|

ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු වසරකට ණය ගෙවන්නේ ඩොලර් බිලියන තුනයි

 

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු වාර්ෂිකව ගෙවීමට සිදුවන්නේ ඩොලර් බිලියන 3 ක් පමණ බවත්, එය එතරම් අපහසු නැති බවත්, එයින් විනිමය අනුපාතයට බලපෑමක් නොවන බවත්, මහ බැංකු අධිපති  ආචාර්ය  නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

එය පෙර පැවති වසරකට ඩොලර් බිලියන 6 මට්ටමේ සිට අඩකින් අඩුවීමකි.

ණය ගෙවීම ආරම්භවීමෙන් පසු යලිත් අර්බුදයක් ඇති වන බවට ඇතැම් පිරිස් කරන ප්‍රචාරයේ සත්‍යතාවයක් නැති බව ද මහ බැංකු අධිපතිවරයා කියයි.

මේ වනවිට ණය ගෙවීමේ අනුපාතය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9.3 කි. ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු එය සියයට 4.5 දක්වා අඩු වනු ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *