උපරිම බැංකු පොලිය මහ බැංකුවෙන් නියම කරයි

 

නිත්‍ය පොලී අනුපාත නොවෙනස්ව තැබීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇති අතර උපරිම බැංකු පොලී අනුපාත නියම කොට තිබේ.

 

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින් සියයට 11.00 සහ සියයට 12.00ක මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කර ඇත.

2023 ජූනි මාසයේ සිට ක්‍රියාත්මක වූ මූල්‍ය තත්ත්වයන් සැලකිය යුතු ලෙස ලිහිල් කිරීම සැලකිල්ලට ගනිමින් දේශීය මෙන්ම ගෝලීය ආර්ථිකයේ වත්මන් සහ අපේක්ෂිත වර්ධනයන් පිළිබඳ සියුම් විශ්ලේෂණයකින් අනතුරුව ඊයේ(23) පැවති රැස්වීමේදී මුදල් මණ්ඩලය මෙම තීරණයට එළැඹ ඇත.

එසේම මෑතකාලීන මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ගවලට අනුකූලව සමස්ත වෙළෙඳපොළ ණය පොලී අනුපාතවල වේගවත් අඩුවීමක් මණ්ඩලය අපේක්ෂා කරයි.

මේ අතර උකස් පහසුකම් සඳහා වාර්ෂිකව 18%ක උපරිම පොලී අනුපාත සීමාවක් පැනවීම ද ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. තාවකාලික අයිරා මත වාර්ෂිකව සියයට 23ක සීමාවක් සහ ක්‍රෙඩිට් කාඩ් පහසුකම් මත වාර්ෂිකව 28%ක පොලි සීමාවක් පැනවීමටත් ඔවුන් තීරණය කළේය.

සියලුම බලපත්‍ර ලාභී බැංකු වෙත මෙම නියෝග නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *