|

රජයේ සමස්ත ආදායම ඉහළට

 

මේ වසරේ (2023 ) ජනවාරි සිට ජූනි දක්වා මාස හය තුළ දී උපයන ලද රජයේ සමස්ත ආදායම ගිය වසරේ (2022 ) එම කාලයට සාපේක්ෂව රුපියල් කෝටි 39758 කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වෙයි

එම වාර්අතාවට අනුව 2022 පළමු මාස හය තුළ දී රුපියල් කෝටි 91947 ක් වූ රජයේ සමස්ත ආදායම මේ වසරේ (2023 ) මුල් මාස හයේ දී රුපියල් කෝටි 131705 ක් දක්වා ඉහළ ගොස් ඇත .

එමෙන් ම, 2023 මුල් මාස හය තුළ දී රජයේ බදු ආදායම රුපියල් කෝටි 79880 සිට රුපියල් කෝටි 119885 ක් දක්වා වැඩි වී ඇති අතර, බදු නොවන ආදායම රුපියල් කෝටි 11970 සිට රුපියල් කෝටි 11603 ක් දක්වා සුළු වශයෙන් පහත බැස තිබේ.

එසේම රුපියල් කෝටි 217 ක ප්‍රදාන ප්‍රමාණයක් ද 2023 මුල් මාස 06 තුළ ලැබී ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *