හැසිරීම නිසා දේශපාලන මණ්‌ඩලයට ගත්තේ නෑ. එයාගේ පළවෙනි සැලසුම වෙලා තිබුණේ විමල්ගේ ආරක්ෂකයෙක් ගෙන් අවියක් උදුරගෙන විමල්ට වෙඩි තියන්න.ඒත් කැප්ටන් ජාගොඩ ඇතුළු හමුදා කණ්ඩායම එයාට ඒ අවස්ථාව ගන්න ඉඩක් තිබ්බේ නෑ.පස්සේ එයා තීරණය කරලා තිබුණේ විමල්ට විෂ ගහලා මරන්න.
ඒ ගැන එයා විමල්ගේ නොවන ආරක්ෂක නිලධාරියෙක් එක්ක කතා කරලා තිබ්බා.ඒ ආරක්ෂක නිලධාරියා ඒක ගැන පක්ෂය දැනුවත් කළා.ඊට පස්සේ එයා පාපෝච්චාරණයක් කරලා තිබුණා.ඒ පාපෝච්චාරණය ආරක්ෂක අංශ අතේ තියෙන්න ඕනි.එයා ඒ මෙහෙයුම පිටිපස්සේ හිටපු ජවිපෙ නායකයන් ගැන කියලා තිබුණා. විමල් ඝාතනයෙන් පස්සේ එයාට රට පනින්න සියල්ල ලෑස්ති කරලා තිබිලා තියනවා. අත්තඩංගුවට පත්වුනොත් එයාගේ මුළු පවුල නඩත්තු කරන්න පක්ෂය බාර අරන් තිබුන බව එයා පාපොච්චාරණය කරලා තිබුණා.
ඇත්තටම මේ චෝදනාව බොරුවක් නම් දැන් ටිල්වින්ට පුළුවන් රටේ රාළට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගන්න.රටේ රාළ ඇවිත් ටිල්වින්ලා එවපු කෙනාගේ නමත් එක්ක ඔක්කොම විස්තර දෙන්නම්.රටේ රාළටත් කෑගල්ලෙදී දෙපාරක් වැඩේ දෙන්න හැදුවා. ඒවා ගැනත් විස්තර කියන්න පුළුවන්.ඊළගට පෙරටුගාමින් වෙන් උනාට පස්සේ ප්රේම කුමාර ගුණරත්නම් ගැන ඔත්තු ආරක්ෂක අංශයට දුන්නේ අනුර බව ගෝඨාභය කිව්වා.අනුර කියලා තිබුණේ අඩුම ගාණේ ප්රේමකුමාර අල්ලලා රටින් පිට කරන්න කියලයි.
ගෝඨාභය කියන විදිහට බුද්ධි අංශ ප්රේම කුමාරගේ ෆොටෝ එක තහවුරු කරගන්නේ අනුරට කියලා.එදා ප්රේම කුමාර පැහැරගෙන ගිය දවසේ ඕස්ට්රේලියාවේ තානාපති කාර්යාලය ඉදිරිපත් වුනේ නැත්තං අනුරගේ බලාපොරොත්තුව එදාම ඉෂ්ඨ වෙනවා.ඒ වගේම වර්තමාන ජවිපෙට ජීවය පිමිඹ සෝමවංශ අමරසිංහට පිස්සු කියන ප්රචාරය ඇරියේ ජවිපෙ හතර දෙනාගේ කල්ලිය. ඇත්තටම සෝමවංශට තව ගොඩ කාලයක් ජීවත් වෙන්න තිබුණ කෙනෙක්.සෝමවංශට කිසිම ලෙඩක් තිබිබේ නෑ.
ජවිපෙ දුන්න පීඩනයෙන් තමයි සෝමවංශ නහරක් පුපුරලා මැරෙන්නේ.ඒ වගේම ජවිපෙ නමින් 71 අරගලයේදී දහදාහකට ආසන්න සහෝදර සහෝදරියෝ ජීවිත පරිත්යාග කළා. තවත් විශාල පිරිසකට යන එන මං නැතිවෙලා අදත් හූල්ල හූල්ල ජීවත් වෙනවා.88/89 දී තවත් 60000 ක් ජවිපෙ නමින් දිවි පිදුවා.තවමත් ජීවිතය ගැට ගහගන්න බැරි අය ඉන්නවා. තවමත් තමන්ගේ දරුවා එයි කියලා බලා ඉන්න වයෝවෘද අම්මා,අප්පච්චිලා ඉන්නවා. අඩුම ගානේ ඔය එක නායකයෙක් ඒ ගෙදරකට ගොඩවෙලා නෑ.
ඒ අම්මෙකුට,අප්පච්චි කෙනෙකුට පැනඩෝල් පෙත්තක් අරන් දීලා නෑ.එහෙමයි ජවිපෙ තමන් එක්ක හිටිය පක්ෂය වෙනුවෙන් ලේ කදුළු දහඩිය හලපු සහ අන්තීමට ජීවිත පූජා කරපු පක්ෂ සාමාජිකයාට සළකාලා තියෙන්නේ.අද ජවිපෙ බුද්ධි අංශවලට තොරතුරු දෙනවා කියන සැකය රටේ රාළට නං තියනවා.අන්තරය,පෙරටුගාමීන් සහ රටේ රාළ බළකාය තමයි ජවිපෙ ඉලක්කය.කොළඹ වටකරන්න ගිහින් මියගිය තමන්ගේ සාමාජිකයා වෙනුවෙන් නීතිමය පියවර ගන්න ජවිපෙට පුලුවන්කම තිබුණා.
ඒත් ජවිපෙ ඒවට අත තියන්නේ නෑ.පහුගිය කාලේ රටේ භාවිතා කරපු කදුළු ගෑස් කල් ඉකුත් වෙලා කියලා වාර්තාවක් පිටවෙලා තියනවා.හැබැයි පොලිස් ඇමතිට කවදාවත් විවේචනයක් ඉදිරිපත් කරන්න ජවිපෙට කොන්දක් තිබුණේ නෑ.ජවිපෙ කියන්නේ තමන්ගේ පන්තියේ මිනිස්සුන්ට බරපතල විදිහට හිරිහැර කරපු පක්ෂයක්.ජවිපෙන් අයින් උන සමහර අය තවමත් ගත කරන්නේ රහසිගත ජීවිත.ඒ ජවිපෙට බයේ.රටේ රාළ තවමත් ජවිපෙට සම්බන්ධ ගෙදරකින් වතුර එකක්වත් බොන්නේ නෑ.
ජවිපෙ මූලස්ථානයේ දොර ඩලස්ලට ඇරුනට තමන්ගේ පන්තියේ අයට ඇරෙන්නේ නෑ. පන්තියේ අය වෙනුවෙන් ෆයිල් එකක් නං ඇරලා තියන බව ආරංචියි.ජවිපෙ පන්ති හතුරන්ගේ ලිස්ට් එකක් මූලස්ථානයයේ තියනවාලු.ජවිපෙ බලයට පත් උනොත් සළකන්න බලාගෙන.එදා ජවිපෙ දේශපාලන කිරීම නිසා ගොඩක් අය හමුදාව පොලීසිය අතින් මැරුම් කන්න වෙන බව දැනගෙන මරණ වරෙන්තුවත් අතේ තියාගෙන පක්ෂයේ වැඩ කළා.එතකොට අනුරලා පක්ෂය දාලා පැනලා ගිහින් හැංගිලා.
සමහරු අත් උස්සලා ආයුධයත් එක්ක යටත් වෙලා.අද ජවිපෙ නායකයන් බහුතරය ඒ ඉතිහාසයට සම්බන්ධ පාවාදුන් අය.අවාසනාව කියන්නේ එදා ජවිපෙ හිටපු ඇත්ත සාමාජිකයාට අද ජවිපෙ අතින් මැරුම් කන්න වෙයි කියන සැකය තියනවා.විමල්ට ජවිපෙ කරන්න හදපු වැඩෙන් ඒක තහවුරු වෙනවා. හෑබැයි 1994 න් පස්සේ මේ රටේ පාලකයන් ජවිපෙට එරෙහිව ගෙනාපු මර්ධන නීතිවලට,අණ පනත්වලට අත උස්සපු ඩලස්ලට, ඩිලාන්ලට ඕනි වෙලාවක ජවිපෙ මූලස්ථානයේ දොර ඇරෙනවා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට

රටේ රාළ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *