2023 තුළ ඩොලර් මිලියන 701ක සෘජු විදේශ ආයෝජන ලැබිලා – දිලුම් අමුණුගම

sharethis sharing button

 

මේ වසරේ ඉලක්කය සෘජු විදේශ ආයෝජන ඩොලර් බිලියනයක් මෙරටට ගෙන්වීම බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඩොලර් මිලියන 701ක සෘජු විදේශ ආයෝජන 2023 වසරේ මේ දක්වා වූ කාලය තුළ රටට ලැබී ඇති බවද ඔහු පවසයි.

“මේ වසරට අපිට දීලා තියෙන ඉලක්කය, අයෝජන මණ්ඩලයට දීලා තියෙන ඉලක්කය ඩොලර් බිලියනයක්. දැන් අපි ඉන්නේ මේකේ පළමු කාර්තුවේ. දැනට අපිට ඩොලර් මිලියන 701ක ආයෝජන ඇවිල්ලා තියෙනවා මුදල්. අපි පළමු කාර්තුවේ මෙහෙම කරලා තියෙනවා. දැනට මගේ ළඟ තියෙනවා ගිවිසුම් අත්සන් කරන්න ඩොලර් මිලියන 280ක චීන ව්‍යාපෘතියක්. පරණ වාහන ගෙනල්ලා ප්‍රතිචක්‍රීකරණය කරන එකක්. ඒ වගේම ඩොලර් මිලියන 250ක කොරියානු ආයෝජනයක් තියෙනවා පිත්තල ආශ්‍රිත ව්‍යාපෘතියක්. මේ දෙක එකට කරපුවාහම අපි ටාගට් එක පනිනවා පළමු මාස 5ට. ඒ වගේම ඩොලර් බිලියන 1.6ක පිරිපහදුවක් එනවා හම්බන්තොටට. ඒ වගේම අපි ත්‍රිකුණාමලයේ කරන්න තියෙන සංවර්ධනය එක්ක. මට පේන විදියට අපිට දීලා තියෙන්නේ ඩොලර් බිලියනයක් වුණාට අපිට ඩොලර් බිලියන 3කට වගේ යන්න පුළුවන් තත්ත්වයක් පේනවා.”

යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

සටහන – රෂිකා හෙන්නායක

LNW

Leave a Reply

Your email address will not be published. Required fields are marked *