13 වැනි සංශෝධනය යටතේ ඒකීය විධායක ජනාධිපති වරයාගේ බලතල

දහතුන්වැනි ව්යවස්ථා සංශෝධනය පිළිබඳව මේ දිනවල ඇතිවී ඇති සංවාදයට සහ විවාදයට හා අධ්යයනය කරන දේශපාලන ක්රියාකාරිකයින්ට විද්යාර්ථීන්ට ප්රයෝජනවත් වනු ඇති බැවින් මෙම සටහන තබන්නෙමි.
රජයේ ප්රධානියා හා විධායකයේ ප්රධානියා ලෙස ජනාධිපති වරයාගේ කාර්ය භාරය අන් සියල්ලන් ගේ බලතල අභිබවා සිටී. පළාත් සභාවලට අදාළව ජනාධිපතිවරයා දහතුන්වැනි සංශෝධනය යටතේ සැලකිය යුතු හා තීරණාත්මක බලයක් හා බලතල ප්රමාණයන් ක්රියාත්මක කරයි .
01. වගන්ති 154 J( රාජ්ය ආරක්ෂාව) 154L (පරිපාලන යාන්ත්රණය බිඳවැටීම) 154N( මූල්ය ස්ථාවරත්වය) යටතේ අතිගරු ජනාධිපතිවරයා නිවේදන ප්රකාශයට පත් කරනු ඇත. එමගින් පළාත් සභාව බලතල තමා වෙත පවරා ගැනීම හෝ පාර්ලිමේන්තුව වෙත පැවරීම කළ හැකිය.
02. පළාත් ආණ්ඩුකාරවරුන් පත් කරනුයේ අතිගරු ජනාධිපතිවරයාය. ආණ්ඩුකාරවරයා සිය අභිමතය ක්රියාත්මක කරනුයේ විධායක ජනාධිපති වරයාගේ මගපෙන්වීම යටතේය.
03. අතිගරු ජනාධිපති වරයා විසින් මුදල් කොමිසම පත් කරනු ලැබේ මුදල් කොමිසම් වාර්තා කරනුයේ අතිගරු ජනාධිපති වරයාට.
04. පළාත් මහ ඇමතිවරයාගේ එකඟතාවය මත වුවද පළාත් වල ප්රධාන ලේකම්වරුන් පත් කරනුයේ අතිගරු ජනාධිපතිවරයාය.
05. ආණ්ඩුකාරවරයා සිය අභිමතය අනුව ක්රියා කිරීමේ දී විධායක ජනාධිපති වරයා විසින් ඔහු මෙහෙයවනු ඇත.
06. රාජ්ය ආරක්ෂාව තර්ජනයට ලක් වී ඇති අවස්ථාවක විධායක බලතල ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් අතිගරු ජනාධිපති වරයා විසින් ආණ්ඩුකාරවරයාට මග පෙන්වනු ඇත.
07. පරිපාලනය බිඳ වැටුනු අවස්ථාවකදී පළාත් පරිපාලනය කිසියම් හෝ සියලුම හෝ කාර්යයන් අතිගරු ජනාධිපති වරයා විසින් තමා වෙත පවරා ගත හැකි අතර පළාත් සභාවේ බලතල පාර්ලිමේන්තුව මගින් හෝ පාර්ලිමේන්තුවේ අධිකාරිත්වය යටතේ ක්රියාත්මක වන බව ප්රකාශයට පත් කළ හැක.
වෙන් වීමට හෝ බෙදී යාමට අභියෝග කිරීමට පළාත් සභාවකට ඇති ඉඩකඩ විධායක ජනාධිපතිවරයා සතු බලතල මගින් අහුරා ඇති අතර රටක් ලෙස අප වග බලාගත කී යුත්තේ පළාත් සභා වලට අදාළව ජනාධිපතිවරයා සතු බලතල දුර්වල කිරීමට ඉඩ නොතැබීමයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *