|

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නිල නොවන එකඟත්වය තහවුරුයි

 

ශ්‍රී ලංකා රජයේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙය් ණය හිමි රටවල් සහ රජය අතර නිල නොවන මට්ටමෙන් එකඟතාව තහවුරු වී ඇති බව තතු දත් ආරංචි මාර්ග මගින් දැනගන්නට ඇත.

ලබන මස 14 සහ 27 අතර මෙරට සංචාරය කිරීමට නියමිත ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස පැමිණීමට පෙර නිල වශයෙන් මෙම එකඟතාව ප්‍රකාශයට පත් කළ හැකි වෙතයි කියති.

අපට ණය කපා හැරීමක් ලැබෙන්නේ නැති බවත්, ගෙවීමේ කාලය දීර්ඝ කිරීමක් පමණක් ලැබෙනු ඇති බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා කොළඹ පැවති උත්සවයක දී ප්‍රකාශ කළේ ඉහත කී නිල නොවන එකඟත්වය අනුව බව කියති.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී චීනය සහ අනෙක් රටවල් එකිනෙකට වෙනස් ක්‍රියාමාර්ග ගනු ඇති බවත්, එසේ වුවත්, සියලු පාර්ශව සමාන බරක් දරන ලෙස ප්‍රතිව්‍යුහගතකරණය සිදුවනු ඇති බවත් දැනගන්නට ඇත.

ඩොලර් බිලියන 15 කට ආසන්න ණය ප්‍රමාණයක් මෙලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත ය.

එලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ආර්ථිකය ස්ථාවර කිරීමේ වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් සම්පුර්ණ සමාලෝචනයක් ලබන මස කොළඹ දී පැවැත්වෙන අයි එම් එෆ් සාකච්ඡාවල දී සිදු කිරීමට නියමිත ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *