පැරණි පුහුල් හොරුන්ගේ නව රූපාකාර – රටේ රාළ

ඔයාලා හැම කෙනෙක්ම වගේ පුහුල් හොරාගේ කතාව අහලා ඇති.ගමරාලගේ කොරටුවේ හැදුන පළවෙනි පුහුල් ගෙඩිය හොරු කැඩලා. මළ පැනපු ගමරාල උදේම ගිහින් ගම් මුලාදෑනියට පැමිණිලි කරලා.ගම් මුලාදෑනියා ගමේ කට්ටිය එක තැනකට එකතු කරගෙන පුහුල් හොරකම ගැන අහලා.කවුද ඉතින් මම තමයි හොරා කියලා පිලිගන්නේ.ගම් මුලාදෑනියා හොරා අල්ලන්න පොඩි උපක්රමයක් පාවිච්චි කරලා.ගම් මුලාදෑනියා කියලා තියෙන්නේ පුහුල හොරකම් කරපු එකා කරෙන් හොයා ගන්න පුළුවන් කියලා. එතකොට එතන හිටපු හොරා හිතනවා ෂුවර් එකට පුහුලේ අළු තවම කරේ ඇති කියලා එකපාරට කර පිහදානවා.එතකොට කට්ටිය පැනලා හොරා අල්ල ගන්නවා.
පස්සේ මේක කතාව ජනවහර දිගේ ඇවිත් ” පුහුල් හොරා කරෙන් දැනේ ” කියලා ප්රස්ථා පිරුළක් නිර්මාණය වෙනවා.හැබැයි අද ඉන්න හොරු එක්ක හිතද්දී එදා හිටපු පුහුල් හොරා පට්ට අහිංසකයෙක්.අද තියෙන්නේ පැරණි පුහුල් හොරාගේ දියුණු රූපාකාර.මේ දවස්වල ආයෙත් පුහුල් හොරා කරෙන් දැනේ වගේ අවස්ථාවක් නිර්මාණය වෙලා තියනවා.මාක්ස් පවා කිව්වනේ ඉතිහාසය ආයෙත් ප්රති නිර්මාණය වෙන්න පුළුවන් කියලා.පහුගිය 12 වෙනිදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව ජවිපෙට බරපතල චෝදනාවක් එල්ල කළා.
දුමින්ද කිවිවේ ටිරාන් සහ ජවිපෙ අතර ව්යාපාරික සහ දේශපාලන සම්බන්ධයක් තියනවා කියලා.දුමින්ද එතනදී ජවිපෙට අභියෝග කරනවා මහජන උද්ඝෝෂණවලට දැඩි පොලිස් බලය යොදවන පොලිස් ඇමති ටිරාන්ට විරුද්ධව පාර්ලිමේන්තුවේදී එක වචනයක් කියන්න කියලා.ඒ වගේම යුරොපයේ දූපතක ටිරාන් එක්ක මුදල් ආයෝජනය කරලා තියන බිස්නස් එකත් මොකද්ද කියලා දුමින්ද අහනවා.දැන් ඒ ගැන පරීක්ෂණයක් කරන්න කියලා ටිරාන් CID එකේ පැමිණිල්ලකුත් දාලා තියනවා.
හැබැයි ජවිපෙ පැත්තෙන් තවම මොකුත් ඇක්ෂන් එකක් අරන් නෑ.රටේ රාළට හිතෙන විදිහට මෙතනදී ජවිපෙ හැසිරීම බොහෝ දුරට සමාන වෙන්නේ පරණ පුහුල් හොරාට.දුමින්ද ඒ චෝදනාව කරපු සැනින් ජවිපෙ නායක අනුර කුමාර මාලිමාවේ කැළණිය ආසන බල මණ්‌ඩල වේදිකාවේ ඉඳන් චෝදනාව බාර ගනිමින් උත්තර දුන්නා.අනුර දුමින්ද අහපු ප්රශ්න දෙකටම උත්තර දුන්නා.අනුර ටිරාන්ට එරෙහිව එක වචනයක් කියන්නේ නෑ කියපු චෝදනාවට අනුර කිව්වේ ” අපිට ඕනි නං අපි බනිනවා.අපිට ඕනි නැත්තං නිකං ඉන්නවා ” කියලයි.
එහෙම කියන ගමන් අනුර කියනවා දේශපාලන භූමිය කදවුරු දෙකකට බෙදෙමින් තියනවා කියලා.ඒ බෙදුම් රේඛාව දැන් නිර්මාණය වෙමින් තියනවලු.අනුර එකට උදාහරණය විදිහට ගන්නේ සජබය, පොහොට්ටුව,එජාපය ඇතුළු සියලු වේදිකාවල අනෙකා බවට පත්වෙලා තියෙන්නේ මාලිමාවලු.ඔක්කොම බනින්නේ මාලිමාවටලු. අනුරගේ තර්කයට අනුව හිතුවොත් එයාලටත් ඉතින් ඕනි නං බනින්න පුළුවන් නැත්තං නිකා ඉන්න පුළුවන්නේ.
අනුරට විතරක් එහෙම කරන්න පුළුවන් කියලා එකක් නෑනේ.අනුර කියන විදිහට ඒ සියලු දෙනා මාලිමාවට බනින්න තීරණය කරලා.අනුරත් වේදිකා උඩට වෙලා නිකං ඉන්නේ නෑනේ,පහුගිය කාලේම සජිත්ට නැති වෙන්න බැන්නා.රාජපක්ෂලාට ඇඩ්රස් නැති කළා.හැබැයි මෙතන තියන ඇත්ත ඒක නෙවෙයි.ඒ ඔක්කොටෝම බනින්න හිතෙන අනුරට රනිල්ට බනින්න හිතෙන්නේ නැති එකනේ.අනුර රනිල්ට දාන්නේ පොඩි පොඩි තට්ටු විතරයි.අනුරට හිතෙන්නේම රනිල්ට ඒ සයිස් තට්ටු දැම්මම ඇති කියලා.
ඒ වගේම අනුරට ටිරාන්ට තට්ටුවක්වත් දාන්න හිතෙන්නේ නෑනේ.ඔයාලා හිතනවද ඒ සිතුවිලි අනුරගේ හිතේ ඉබේ පහල වෙන පහන් සිතුවිලි කියලා.අනුර සජිත් පතුරු ගහන්නත්, රාජපක්ෂලා පතුරු ගහන්නත්.රනිල්ට ආරක්ෂාකාරී පහරවල් එල්ල කරන්නත්, ටිරාන්ට නොගහම ඉන්නත් හේතුවක් තියෙන්න ඕනි නේද?එහෙම නැත්තං ඉතින් බුදු බණේ කියන හේතුඵලවාදයත් බොරු.ඒ වගේම දේශපාලනයේදී පෙනුම සහ හරය අතර ලොකු වෙනසක් තියනවා. දේශපාලනයේදි ඒවට කියන්නේ ඩීල් කියලා.
සජිත්ට වැරෙන් පහර දෙන්නේ අනුරගේ උවමනාවටම විතරක් නෙවෙයි රනිල්ගේ උවමනාවත් ඒක.රාජපක්ෂලාට වැරෙන් පහර දෙන්නේ අනුරගේ උවමනාවට විතරක්ම නෙවෙයි රනිල්ගේ උවමනාවත් ඒක.රනිල්ට වැරෙන් පහර නොදීම අනුරගේ උවමනාව වගේම රනිල්ගේ උවමනාවත් ඒක.ටිරාන්ට පහර නොදීම අනුරගේ උවමනාව වගේම ටිරාන්ගේ උවමනාවත් ඒක.ඒවා ගම් මුලාදෑනියා පුහුල් හොරා කරෙන් ඇල්ලුවා වගේ අල්ලන්න බෑ.හැබැයි ඒවත් අල්ලන්න වෙන්නේ පුහුල් හොරා අල්ලපු තියරියටම තමයි.අනුර රනිල්ටයි,ටිරාන්ටයි ගහන්නේ නැත්තේ එයාලට පක්ෂව නීතිය නැමෙන නිසා නෙවෙයිද?
නීතිය කඩපු තැන්වලදී නීතිය ක්රියාත්මක නොවෙන නිසා නෙවෙයිද?අනුරට අසීමිත ආරක්ෂාවක් දෙන නිසා නෙවෙයිද?අනුර ටිරාන් එක්ක බිස්නස් කරනවා නං ඒක නිසා නෙවෙයිද?මෙතන තියෙන අළු තමයි ඒවා. හැබැයි ඒවා අර අහිංසක පුහුල් හොරාගේ කරේ තිබුණ අළු වගේ අනුරගේ කරේ නෑ.ඒවා තියෙන්නේ කුණු විදිහට අනුරගේ හිතේ.අනුර රනිල් විචේචනය කරන්නේ හරි අඩුවෙන් වගේම රනිලුත් අනුර විවේචනය කරන්නේ හරිම අඩුවෙන්.අනුර ටිරාන් විවේචනය කරන්නේ නෑ වගේම ටිරාන් අනුරවත් විවේචනය කරන්නේ නෑ.සාමාන්යයෙන් ටිරාන් කවුරුත් විවේචනය කරන කෙනෙක් නෙවෙයි.
ඊළගට එදාම ඒ වේදිකාවේදීම අනුර කියනවා අපේ පරණ යාලුවෙක් කියනවා අපි යුරෝපයේ දූපතක් අරන් කියලා.ඇත්තටම චෝදනාව උනේ යුරෝපයේ දූපතක් ගත්තා කියන එක නෙවෙයි,යුරෝපයේ දූපතක ආයෝජනය කලා කියන එකයි.අනුර කළේ පළවෙනි මොහොතේම චෝදනාව පටලන එකයි.එයාට තියෙන චෝදනාවට වැඩි චෝදනාවකට උත්තර දෙන එකයි.සාමාන්යයෙන් ඒක දියුණු හොරෙක්ගේ ලක්ෂණයක්.ඊට වැඩිය ලොකු චෝදනාවක් ගැන කීමෙන් අනුර කරන්න හදන්නේ තමන් එහෙම චෝදනාවකට ලක්වෙන්න සුදුසු කෙනෙක් නෙවෙයි කියන මානසික ප්රහාරයෙන් තමන්ගේ සාමාජිකයෝ ටික වට්ට ගන්නයි.
එතනදීත් අර පුහුල් හොරාගේ වගේ අළු අනුරගේ පිටේ නෑ.හැබැයි චෝදනාව දැන දැනම විකෘති කිරීමෙන් කුණු තියෙන්නේ අනුරගේ හිතේ.අනුර එතනදී දුමින්ද නාගමුව හැදින්වුයේ ලපටියෙක් කියලා.ඒ කියන්නේ එයාලාට චෝදනාවක් කරන්න තරම් සුදුස්සෙක් නෙවෙයි කියලා අනුර ඕඩියන්ස් එකට අඟවනවා.ඔය වගේ අධිපතිවාදී කතාවලින් ගහලා වැට්ටවීම ජවිපෙ ඇතුලේ තදට තියනවා.ඒ වට්ටන්නේ දුමින්දව විතරක් නෙවෙයි තමන්ගේ ගිරා පෝතකයෝ ටිකත් හිතන්න නොදී වට්ට ගන්නවා.
ඔයාලට මතක ඇති විමල් ඇතුළු කණ්ඩායම ජවිපෙන් අයින් වුන වෙලාවේ ටිල්වින් කිව්වේ හුජ්ජ කොල්ලෝ අපට මොනවා කරන්නද කියලයි.ඒ වගේම උවිඳු විජේවීර දේශපාලනයට එනවා කියව්වම ටිල්වින් කිව්වේ ඉගෙන ගත්ත රටට ගිහිල්ලා රස්සාවක් හොයා ගන්න කියලයි.ජවිපෙ ඇතුලේ ඒ අධිපතිවාදී මනස හැමදාම තිබුණා. දුමින්ද නාගමුවගේ ප්රකාශය සම්බන්ධව පහුගිය දවසක ප්රසිද්ධ රූපවාහිනී සංවාදයකදී දුමින්ද නාගමුව සහ නලින්ද ජයතිස්ස අතරත් සංවාදයක් ඇති වුනා.
එතනදී නලින්ද ඇහුවේ අපි යුරෝපයේ කොහේ හරි තැනක මුදල් ආයෝජනය කරලා තියනවා නම් කියන්න කියලයි.එතන සංවාදයේ හිටපු සියලු දෙනාට නලින්ද අභියෝග කළා.එතනදී දුමින්ද කිව්වේ දැන් ප්රශ්න CID එකේ තියන නිසා අපි සියලු තොරතුරු අරගෙන එතනට එන්නම් කියලා.ඒත් නලින්ද ඒ පිලිතුරෙන් සෑහීමකට පත් නොවී කිව්වේ එක එක තැන නොකියා ඡනතාව ඉස්සරහා කියන්න කියලයි. ඇත්තටම ජවිපෙ හරි නම් මේ වෙනකොට ප්රශ්න සම්බන්ධව CID ට ගිහින් තියෙන්න ඕනි.
CIDයට ගිහින් තියෙන්නේ ඡවිපෙ නෙවෙයි ටිරාන්.ටිරාන්ටත් චෝදනාවේ කොටසක් තියන නිසා එහෙම ගිය එක හොඳයි.හැබැයි නලින්ද හැදුවේ ජනතාව ඉස්සරහා කියන්න කියන බෝලය දාලා කොතනද ප්රශ්නය තියන්නේ කියලා අල්ල ගන්න.සමහරවිට එහෙම ගොඩක් බිස්නස් කරලා තියනවා නම් මේ කියන්නේ කොයික ගැන ද කියලා හෝඩුවාවක් දැනගන්න ජවිපෙටත් ඕනි ඇති.කොහොමත් දැන් ප්රශ්නය තියෙන්නේ නීතිය ඉස්සරහා. නීතිය ඉස්සරහාට ප්රශ්නය ගියහම කවුරුත් තමන්ගේ පැත්තේ තියන Points දෙන්නේ නෑ.
ඒක නිසා එතනදී දුමින්ද හිටිය ස්ථාවරය හරි. නලින්ද හදන්න ඇත්තේ මාධ්ය ඉස්සරහා පොඩි පාට් එකක් දාලා ජවිපෙ ගිරා පෝතක සාමාජිකයන්ට තව ටික දවසකට ත්රිල් එකක් දෙන්න.එදා අනුර කිව්වේ දුමින්දට ලපටියෙක් කියලා.ඒ අර්ථයෙන් හිතුවොත් ජවිපෙට දුමින්දට වඩා නලින්ද සෑහෙන ලපටියෙක්. කොහොම උනත් ජවිපෙ තමන්ගේ නිර්දෝෂීභාවය හරියට රට ඉස්සරහා තහවුරු කරලා නෑ.දැන් ජවිපෙට ඒක නීතිය ඉස්සරහා තහවුරු කරන්න වෙනවා.මෙතන තවත් ප්රශ්නයක් තියනවා.
මේ චෝදනාවේ පාර්ශවකරුවෙක් උන ටිරාන් යටතේ තමයි CID එක තියෙන්නේ.එතන නං වෙන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ වැඩක්.කොහොම උනත් පුහුල් හොරා කරෙන් ඇල්ලුවා වගේ මේ චෝදනාව ඔප්පු කරන්න ලේසි නෑ.මොකද ගොඩක් දේවල් ව්යාපාරික ලෝකය ඇතුලේ යට ගහන්න පුළුවන් මට්ටමේ ව්යාපාරික හැකියාවක් දැන් ජවිපෙට තියනවා.ඒක නිසා දුමින්දලාත් කරන්න ඕනි නිවැරදි ඉලක්කය ගිහින් චෝදනාව ඔප්පු කරන එකයි.පුහුල් හොරා කරෙන් දැනේ තියරියට අනුව නං දැන් ගොඩක් අයට ජවිපෙ විෂම මැදිහත්වීම පැහැදිලියි.
ජවිපෙ විසින් හොරකමේ චෝදනා එල්ල කරපු අයට තිබුණේ මේ වගේ චෝදනා තමයි. නාමල්ට රත්තරං අස්සයෝ ලැබ්බෝ ගිනි තියනවා කිව්ව අනුර එක මාධ්ය සාකච්ඡාවේදී එහෙම කිව්වේ නෑ කියලා කිව්වා.ඒ චෝදනා බොරුයි කියලා රාජපක්ෂලාට තවමත් තහවුරු කරන්න බැරිවෙලා තියනවා වගේම ජවිපෙටත් ඒවා ඔප්පු කරන්න බැරිවුනා.දැන් ඒ පන්නයේ චෝදනාවක් ජවිපෙටත් එල්ල වෙලා.දැන් ජවිපෙට යුතුකමක් තියනවා තමන් එහෙම නෙවෙයි කියලා රට ඉදිරියේ ඔප්පු කරලා පෙන්නන්න.ඒ වගේම දුමින්ද නාගමුවලාටත් වගකීමක් තියනවා තමන් කරන චෝදනාව රට ඉදිරියේ ඔප්පු කරලා පෙන්නන්න.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට

රටේ රාළ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *