සජිත් විශ්වාස භංගය ගෙනාවේ කෙහෙළිය බෙරාගන්නලු !

 

සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත සමගි ජන බලවේගය සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කළේ එම ඇමති ධුරය සජබයේ රාජිත සේනාරත්න මහතාට ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුදානම් වන බවට ලැබුණු ආරංචියක් නිසා බව විපක්ෂ ආරංචි මාර්ග කියයි.

විශ්වාස භංගය තිබිය දී සෞඛ්‍ය ඇමති ඉවත් කිරීම අපහසු බවත්, එසේ කළහොත් එය විශ්වාස භංගයේ ජයග්‍රහණයක් ලෙස පෙන්විය ඇහැකි වීමත් නිසා එසේ කළ බව කියති.

කෙහෙලියට එරෙහි විශ්වාස භංගය ඉක්මනින් ගෙනෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටි නමුත් එයට තවත් කල් ගැනීමට සජබය තීරණය කළේ එම තත්ත්වය නිසා බව ද විශ්වාස කෙරෙයි.

සමගි ජන බලවේගය විශ්වාස භංගය ඉදිරිපත් කළේ විපක්ෂයේ අනෙක් පක්ෂ එය නොකළ යුතු බව ප්‍රකාශ කොට තිබියදී ය. මෙය රජයට ජය අත්කර දෙන අවස්ථාවක් වන බව විපක්ෂයේ වෙනත් පක්ෂවල අදහස වී තිබේ.

කෙසේ වෙතත්, දැන් සිදු වී තිබෙන්නේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සහ රජයට ජයග්‍රහණයකින් විශ්වාස භංගය අවසන් වීම විය හැකි බවට විපක්ෂයේ ම පක්ෂවලින් විවේචන එල්ල වෙමින් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *