ණය ගත්ත හැමෝගේම පොලී අඩු කරන්න මහ බැංකුවෙන් සැලැස්මක්

දැනට බැංකුවලින් ණය ලබාගෙන ඇති සියලු දෙනා විසින් ගෙවනු ලබන පොලී, ක්‍රමානුකූලව අඩු කිරීම සඳහා කටයුතු කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (24) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය. ඒ අනුව හෙට දිනයේ දී මේ සඳහා චක්‍ර ලේඛයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“හැම ණය ගත්ත කෙනාගේම ගෙවන පොලිය ක්‍රමානුකූලව ඉදිරි කාලය තුළ දැනට අඩු වී ගෙන යන වේගයට වඩා වැඩි වේගයකින් අඩු වෙයි කියන බලාපොරාත්තුව ඇතුව තමයි මේ චක්‍රලේඛය නිකුත් කරන්නේ.“

“එතනදී දැන් තියෙන ප්‍රතිපත්ති පොලී අනුපාතය සියයට 12යි. එතකොට වෙළෙඳපොළ පොලි අනුපාත ඒකට සාපේක්ෂව කොයි මට්ටමක තියෙන්න ඕනේද, ඒ අනුව කොපමණ කාලයක් ඒ සඳහා බැංකුවලට අවශ්‍ය වෙනවාද, ඒගොල්ලන්ගේ අරමුදල් පිරිවැයත් බලලා, සාමාන්‍යයෙන් අපි කල්පනා කරන්නේ ඉදිරි මාස 03 ඇතුළත ඔක්තෝබර් මාසය අවසන් වෙන්න කලින් සහ දෙසැම්බර් මාසය අවසන් වෙන්න කලින් අඩුම වශයෙන් තියෙන පොලී අනුපාතවල තියෙන වෙනස සියයට 3කින් වත් ගැප් එක අඩුවෙන්න ඕනේ කියලා.“

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *