රෝහිණී කවිරත්නගෙන් රටේ රාළ අහගනී, – රටේ රාළ.

 
අගෝස්තු 20 ” රෝහිණී කවිරත්න රනිල් සමඟ පෙරට ” ලිපිය පලවීමෙන් පස්සේ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රීනී රෝහිණී කවිරත්න රටේ රාළට කතා කළා.ඒ ලිපියෙන් රටේ රාළ රෝහිණී ගැන කියවාගෙන තියන විදිහත් කිව්වා.රටේ රාළ කිව්වේ රෝහිණී කියන්නේ පාර්ලිමේන්තුවේ සක්රීය මන්ත්රීවරියක් කියලයි.විවෘතව අදහස් ප්රකාශ කරන ප්රගතිශීලී මන්ත්රීවරියක් විදිහටත් රටේ රාළ රෝහිණීව කියවාගෙන තිබුණා.
ඇත්තටම රටේ රාළ හිතපු රෝහිණීම තමයි රටේ රාළට කතා කළේ.රෝහිණීගේ පැත්තෙන් රටේ රාළ විවේචනයක් තිබුණා.රෝහිණී කිව්වේ එයා රනිල් ලඟට හිතාමතා යන්න උත්සහ කරනවා වගේ අදහසක් රටේ රාළ ලිපිය බලද්දී එයාට එනවා කියලයි.එහෙම අදහසක් නම් රටේ රාළ කියන්නේ ඒක වැරදි බවයි රෝහිණී කිව්වේ.ඒ වෙනුවෙන් තමන්ට කණ්ඩායම් හදන්න අවශ්ය නැති බවත් රෝහිණී කිව්වා.රෝහිණී කිව්වේ ඒක තමන්ගේ පෞද්ගලික අදහස බවත් පක්ෂයේ හෝ වෙනත් කණ්‌ඩායමක අදහසක් නොවෙන බවයි.
රෝහිණී කියන්නේ රනිල් – සජිත් එකතුවක් ගැන තමන් කියන්නේ ඊට වඩා පළල් අර්ථයකින් බවයි.ඒක රනිල් – සජිත් එකතුවකින් එහා යන අර්ථයක් සහිත බවයි. රෝහිණිගේ මතය සම්බන්ධයෙන් සජබයෙන් මේ දක්වා කිසිදු විවේචනයන් ඇවිත් නැති බවත් රෝහිණී කිව්වා.කොහොම උනත් රෝහිණි සහ රටේ රාළ අතර ඇතිවුන දේශපාලන සංවාදයේ හරය නැවත අපේ පාඨකයන් වෙත දැනුම් දෙන්න ඇයගෙන් අවසර ලැබුණා.ඒ අනුව තමයි නැවත වතාවක් රෝහිණීගේ කතාව ලියන්න රටේ රාළ සිද්ධ වෙන්නේ.
රෝහිණී කවිරත්න රනිල් සමඟ පෙරට ලිපියෙන් රටේ රාළ කිව්වේ රෝහිණී ඉදිරිපත් කරන්නේ මහපොලොවේ තියන එජාප සහ සජබ පාක්ෂිකයාගේ අපේක්ෂාව බවයි.ඒ අපේක්ෂාව බලය ගැනීම කියන කාරණයේදී යථාර්ථය වෙන්න පුළුවන් උනත් රට ගොඩනැගීම කියන කාරණයේදී ඒක යථාර්ථයක් නෙවෙයි කියලයි රටේ රාළ කිව්වේ.රෝහිණී කියන්නේ එයා ප්රශ්නය දිහා බලන්නේ ඊට වඩා පළල් අර්ථයකින් කියලයි. රෝහිණීට අනුව එයාට තියෙන්නේ හෘද සාකෂියේ ප්රශ්නයක්.ඒ රනිල් ගැනවත්,සජිත් ගැනවත් බලය ගැනවත් නෙවෙයි.
මේ රට හා ජනතාව ගැන ප්රශ්නයක්. රෝහිණීගේ වචනවලින්ම කියනවා නං ” අපේ රට තියෙන්නේ හැම අතින්ම ලොකු Crisis එකක.මම මගේ ආසාසනයට යනකොට ඒ තියන ප්රශ්න ටික දැක්කම අපි ආණ්ඩුවක් අරගෙන විසදනකං ඉන්න කියලා කියන්න පුළුවන්ද?මම ලග්ගල hospital එකට යනකොට ඩොක්ටර් කාටවත් නොකියා රටින් ගිහිල්ලා.දැන් කවුද මේ ලෙඩ්ඩු ගැන බලන්නේ.ලග්ගල කියන්නේ හරිම දුෂ්කර පැත්තක්.දැන් මම කොහෙන්ද දොස්තර කෙනෙක් හොයා ගන්නේ.දොස්තර කෙනෙක් හොයා ගන්නකං ලෙඩ්ඩුන්ට මොකද්ද මම කියන්නේ.
අපේ ආණ්ඩුවක් එනකං ඉන්න කියලා කියන්නද?ලග්ගල විල්ගමුව කලාපයේ විශාල ගුරු හිගයක් තියනවා.මාතලේ දිස්ත්රික්කයේ ගුරුවරු තුන්දාහක් විතර අඩුයි.ඔය ප්රශ්න දෙකක් විතරයි.තව ප්රශ්න ගාණනාවකින් ජනතාව බැට කනවා.මම මහජන නියෝජිතයෙක් හැටියට මිනිස්සු ඡන්දය දීලා එව්වේ එයාලා නියෝජනය කරන්න.ඒක නිසා ඒ ප්රශ්න ගැන කතා කිරීම මගේ යුතුකමක්. හැබැයි මම කතා කරලා විතරයක් මදි මගේ හෘද සාක්ෂියට එකඟව විසදුම් යෝජනා කරන්නත් ඕනි.
ඒ වෙනුවෙන් තමයි මම යෝජනා කරන්නේ අපේ සියලුම දේශපාලන පක්ෂ නායකයන් එකතු වෙලා අවුරුදු 25 කට බැරිනං අවුරුදු දහයකටවත් ජාතික ප්රතිපත්ති මත පදනම් වුන වැඩපිලිවෙලකට යන්න ඕනි කියලා.ඒ ජාතික ප්රතිපත්ති පදනම් කරගෙන රට ගොඩනගන්න ඕනි කියලා.හැබැයි මම කියපු ප්රකාශයේ පක්ෂ නායකයන් කියන කොටසට මාධ්යවමින් දීලා තිබුණේ බොහොම අඩු ප්රචාරයක්.ඒ ගැන කනගාටුවක් තියනවා. එහෙම නැතිව රනිල් ජනාධිපති කරවන්නවත් සජිත් අගමැති කරවන්වත්,ජවිපෙට බයේවත් නෙවෙයි මම මේ යෝජනාව කරන්නේ මගේ හෘද සාක්ෂිය.
ජවිපෙත් මේ වැඩපිලිවෙලකට එකතු වෙන්න ඕනි කියලයි මම කියන්නේ.කාටවත් මේ ප්රශ්නයෙන් පැනලා යන්න බෑ.පැනලා යන්න අයිතියකුත් නෑ.අපේ සියලුම පක්ෂ නායකයෝ මමත්වය අතහැරලා රට සහ ජනතාව ගැන හිතලා පොදු එකඟතාවයකට එන්න ඕනි. අපිට නිදහස ලැබුනට පස්සේ ආණ්ඩුව කියක් මාරු වෙන්න ඇද්ද?අද අපි 75 වසරක නිදහස සමරනවා,ඇත්තටම මෙනවද අපට සමරන්න ඉතිරි වෙලා තියෙන්නේ.මම අවුරුදු 18 ක් දරුවන්ට උගන්වපු ගුරුවරියක්.
මගේ මහත්තයා පාර්ලිමේන්තු මන්ත්රී විදිහට ඉන්න කාලේ මම එයාගේ Private secretary උනේ නෑ.මම ගිහින් ඉස්කෝලේ දරුවන්ට ඉගැන්නුවා.ඒක නිසා මම ප්රශ්න දිහා බලන්නේ සාම්ප්රදායික දේශපාලනයට කොටුවෙලා නෙවෙයි.පවුල් පසුබිමෙන් වගේම රාජ්ය සේවයෙන් ගෙනාපු ආභාෂයක් මට තියනවා. ඔබෙනුත් මගෙනුත් අපි වැඩිහිටි පරම්පරාව විදිහට වරදක් වෙලා තියනවා.ඒ වරද නිවැරදි කිරීමේ මතවාදය සමාජයට ගෙනියන එක අපි කාගේත් යුතුකමක්.මම අදහස් කළේ ඔය අදහස.ඒත් එලියට ආවේ ඊට වඩා වෙනස් කතාවක්.
රෝහිණීගේ හඩ ඒ තරම් ප්රභලයි. ඇත්තටම විය යුත්තේ රෝහිණී කියන දේ තමයි.රටේ රාළ බළකාය දිගටම පෙනී සිටියේ රෝහිනී කියන මතවාදය වෙනුවෙන් තමයි.රටේ රාළ බළකාය අපේ රටේ දේශපාලන පක්ෂ නායකයන්ට සහ ජනාධිපති රනිල් වික්රමසිංහට යෝජනා කළේ නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් සහ ජාතික එකඟතා ආණ්ඩුවක් කියන සංකල්පයයි.ඒත් මේ මොහොත වෙනකොට පක්ෂ දේශපාලනය තමන්ගේ පංගුව බේරා ගැනීමේ ද්වන්ද සටනක යෙදිලා ඉන්නවා.
රට සහ ජනතාව එයාලට අදාල නැති තැනට පත්වෙලා.මට දුන්නොත් රට බේරගන්නවා නැත්තං මට අදාල නෑ කියන ප්රතිපත්තියක ඉන්න දේශපාලන නායකයෝ ඉන්න රටක් මේක.කවුරුත් එකතුවෙලා රට ගොඩදාන පොදු උත්සාහයක යෙදෙන්න ඕනි කියන අදහස ඒ ඔළුගෙඩිවල නෑ.ඇත්තටම අපේ රටේ මේ නියෝජිත ප්රජාතන්ත්රවාදයෙන් ජනතා පරමාධිපත්ය ඉෂ්ඨ වෙන්නේ නෑ.ජනතාව සහ මහජන නියෝජිතයා අතර සම්බන්ධය එක දවසකට විතරක් සීමා වෙන කාලකණ්ණි රටක් මේක.
ඒ ඡන්දය දවසට විතරයි.ඊට පස්සේ ඊළඟ ඡන්දය එනකම්ම දේශපාලනඥයා විසින් ජනතාව නොසළකා තමන්ට ඕනි විදිහට කටයුතු කරනවා.තමන් මහජන නියෝජිතයෙක් බව අමතක කරමින් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් තීරණ ගන්නවා වෙනුවට තමන් වෙනුවෙන් තීරණ ගන්න තැනට අපේ රටේ නියෝජිත ප්රජාතන්ත්රවාදය පටුවෙලා තියනවා.ඒ කාලකණ්ණි මනස විධායකය, ව්යවස්ථාදායකය සහ අනෙකුත් මහජන නියෝජිත ආයතන වන පලාත් සභා සහ පලාත් පාලන නියෝජිතයන්ටත් බෝ වෙලා ඉවරයි.
එහෙම මහජන නියෝජිතයන් ඉන්න රටක රෝහිණී කවිරත්නලා වගේ හිතන මහජන නියෝජිතයන් එක්කෙනෙක් හරි ඉන්න එක ගැන අපට නං තියෙන්නේ අපමණ සතුටක්.ස්තුතියි රෝහිණී ඔබට.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට

රටේ රාළ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *