රජය අරාජිකත්වයට ගමන් කරනවා- නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහල

මම හිතන්නේ මේ රටේ මාධ්‍යවල මේ දිනවල බොහෝවිට කථාකරන එක ප්‍රස්තුතයක් තමයි වර්තමාන රජය අරාජික තත්ත්වයක පවතිනවා කියන කථාව. පුරවැසි බලය කථා කරන බොහෝ දේවල් තමයි අද බොහෝ මාධ්‍යවල ප්‍රවෘත්ති හැටියට පලවන්නේ. විශේෂයෙන්ම රජය අරාජිිකවාදය කරා ගමන්කරනවා කියන එක ඒ අතර ප්‍රධානයි. ඒකේ එක පැත්තකින් ඇත්තකුත් තියෙනවා. අපි දකින ආකාරයට බොහෝ වෙලාවට කරන්නට අවශ්‍ය කටයුතු පසෙක තබා අනවශ්‍ය දේවලටයි ආණ්ඩුව අතගසන්නේ. එකක් තමයි රටේ නොයෙකුත් ප්‍රශ්ණ ති්බියදි පසුගිය කාලයේ පාරේ දඩ මුදල් පිළිබඳ ඇති වූ ප්‍රශ්නය. ඇත්ත තමයි රටේ පාරවල ඉතාමත් අශීලාචාර ආකාරයට තමයි කළමණාකරනය වී තිබෙන්නේ. ඒකට එක විසඳුමක් තමයි තදබල දඩමුදල් ඇතිකරන එක. නමුත් මම හිතනවා කලාකරුවෙක් හැටියට අපේ රටේ අශීලාචාර පාර පමණක් නොවේ. අශිලාචාරකම මුලු සමාජය පුරාම ව්‍යාප්ත වී තිබේ. විශේෂයෙන්ම මම දකින විද්්‍යුත් ජනමාධ්‍ය ඔස්සේ අශිලාචාරකම වගාකරන මිත්‍යාව වගාකරන ව්‍යාපාරයක් දියත්වෙමින් ඇත. අපේ සිවිල් සමාජයේ ක්‍රියාධරයින්ට වගකීමක් වන එක පැත්තක් තමයි ජනතාව මේ මිත්‍යාවෙන් ගලවා ගැනීම.
දඩ මුදල් සම්බන්ධයෙන් කරගෙන ගිය කටයුත්තේ දී අපි දැක්කේ මුලු සමාජයම එතනදී රජයත් සමග එකට සිටගත් බවක්. ඒක ජනතාව අනුමත කළා කියන එකයි එයින් අදහස් වන්නේ. ඒ දඩ මුදල් මේ ආකාරයට පනවන එක යහපත්. මක්නිසා ද යත්, පාරේ තිබෙන මේ අශිලාචාරකම නැති කරන්නට. නමුත් අවාසනාවකට අර අරාජකවාදය තුළ ජනතාව රජය කළ දෙයක් අනුමත කළ අවස්ථාවේ, ඒ දඩ මුදල් ප්‍රශ්නයෙන් ආණ්ඩුව ඉවත් විය. ඒවා ක්‍රියාත්මක කරන එක අත්හිටෙව්වේ ය. අන්න මිනිස්සු හිතන දෙයක් එතන තිබේ. ඇයි මේ සමාජයට යහපතක් වෙන්න තිබූ දෙයක් කරන විට ඒකට කුඩා විරෝධතාවයක් පැමිණියාම ආණ්ඩුව ඒකෙන් ඉවත් වන්නේ. ඒක තමයි අරාජිකත්වය. අපි දකින ආකාරයට ඒකයි අපිට පෙනෙන්නේ. ඒකට එක හේතුවක් ලෙස මා දකින්නේ, බොහෝ වෙලාවට මේ බස් අයිතිකාරයෝ අතර ඉන්නවා රාජ්‍යට සම්බන්ධ ව්‍යාපාරිකයෝ. විශේෂයෙන් පලාත් සභා ඇමතිවරු, මන්ත්‍රිවරු මේ බස් හිමියෝ අතර සිටිති. ඒ අයට මේ දඩය ප්‍රශ්නයක් වන නිසා මේක ඉවත්කර ගත්තාය කියන අදහස අපිට මතුවේ. නැතිනම් කුමක් ද හේතුව සමාජයට යහපතක් වෙන්න ගෙනා දඩයක් ඉවත්කර ගන්නේ ඇයි මේ සුළුතර පිරිසකගේ විරෝධය හේතුකොටගෙන. මම දකින්නේ මහා උද්ඝෝෂණ පැත්තක තිබිය දී සුලු පිරිසකගේ උද්ඝෝෂණවලට ආණ්ඩුව සවන්දෙනවා කියන එකයි මේකෙන් පෙනෙන්නේ. මේ ඇත්තටම අරාජිකත්වයකි. ඒ නිසා කාලකරුවෙක් හැටියට අපිට සිදුවී තිබෙනවා ප්‍රධාන කර්තව්‍ය ලෙස මේ මිත්‍යාව ගැන මාධ්‍ය පතුරවන ප්‍රචාරයන්ට එරෙහිව යන්නට.
ඒක තමයි අද මේ මොහොතේ සිවිල් සමාජයට කරන්නට තිබෙන්නේ. මම හිතන්නේ මිත්‍යාව රජකරන සමාජයක ඕනෑම දෙයක් කරන්නට පුළුවන් බලවන්තයින්ට. ඒ මක්නිසාද කියනවා නම් ඒ හැම දේටම මිත්‍යාව ඉස්සරහාට දාලා තමයි ඒවා කරන්නේ. මේ දිනවල අපි දකිනවා ජනාධිපතිතුමා මැරෙනවා කියලා කියන මිත්‍යාවක් යනවා. මෙහෙම සමාජයක් මම දන්නේ නෑ, ජීවත්ව සිටින මිනිසුන් මරන්නට ප්‍රචාර පතුරවන. ඒක තුළ තිබෙන්නේ අර අරාජිකත්වයයි. ඒ වගේ දේවලට අපි එරෙහි විය යුතු ය. සිවිල් සමාජය කටයුතු කරන්නේ අන්න ඒ වෙනුවෙනි. දැන් අපිට විරුද්ධව යන බලවේගයත් ඒකයි. අපිට මඩ ගහන්නෙත් ඒකයි, අපි හැකි තරම් උත්සහා දරන්නේ සාමාන්‍ය මිනිසුන්ට තමන්ගේ අවධානයෙන් ඇත්වි තිබෙන දේවල් අවධානයට යොමුකර ඒ අය දැණුවත් කරන්නට ය. අපි දන්න තරමින් ලංකාව කොච්චර ශාක්ෂරතාවයෙන් යුතු රටක් කීවත්, මිනිස්සු බුද්ධියෙන් හීනයි කියන එක ඉතාමත්ම පැහැදිළි යි. ඒ නිසා තමයි මිත්‍යාව මේතරම් ලෙහෙසියෙන් අලෙවි කරන්නට හැකි භාණ්ඩයක් බවට පත්වෙලා තියෙන්නේ. ආගම ඔස්සේ, විවිධ වන්දනා මාන ඔස්සේ හා භක්තිය ඔස්සේ අද මිනිසුන්ව අන්ධ ගමනක් කරා ගෙනයන බව අපිට පැහැදිළියි. ඉතින් මේ අන්ධභාවය තුළ ජාතිකවාදය, ජාතිවාදය, ආගම්වාදය තදින් පෙල ගැසෙන්නට පුළුවන. ඒක දේශපාලනයට නතුකරගන්නට පුළුවන් මේ මිනිස්සුන්ගේ නොදැණුවත්කම. ඒ කියන්නේ මිත්‍යාවට තියෙන ඇබ්බැහිකම. අපි දැක්කේ පසුගිය කාලයේම මේ මිනිස්සුන් මේ මිත්‍යාවෙන් ගලවා ගන්නේ නැතව නම් අපි කියන දේවල් යථාවාදිව මිනිසුන්ට අවබෝධ කරගන්නට තියෙන ඉඩකඩ මදි බවයි. අපි මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා මිනිසුන් මිත්‍යාවකරා ගෙන යන මේ ගමන වලක්වන්නට පුලුවන් තරම් මේ සිවිල් සමාජයට උදව්කරන ලෙස. සිවිල් සමාජය ඉදිරියේ තිබෙන විශාල බාධකයක් මේ මිත්‍යාව. ආගම ඔස්සේ තමයි මේක ගෙන යන්නේ. ඒ තුලින් තමයි ජාතිවාදයට එන්නේ. ආගම්වාදයට ඉඩ තියෙන්නේ. ඒක තමයි අපිට තියෙන අනාගත අභියෝගය.
අපි දන්නවා ලෝකයේ හොඳ ජනාධිපතිවරු ඉදලා තිබෙනවා. පසුගිය කාලයේ අපි දැක්කා නොබෙල් සම්මානය ලැබෙනවා කොලොම්බියානු ජනාධිපතිතුමාට. අවුරුද් 52ක් තිස්සේ තිබූ ත්‍රස්තවාදයක් තුන්වෙනි පාර්ශවයක් නැතිව, පාර්ශව දෙක එකතුවි විසඳා ගත්තේ ය. ඔහුට සම්මානය ලැබුණේ ඒ නිසා ය. ඔහුගෙන් මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කරනවා ජනමත විචාරණයෙන් ඔබගේ අදහස පරාජයවුනා නේද කියලා. එයා කියනවා රටේ සියලුම ජනතාව මේ ගැන දැනුවත්වෙලා නැතුව ඇති. නමුත් ඒක දශම ගණනකින් පැරදුනේ. ඒ නිසා මම තීරණය කළා ඊ ළග අයවැය ලේඛනයෙන් ආරක්ෂක වියදම්වලින් අඩුකර ජනතාව දැනවත් කිරීම සඳහා අධ්‍යාපනයට වැඩියෙන් මුදලක් වෙන් කරන්නට. මෙන්න ජනතාව කෙරෙහි විශ්වාසය තියෙන ජනාධිපතිවරු. ආරක්ෂක හමුදාවට වඩා කොලොම්බියානු ජනාධිපතිවරයාට ජනතාව විශ්වාස ය. මම හිතන්නේ අපි යන්නට ඕනේ එතනට. ජනතාව සමග ඉන්න ගමනක් මිසක් වෙනත් බලවේග කෙරෙහි විශ්වාස කිරීම නරකයි. අපේ සිවිල් සමාජයට පහර ගහනවා. බොරු පතුරුවනවා. එහෙම වෙන්නේ ජනතාව සමග අපි ගමන්කරන නිසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *