ජනාධිපතිවරණය : රනිල් අපේක්‍ෂකත්ව අර්බුදයක ! – මරික්කාර් කියයි
සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් විමසා සිටියි.
රනිල් වික්‍රමසිංහ මෙවර ද අපේක්‍ෂකත්ව අර්බුදයකට මුහුණදී සිටින බව ඔහු පවසයි.
ඔහු එබව කියා සිටියේ, විපක්ෂනායක කාර්යාලයේ අද (17) පැවති මාධ්‍ය හමුවේදීය.
ඔහු තවදුරටත් මෙසේද සඳහන් කළේය.
අනිත් පැත්තෙන් ඉන්දියාව අයෙත් අවුල් යනවා මොකද චිනේ නැවක් එන්න යන්නේ…තවත් අතකින් මිනිස්සු රට අතැරලා යනවා ..ලංකාවේ ළමයිට චින හිංදි ඉගෙන ගන්න තියා ලක්ෂ 2 ළමයි පාසල් යැම අත් හැරලා.. දෙමාපියන්ට ළමයි පාසල් යවන්න වත්කමක් නැ… බඩුමිළ අහස උස. විදුලි බිල, ජලබිල, ඉහල ගිහින් මැරෙන්න ඉස්පිරිතාලේ යන්නත් වෙලා. බාල බෙහෙත් හැම තැනම. බෙහෙත් මිළත් අධික ලෙස ඉහෙල ගිහින්. එහෙම රටක හින්දි – චීන භාෂා ඉගෙන ගන්නලු..
මොනවා උනත් කියන්න පුලුවන් 13 කතාව ඇදලා අරගෙන හොදටම ඇදගෙන ඉන්නේ. සාගර කාරියවසම් ව්‍යංගයෙන් කියන්නේ.. අපිනන් කෙලින්ම කියනවා.
දැන් මේ 13 ගැන කතාව කියලා මට තමයි දෙමල, මුස්ලිම් ඡන්ද තියෙන්නේ කියලා අපේක්ෂකත්වය ගැනිමේ තරඟයක්. එම ප්‍රකාශය දියාරුයි. ජනාධිපති මේවගේ ප්‍රතිචාරයක් බලාපොරෝත්තු වුනේ නැ. 13 සංශොධන බලාත්මක කරන්න කලින් පලාත් සභා ජන්දේ තියන්න. පලාත් සභා උපදින්නේ 13 දරුවෙක් විදිහට.
ණය සිමාව , වියදම් සිමාව බිලියන 9000 දක්වා වැඩිකරේ නම දිපු ගමන් බඩු බෙදන්න. අස්වැසුමේ සභාපති ඉල්ලා අස්වෙනවා. මෙම සරල කරනා එකතු කරලා ඔබතුමන්ලාට කියන්නේ ජනාධිපති ධුරය අවසාන වෙනකම් ප්‍රතිලාභ බුක්ති විදලා රස බලලා ගෙදර යනවා.
අප විපක්ෂයක් ලෙස පුලුල් සංවිධානය බිහිවෙනකොට, බඩු මිල ඉහළ යනකොට බලාපොරෝත්තු රහිත සමාජයකට බලාපොරෝත්තු දියහැකි හොදම කණ්ඩායම සමගි බලවේගයේ අපි ආණ්ඩු පිහිටවලා සජිත් මහතා ජනාධිපති වු පසු ජනාධිපතිවරණය නියමිත පරිදි පවත්වන්න අප කටයුතු කරනවා..”