රනිල් පරද්දන්න බැහැ ; සම්මුතියකට යමු – සජබ ප්‍රබල පිරිසක් සජිත්ට කියති

දැන් වර්ධනය වී ඇති දේශපාලන තත්ත්වය තුළ ඉදිරි ජනාධිපතිවරණයක දී රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කිරීමේ හැකියාවක් නැති බවත්, කළ යුතු වන්නේ එජාප සමග සන්ධාන ගත වී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ඉදිරි ආණ්ඩුවක් පිහුටුවීමට උත්සහ දැරීම බවත්, සමගි ජන බලවේගයේ ප්‍රබල පිරිසක් එහි නායක සජිත් ප්‍රේමදාස මහතාට පෙන්වා දී ඇති බව තතුදත් දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

රනිල් ,සජිත් එකතුවිය යුතු බවට රෝහිනී කවිරත්න මන්ත්‍රී තුමිය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ පක්ෂ අභ්‍යන්තරයේ පවතින මෙම අදහස නිසා බව කියති. කබීර් හසීම් මන්ත්‍රීවරයා ද එබඳු ම අදහසක් ප්‍රකාශ කොට තිබිණි.

ඒ අතර සජබ තවත් මන්ත්‍රී පිරිසක් ජනාධිපතිවරණයක දී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට දැනටමත් පොරොන්දු දී ඇති බව ද දැනගන්නට ඇත.

එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය දා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපති තේරීමේ දී සජබ පිරිසක් රහසේ රනිල්ට ඡන්දය දුන් බවයි.

මේ අතර ජනාධිපතිවරණයක දී විපක්ෂ සන්ධානයක් ගොඩ නැගීමට ඩලස් අලහප්පෙරුම කණ්ඩායම ද කටයුතු කරමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *