කෙහෙලියගේ විශ්වාසභංගයට ජනපති දින තුනක් දෙයි

facebook sharing button
twitter sharing button
print sharing button
pinterest sharing button

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා  හෙට අනිද්දා සහ සෙනසුරාදා වෙන් කරන්නට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූයේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ විශ්වාසභංග යෝජනාව සඳහා දින තුනක්වත් විවාදයට අවශ්‍ය බවත් එය උඩින් පල්ලෙන් කිරීමට සූදානම් නැති බවත් ය.

ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා අදාළ ප්‍රකාශය කළේය.

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාදීප 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *