මේ තියෙන ව්‍යවස්ථාව වඳ ව්‍යවස්ථාවක්. අපේ ඉල්ලීම තමයි නව ව්‍යවස්ථාවක් අති කිරීම ප‍්‍රමුඛ කාර්ය කරගන්න කියන එක – නීතිඥ නාමල් රාජපක්‍ෂ

මේ තියෙන ව්‍යවස්ථාව වඳ ව්‍යවස්ථාවක්. මේක කිසිදු ක‍්‍රමවේදයකට ගොඩනගපු ව්‍යවස්ථාවක් නෙමයි. මේක එක එක්කෙනාගෙ උවමනාවන් එක්ක ගොඩනගපු ව්‍යවස්ථාවක්. මේ ව්‍යවස්ථාවත් එක්ක තවදුරටත් යන්න බෑ. අපේ ඉල්ලීම තමයි නව ව්‍යවස්ථාවක් අති කිරීම ප‍්‍රමුඛ කාර්ය කරගන්න කියන එක.

පසුගිය ආණ්ඩුව කාලේ නම් මහාපරිමාණ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කෙරුව. ඒත් මේ ආණ්ඩුවෙන් සංවර්ධනය උදෙසා කිසිදෙයක් කෙරෙන්නෙ නෑ කියල චෝදනාවක් තියෙනව.

පසුගිය ආණ්ඩුව කාලේ එක් එක් අමාත්‍යාංශවලින් මහා පරිමාණ ව්‍යාපෘති පටන් ගත්ත. ඒව සද්භාවෙන් රටේ දියුණුව සඳහා කරපුවද කියල බලන්න  ඕනෙ. ඒවායේ වංචාවන් දැන් හෙළිවෙමින් තියෙනවා. මේ ගැන ප‍්‍රශ්න කරනවිට කියනව, මේව කැබිනට් එකෙන් අනුමත වෙච්ච ඒව කියල. මේවා ‘රාජපක්‍ෂ කැබිනට් එකෙන්’ අනුමත වුනත් ක‍්‍රියාත්මක කිරීමේදී මහා පරිමාණ වංචා සිදුවෙලා තියෙනව. සාමාන්‍ය අමාත්‍ය මණ්ඩල රැුස්වීමෙන් යම්කිසි ව්‍යාපෘතියක් අනුමත කරන්නෙ රටේ යහපත සඳහායි. එහෙත් මේ ව්‍යාපෘති අනුමත වෙලා තියෙන්නේ රටේ යහපත සඳහා නෙමයි. රාජපක්‍ෂ පවුලේ යහපත සඳහා.

ඒ අතරින් එකක් ගැන පැහැදිලි කිරීමක් කරනව නම්…..

චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගෙ රජය කාලේ නොරොච්චෝලෙ විදුලි බලාගාරය පටන් ගන්න සූදානම් වුණත් ජනතා විරෝධතාවය නිසා ඒක නතර කරල තිබුණ. එයට විශාල වශයෙන් පරිසර හිතකාමීන්ගෙන් ආව බලපෑම් හේතු වුණා. නමුත් මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවෙන් යළිත් මෙය පටන් ගන්න සූදානම් වුණා. ඒ ව්‍යාපෘතිය බාර ලේකම් වරය වශයෙන් විශ‍්‍රාමික නිලධාරියෙක් වන එම්. එම්. සී. ෆර්ඩිනස් කියන පුද්ගලය පත්කෙරුව. ජනාධිපතිතුමාගේ නියමයකින් කරන වැඩක් කියල, මේ පිළිබඳ කටයුතු කඩිනමින් කෙරුව. චීන සමාගමක් සමග ගිවිසුම් අත්සන් කරල වැඬේ පටන් ගත්ත. ඒ පිළිබඳව ප‍්‍රසම්පාදන කටයුතු කිසිවක් කෙරුවෙ නැහැ. හොඳ තත්ත්වයේ විදුලි බලාගාරයක් ගන්න යන මුදල් ප‍්‍රමාණයට වැඩි මුදල් ප‍්‍රමාණයක් මේ පැරණි, කබල් බලාගාරයට ගෙවල තියෙනව.

මේ ¥ෂණ පිළිබඳව හෙළිවුණත් පරීක්‍ෂණ පවත්වන්න හැකි වුනේ නැහැ කැබිනට් අනුමැතියක් ලැබිල තියෙන ව්‍යාපෘතියක් නිසා. අපි මේ පිළිබඳව පරීක්‍ෂණ කරන කොට හෙළි වුණා මේ ෆර්ඩිනස් කියන පුද්ගලය මේ කාලයේදී  ඕස්ටෙ‍්‍රලියාවෙන් ඉඩම් හතරක් මිලදී ගෙන තියෙනව. ඊට අමතරව ලංකාවෙන් ඉඩමක් මිලදී ගෙන එය බිරිඳගෙ නමට හරවල තියෙනව. මේ ඉඩම් මිලදීගෙන තියෙන්නේ මේ බලාගාරය ඉදිකිරීම් කරන වකවානුවෙදියි. ඒ කියන්නෙ 2008 – 2010 අතරතුර කාලෙදි.

මොහු සිය පුද්ගලික වියදමින් මෙම ඉඩම් මිලදී ගැනීම සිදුකෙරුව වෙන්න බැරිද?

කොහෙත්ම නෑ. මේ පුද්ගලයා රජයේ සේවකයෙක්. එවකට ධනවත් පුද්ගලයෙක් නෙමෙයි. මොහු විජේවර්ධන කියන මිතුරෙකුට මුදල් යවල ඒ මගින් තමයි මෙම ඉඩම් මිල දී ගෙන තිබෙන්නෙ. මේ ඉඩම් මිලදී ගෙන තියෙන්නෙ දුවගෙ හා පුතාගෙ නම්වලටයි. ඔවුන් ඒ වෙනකොට  ඕස්ටේ‍්‍රලියාවේ අධ්‍යාපන කටයුතු හදාරමින් සිටිය අය.

මේ පිළිබඳව වංචා විමර්ශන අංශයෙන් පරීක්‍ෂණ පැවැත්වුවම තොරතුරු හොයාගන්න පුලූවන් වෙනව.  කටු විතරක් කාලා මෙහෙම නම්, මස්කාපු උදවිය උපයා ගත් ධනය ගැන හිතාගන්න පුලූවන්.

වත්මන් ජනාධිපතිවරයගෙ පදවිප‍්‍රාප්තියට ලබන ජනවාරි 8 වෙනිදට දෙවර්ෂයක් සම්පූර්ණ වෙනව. වත්මන් ආණ්ඩුව වසර එක හමාරකට වඩා කාලයක් ගෙවා අවසන්. ගෙවී ගිය කාලය තුළ ආණ්ඩුවෙත්, ජනධිපතිවරයාගේත් භූමිකාව පිළිබඳව සෑහීමකට පත්වෙන්න පුලූවන්ද?

කොහෙත්ම බෑ. මේ රජය බලයට පත් වීමට පෙර ප‍්‍රබල කාරණා තුනක් කිව්ව. එකක් ¥ෂණයෙන් තොර රටක් කරනව කිව්ව. අනිත් එක ව්‍යවස්ථා සංසෝධනය. අනිත් එක යහපාළනය.

යහපාළනය කියන්නෙ ආණ්ඩු පෙරළන්න තියෙන සටන්පාඨයක් නෙමේ. යහපාළනයේ අංශ රාශියක් තියෙනව. එකක් තමයි රජයේ රැුකියාදීමේ දී සුදුසුසන්ට සුදුසු රැුකියා ලබාදීම. ඒක සිද්ධ වෙන්නෙ නෑ.

අනිත් එක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංසෝධනය. ඒක අඩාල වෙන්න හේතුව තමයි, මේ ආණ්ඩුවත් පසුගිය ආණ්ඩුව වගේම ඔවුන් පස්සෙ ගිය ගැත්තන්ට පමණයි තනතුරු ලබාදීම කළේ. ව්‍යවස්ථා සංසෝධනය පිළිබඳ සටන 1978 ඉඳල එන සටනක්. මේ සටනෙ ස්වේච්චාවෙන්ම හිටිය, ව්‍යවස්ථා සංසෝධනය පිළිබඳ දැනුම තියෙන පුද්ගලයින්ට මේක බාර දුන්නෙ නෑ. අනිත් එක තමයි රාජපක්‍ෂලගෙ ¥ෂණයට විරුද්ධව සටන් කරපු අරගල කරුවන් එළියෙ ඉන්දි, මේ සටනෙ හිටපු නැති, විරුද්ධ පැත්තෙ හිටපු අය ඇතුළට ගත්ත. ඔවුන් පහුවදා ටයි කෝට් දාලා ඇමතිවරු වුණා. ඒ අයට තිබුණ පාළනය ගැන ප‍්‍රශ්නයක් තිබුනෙ නෑ. ඔවුන් ඊළ`ග රජය ආවමත් ටයි එකේ පාට මාරුකරල ඒ පැත්තෙ ඉඳගනියි.

අනිත් එක තමයි තරුණ ප‍්‍රශ්න. 88, 89 අරගල වලින් පස්සෙ හිටපු ජනාධිපති පේ‍්‍රමදාස මහත්තයා ඒ පිළිබඳව වාර්ථාවක් ලබා ගත්ත. ‘ඇයි මේ කොල්ලො කැරලි ගහන්නෙ’ කියල. දේශපාලනඥයන් නිසා සුදුස්සන්ට රැුකියා නොදීම නිසා තමයි මේ ප‍්‍රශ්න ඇතිවෙන්නෙ කියල ඒ වාර්තාවෙ තිබුණ. ඒ අනුව පේ‍්‍රමදාස මහත්තයා තීරණය කෙරුව තර`ග විභාග වලින් තෝරල සුදුස්සන්ට රස්සා දෙන්න. ඒක යහපාළන අංගයක්. ඒකවත් ක‍්‍රියාත්මක වෙන්නෙ නෑ. යහපාළන අංග ක‍්‍රියාත්මක වෙන්නෑ කියන එකයි කියන්න තියෙන්නෙ.

යහපාළන රජය බලයට ගේන්න සිවිිල් සංවිධාන දැඩි කැපවීමකින් කටයුතු කෙරුව. ඔවුන් මේ පිළිබඳව මොනවද කියන්නෙ?

සිවිල් සංවිධාන මේ කටයුතු පිළිබඳව අසතුටෙනුයි ඉන්නෙ. මේ ආණ්ඩුවෙන් සෑහෙන කාලයක් ගෙවිල ඉවරයි. ¥ෂිතයන්ට දඬුවම් දීමත්, ව්‍යවස්ථා සංසෝධන කටයුතුත් ඉක්මන් නොකළහොත් යහපාළනය වචනයකට පමණක් සීමා වෙනව. මේ කටයුතු කරන්න තව තියෙන්නෙ අවුරුදු තුනක කාල සීමාවක් පමණයි.

මේ රජය බලයට පත්කෙරුවෙ ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්වත්, එ.ජා.ප. පාක්‍ෂිකයන්වත් නෙමෙයි. කිසිම පක්‍ෂයකට නැති මධ්‍යස්ථ මතධාරීන් හා සිවිල් සංවිධාන ක‍්‍රියාකාරකයින්. මහින්ද රාජපක්‍ෂ හිතනව වගේ, ‘සිංහල බෞද්ධ ඡුන්ද වලින් විතරක් ඡුන්ද දිනන්න පුලූවන්’ කියල හිතනව නම්, ඒක සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙනව.

මෛත‍්‍රීපාල සිරිසේන මහතාටයි, චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියටයි තමයි පොදු ජනතාව බලයක් දුන්නෙ නව ව්‍යවස්ථාවක් ගේන්න. මේ තියෙන ව්‍යවස්ථාව වඳ ව්‍යවස්ථාවක්. මේක කිසිදු ක‍්‍රමවේදයකට ගොඩනගපු ව්‍යවස්ථාවක් නෙමයි. මේක එක එක්කෙනාගෙ උවමනාවන් එක්ක ගොඩනගපු ව්‍යවස්ථාවක්. මේ ව්‍යවස්ථාවත් එක්ක තවදුරටත් යන්න බෑ. අපේ ඉල්ලීම තමයි නව ව්‍යවස්ථාවක් අති කිරීම ප‍්‍රමුඛ කාර්ය කරගන්න කියන එක.  නමුත් ඒක ජනගත කිරීමට බාරදීල තියෙන කණ්ඩායම ජනතාව අතර ප‍්‍රසාදයක් ඇති කරගත්ත කණ්ඩායමක් නෙමෙයි. මේක බාර දීල තියෙන කට්ටිය හඳුන්වන්නෙ එන්.ජි. ඕ. කාරයො නැත්නම් බටහිර ගැත්තො විදිහට. ජනතාව අතර ව්‍යවස්ථාව පිළිබඳ සංවාදයක් ඇති නොවන්නෙ ඒ නිසායි. ඒක නිසා මහින්ද රාජපක්‍ෂ ඇතුළු පිරිසකට හැකියාවක් ඇතිවෙලා තියෙනව ෆෙඩරල් භීතිකාවක් ඇති කරල, ජනමත විචාරණයකදි මෙයට විරුද්ධව ජනතාව පෙළගස්සන තත්ත්වයක් නිර්මාණය කරන්න. රටට ගැලපෙන නව ව්‍යවස්ථාවක් ඇති කරන්න නම් එයට නියම සුදුස්සන් පත්කරගත යුතුයි කියන එකයි මගේ අදහස.

නව වයවස්ථාව පාර්ලිමේන්තුවෙදි 2/3 ක ඡුන්දයකින් සම්මත කරල, ජනමත විචාරණයකට ගේන්න සිද්ධ වෙනව. එහිදී ජනතාව මොනවගේ තීරණයක් ගනියි කියල අනුමාන කරන්න පුලූවන්ද?

ජනමත විචාරණයකට ගෙනාවොත් දිනන්න පුලූවන්. ලංකාවේ දේශපාලන පක්‍ෂ මතය කියල දෙයක් නැහැ. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ චන්ද්‍රිකා ඉන්නකාලේ චන්ද්‍රිකා මහත්මියගෙ මතය තමයි පක්‍ෂයේ මතය. ඒ අවස්ථාවෙදි ශ‍්‍රී.ලං.නි.ප. බලය බෙදීමට කැමති පක්‍ෂයක්. මහින්ද රාජපක්‍ෂ ශ‍්‍රී ලංකා එකේ ඉන්දි මහින්ද රාජපක්‍ෂගෙ ජාතිවාදි මතය තමයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මතය වුනේ. රනිල් යූ.එන්.පී. එකේ ඉන්දි රනිල්ගෙ මතය තමයි යූ.එන්.පී. මතය. මේ රජය බලයට පත්කරන්න උරදුන් ලක්‍ෂ දහයක් පමණ වන මධ්‍යස්ථ පිරිස ඉන්නෙ ව්‍යවස්ථාව සංසෝධනය කළයුතුයි කියන මතයෙ.

ඉතිහාසයේ වෙනස්ම පරිච්ෙඡ්දයක් ලියමින් ප‍්‍රධාන පක්‍ෂ දෙක එකතුවෙලා ඉන්නව. ප‍්‍රධාන පක්‍ෂ දෙක එක මතකය ඉන්නවා නම් නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට සුදුසුම කාලය මේක නෙමෙයිද?

ඔව්. ඊටත් වැඩිය ටී.එන්.ඒ. එක හොඳ තැනක ඉන්නව. ඔවුන් ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදීමක් පිළිගන්න සූදානම් වෙලා ඉන්නව. ප‍්‍රධාන පක්‍ෂ දෙක එක තැනක ඉන්නව. එහි ලක්‍ෂ සියයක විතර ජනතාවක් ඉන්නව. යළිත් මෙවැනි ඓතිහාසික අවස්ථාවෙන් උදා නොවන්න පුලූවන්. ඒත් කනගාටුවට කාරණය තමයි නව වයවස්ථාව පිළිබඳ සංවාදය ජනතාව අතරට ගෙනියන්න බාරදීල තියෙන මිනිස්සු ජනතාවට එපාවෙච්ච මිනිස්සු.

ජනාධිපති පදවිප‍්‍රාප්තියට දෙවසරක් පිරෙන මොහොතේ වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේත් ජනප‍්‍රියතාවය මනින්න යළිත් ජනාධිපති වරණයක් මේ කාලයේ පැවැත්වුවහොත් මොනවගේ තත්ත්වයක් ඇතිවෙයි කියල හිතන්න පුලූවන්ද?

ජනතාවත්, සිවිල් ක‍්‍රියාකාරකයිනුත් කලකිරිල ඉන්නව තමයි. නමුත් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත්, රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ ආණ්ඩුවත් එලවල මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාවත්, හිටපු ආණ්වවත් යළි පත්කරගන්න ජනතාවගෙ අදහසක් නෑ. එහෙත් ජාතිවාදීන්ට ආගම්වාදීන්ට උඩගෙඩිදීල, ජාතිවාදීන්ට, ආගම්වාදීන්ට තම මතය ජනගත කිරීම වලක්වන්න පියවර නොගැනීම තමයි තියෙන ප‍්‍රශ්නය. එය දැන් තිබෙන තත්ත්වයට වඩා වෙනස් මුහුණුවරක් දිගුකාලීනව ගන්න ඉඩ තියෙනව. ඒක තමයි අපිට තියෙන ප‍්‍රශ්නය. මේ තත්ත්වය වර්ධනය වෙන්න ඉඩදීල බලා ඉඳීම තමයි තියන ලොකුම ගැටලූව. යලිත් තිස් අවුරුදු යුද්ධයකට වඩා එහා ගිය තත්ත්වයක් එයින් ඇති වෙන්න පුලූවන්.

ආණ්ඩුව බලයට ගේන්න කටයුතු කරපු, යහපාලනය ගැන කතා කරනලද සිවිල් සංවිධාන ආණ්ඩුවෙ අඩුපාඩුකම් විවේචනය නොකර, මාධ්‍යහමු පැවැත්වීමෙන්, පුවත්පත් සාකච්ඡුා ආදිය ලබාදීමෙන් ආණ්ඩුව සාධරණීකරණය කරන්න කටයුතු කරනව කියන චෝදනාව සමාජයෙන් එල්ල වෙනව. 

ඔව්. යම් පමණකින් එහි ඇත්තක් තියෙනව. එහෙත් ඔවුන් ආණ්ඩුව රැුක ගැනීම සඳහා යම් යම් අවස්ථාවන්හිදී එවන් පියවර ගත්තත් ආණ්ඩුව නිවැරදි කරගැනීමේ උත්සාහයක නිරත වෙනව.

රනිල් වික‍්‍රමසිංහ මහත්තයත්, මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයයත් උත්සාහ කරන්නෙ 2020 දි තමන්ගේ පක්‍ෂයේ රජයක් බලයට පත් කරගන්න. ඔවුන්ගේ බලය තහවුරු කරගන්න. සිවිල් සංවිධානවල පිරිසෙන් කට්ටියක් ජනාධිපතිතුමා ගත්ත. පිරිසක් අගමැතිතුමා ගත්ත. සිවිල් සංවිධානවලට තියෙන්නෙ ඒ යන පීලී දෙකෙන් එකක ගිහිල්ල තමන්ගේ උවමනාවන් ඉෂ්ටකරගන්න නෙමේ. ‘තැල්ල බඳින්න නම් බෙල්ලක් තියෙන්න  ඕනැ’ කියල කියනමක් තියෙනව වගේ මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය ඇතිවෙලා තියෙන වෙලාවෙ  ආණ්ඩුව නිවැරදි මගකට ගෙනල්ල යහපාලනය තහවුරු කරන්න.

ඓතිහාසික සංධිස්ථානයක් වූ ප‍්‍රධාන පක්‍ෂදෙකේ එකමුතුව රටේ යහපතට යොදාගැනීම පසෙක තිබියදී, ප‍්‍රක්‍ෂ දෙකම තම බලය වර්ධනය කර ගැනීමේ කටයුතුවල නිරත වෙන බවක් පේනව.

ඔව්. ඒ නිසා මේ ආණ්ඩුවෙ ස්ථාවරභාවය පිළිබඳ ප‍්‍රශ්නයක් ඇතිවෙලා තියෙනව.  ජනාධිපතිතුමා නිර්පාක්‍ෂික අපේක්‍ෂකයෙක් විදිහට බලයට පත්වෙලා පසුව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බලය තහවුරු කරගන්න හදනව. අගමැතිතුමා එ.ජ.ප. බලය තහවුරු කරන්න උත්සහ ගන්නව. කරන්න තියෙන්නෙ මේ දෙකම නෙමේ. පක්‍ෂ න්‍යායපත‍්‍ර පසෙකලා යහපාලන රජය ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න රට වෙනුවෙන් න්‍යායපත‍්‍රයක් සකස් කරගෙන ඉදිරියට යන එකයි.

සිවිල් සංවිධාන වත්මන් ජනාධිපතිතුමාත්, රජයත් බලයට පත්කරන්න ගත්ත උත්සාහයට කෘතගුණ සැලකිමක් වශයෙන් සිවිල් ක‍්‍රියාකාරිකයකු වූ ධර්මසිරි බණ්ඩාරනායක කලාකරුවාට පාර්ලිමේන්තු අසුනක් පිරිනමා ඇමතිකමක් ලබාදෙන්න යනව කියල ආරංචියක් පැතිරෙනව. එය සිවිල් සංවිධාන දිරි ගැන්වීමක් නේද?

ධර්මසිරිට ඇමති පදවියක් දෙන්න හදනව කියන ආරංචිය තියෙනව. කෑ ගහනකොට නායකයන් කියන දෙයක් තමයි මොකක් හරි බාර අරන් කරන්න කියන එක. මේ වගේ තත්ත්වයක් යටතෙ ධර්මසිරි ඇමතිකමක් බාර අරන් කරනව කියන්නෙ ඔහු ගොඩනගාගත්ත තත්ත්වයෙත් අවසානය කියලයි මට හිතෙන්නෙ. වැඩපිළිවෙලක් නැති තැනකට ධර්මසිරි බණ්ඩාරනායක ගියොත්, ‘ආණ්ඩුව ගෙනයාමේ දැතිරෝදෙ රෝදයක් වෙලා ඒකෙ කැරකිලා එහෙම යනව මිසක් වෙන කරන්න දෙයක් නෑ. ඒක ධර්මසිරි බණ්ඩාරනායකගෙත් අවසානය කියලයි මම දකින්නෙ.

සිවිල් ක‍්‍රියාකාරීන්ට පාළන තන්ත‍්‍රයට ඇතුල් වීමට ඉඩක් දීම හොඳ නැද්ද?

මේව කලින් කරන්න තිබුණු වැඩ. වැඩකරපු කට්ටිය කලින් ගෙනල්ල මේව බාර අරන් වැඩ කරන්න කියල වැඩපිළිවෙලක් දුන්නනම්, රජයට මේ විදිහට විවේචන ඇතිවෙන්නෙ නැ. මේවැනි දේවල් ඇති වෙන්නෙ දෘෂ්ටිවාදයක් නැති කම නිසා.

දැන් වුනත් එහෙම දෙයක් වෙනව නම් හොඳයි. දැන්වත් කවුද සුදුසු පුද්ගලයො කියල තේරුම් අරන් වැඩ කොටසක් බාර දෙනව නම් හොඳයි. සුදුසු පුද්ගලයො ඉන්නෙ එළියෙ. අපි පරාද කරපු නුසුදුසු පුද්ගලයො තමයි ඇතුළෙ ඉන්නෙ.

සිවිල් සංවිධාන සමග ජනාධිපතිතුමාගේ සංවාදයක් නැති බව බවත් කියවෙනව නේද?

ඔව්. සිවිල් සංවිධාන තමයි යහපාලනය පිළිබඳ දැක්ම ඉදිරිපත් කළේ. ඔවුන්ට තමයි මතයක් තියෙන්නෙ. ජනාධිපති තුමා වාඩිවුනේ සිවිල් සංවිධාන හදපු වේදිකාවෙ. එතුමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඡුන්ද ලබා දුන්නෙ නෑ. නමුත් සිද්ධ වුනේ එතුමාට විරුද්ධව වැඩකරපු පිරිස ලංකර ගැනීම. ඔවුන් ඇමතිපුටුවල වාඩිවෙලා කියන්නෙ එ.ජා.ප.යත් එක්ක වැඩ කරන්න කැමති නෑ කියල.

එයාල කියන්නෙ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය කියන්නෙ හරි උත්තරීතර පක්‍ෂයක් කියල. 2005 ඉඳල 2015 වෙනකම් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය කියන්නෙ ජාතිවාදි, ආගම්වාදි, ග්‍රෝතවාදී පක්‍ෂයක්. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇති හොඳේ මොකක්ද? එහෙම පක්‍ෂයක් බලයට පත්කරල වැඩක් නෑ. ඊට වැඩිය තැනකට අපි යන්න  ඕනැ. සිවිල් සංවිධාන එක්ක සාකච්ඡුාවක් කරල හරිදෙයක් කරන්නෙ නැතුව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ගත්ත පිරිස සමග ඉදිරියට යන්න හදනව නම්  ඒක සුභවාදි පියවරක් වෙන්න නෑ. වත්මන් ජනාධිපතිතුමා ඉතිහාසගතවෙන නායකයෙක් වෙන්න නම්, සුභවාදි ව්‍යවස්ථා සංසෝධනයකින් ජනමත විචාරණයකට ගිහින් රටට හිතකර තත්ත්වයක් උදාකර දෙන්න  ඕනැ.

එයාගෙ වටේ ඉන්න පිරිස ජනාධිපතිතුයි, අගමැතිතුමයි අතර ප‍්‍රශ්න ඇති කරල යළිත් වරක් ජනාධිපතිතුමා බලයට ගේන්න උත්සාහ කරනව නම්, එහි වාසිය පරාජ වුණු ජාතිවාදි බලවේග ලබාගන්නවා අනිවාර්යයි. මේ ලැබුණු ඓතිහාසික අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගත්තෙ නැත්නම්, රටේ යළිත් කැරළි කෝලහල ඇති වෙන්න පුලූවන්. නිමා වූ 30 වසරක යුද්ධයට වඩා දරුණු තත්ත්වයක් ජාතිවාදීන්ගේ ක‍්‍රියා නිසා යළි ඇතිවෙන්න පුලූවන්.

සිවිල් සංවිධානවල හඬටත්, මධ්‍යස්ථ මතධාරීන්ගේ හඬටත් රජය ඇහුම්කන් දෙන්නෙ නැත්නම්, හිටපු පැසිස්ට්වාදී පාළක මහින්ද රාජපක්‍ෂව පොදු අපේක්‍ෂකයයෙක් මගින් පරාජය කෙරුව වගේ, මේ තියෙන පාළනය පරාජය කරන්න පොදු සංධානයක් ගොඩ නැගියයුතු බවට අදහසක් නිර්මාණය වෙන්න පුලූවන් නේද?

සිවිල් සංවිධානවල පිරිස් මේ දවස්වල ගන්ධබ්බයන් වගේ පාවෙමින් ඉන්නෙ. ජනාධිපතිතුමාගෙත්, අගමැතිතුමාගෙත් සාධනීය ලක්‍ෂණ වගේම නිෂේදනීය ලක්‍ෂන තියෙනව. අගමැතිතුමාගේ ජනවාර්ගික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් සාධනීය ආකල්ප තියෙනව. අගමැතිතුමාට සිද්ධ වුනේ තමන්ගේ දේශපාලනයේ අමාරුම කාලේ හිටපු පිරිස් වෙනුවට වෙනත් පුද්ගලයන් සමග වැඩකිරීමට සිදුවීම. ජනාධිපතිතුමාටත් සිද්ධ වුනේ ඒක. ඒ නිසා සිවිල් සංවිධාන ඔවුන්ගෙන් ඈත් වුණා. මේ වනවට යම් යම් සාකච්ඡුා තියෙනව. යම් යම් ව්‍යාපාර බිහිවෙන්න ඉඩ තියෙනව.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *