ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළ පනත් රජයේ යෝජනා නොවෙයි – අගමැති දිනේෂ් ගුණවර්ධන

 

 

 

ආණ්ඩුක්‍රම ව්‍ය වස්තාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කොට ඇති පළාත් පාලන පනත් රජයේ යෝජනා නොවන බවත් ඒවා ඉදිරියට ගෙන යාමට රජයට අවශ්‍ය නැති බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දීමෙන් පසු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැති තුමා කීවේ එම පනත් පෞද්ගලික මන්ත්‍රීවරයකු ඉදිරිපත් කළ ඒවා බව යි.

ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සංශෝධන පනත් කෙටුම්පත් වල ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (8) දැනුම් දුන් පසු මෙම ප්‍රකාශය කරනු ලැබී ය.

එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ  බහුතරයකින් හෝ ජනමත විචාරණයකින්  සම්මත කළ යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇත.

මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *