|

බංග්ලාදේශයෙන් ගත් ණය මුදලෙන් කොටසක් ගෙවයි

ණය හුවමාරු පහසුකමක් යටතේ ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබා ගත් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලෙන් කොටසක් යළි ගෙවා ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර තිබේ.ඒ අනුව, ඉකුත් 17වනදා ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශයට පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් ගෙවා ඇතැයි බංග්ලාදේශ මහ බැංකු ප්‍රකාශක මෙස්බුල් හක් තහවුරු කළ බව එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

එසේම, ණය මුදලේ දෙවැනි වාරිකය ද මෙම මස තුල දී බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල අනාවරණයක් සිදු කර නොමැත.

බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ණය හුවමාරුවක් ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් නිකුත් කරනු ලැබුවේ ඉකුත් 2021 වසරේදී ය.

The Leader

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *