රනිල් ලිං මැඩියෙක්ද?ලෝකයෙක්ද? – රටේ රාළ

පහුගිය කෙටි කාලය ඇතුලත විදේශී රාජ්ය තාන්ත්රික ධූත පිරිස් කීපයක්ම ළඟ ළඟ අපේ රටට ආවා. රනිල්ගේ ඉන්දීය සංචාරයට ඉස්සෙල්ලා ඉන්දීය විදේශ ලේකම් ලංකාවට ආවා.ඒ දවස්වලම වගේ චීන ධූත පිරිසක් ලංකාවට ඇවිත් හිටියා.පස්සේ වෙනත් සංචාරයට යන ගමන් ප්රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් කෙටි කාලයකට කටුනායකට ගුවන්තොටුපලෙන් බැහැලා රනිල් හම්බ වෙලා ගියා.ජපන් විදේශ ඇමැතිවරයා ඇවිත් ගියා.මීට අමතරව විවිධ ආයෝජන ගැන සාකච්ඡා කරන්න විදෙස් දූත කණ්ඩායම් කීපයක්ම ආවා. සමහරු තවමත් ලංකාවේ ඉන්නවා.
ඇත්තටම ඉතා කෙටි කාලයක් ඇතුළත අපේ රාජ්ය තාන්ත්රික ගනුදෙනුවල සීග්ර වර්ධනයක් පෙන්නනවා.රාජපක්ෂ යුගයේ ඉන්දියාවයි,චීනයයි ස්වාසිලන්තයයි ඇතුළු රටවල් කීපයකට සීමා වෙලා තිබුණ අපේ රාජ්ය තාන්ත්රික ගනුදෙනු වේගයෙන්ම ලෝකයට විවෘත වෙමින් තියනවා.ඒ ගැන රනිල්ට විතරක් නෙවෙයි විදේශ ඇමති අලි සබ්රිටත් ස්තුතිවන්ත වෙන්න ඕනි.දැන් මේ විදේශ ගනුදෙනු පළල් වීම එක එක්කෙනාට එක එක විදිහට පේන්න පුළුවන්.අපේ රටේ ඊනියා දේශප්රේමීන්ට,බංකොලත් වම්මුන්ට, අංගවිකල ජාතිකවාදීන්ට තලු මර මරා කියන්න ලස්සන කතා ගොතන්න ආයෙත් පුළුවන්.
දැන් ආයෙත් ජාත්යන්තර කුමන්ත්රණ,මව්බිම පාවාදීමේ ගිවිසුම්,රට විකිණීමේ ගිවිසුම් ගැන කතා කරලියට එන්න ආසන්නයි. එහෙම අවධානමක් තියනවා නම් කොන්දේසි විරහිතව ඒවා හෙළි කරන්න ඕනි වගේම ඒවා පරාජය කරන්නත් ඕනි.හැබැයි මේ රාජ්ය තාන්ත්රික ගනුදෙනු ගැන බිල්ලෝ මවමින් තමන්ගේ දේශපාලන Project එකට වාසි ගන්න හදන ලිං මැඩියන්ටත් කොන්දේසි විරහිතව ගහන්නත් ඕනි.ඒක නිසා ඕනිම වෙලාවක ඔය කාරණා දෙකම වෙනුවෙන් මතවාදී අරගලයකට රටේ රාළ බළකාය ලෑස්තියි.
කොහොම උනත් අපිත් එක්ක ගිලිහිලා තිබුණ රාජ්ය තාන්ත්රික ගනුදෙනු විශාල ප්රමාණයක් ආයෙත් සක්රීය වෙලා තියනවා.ඒක බොරුවක් නෙවෙයි.රටේ රාළ බළකාය නම් ඒ ගැන සතුටු වෙනවා. දැන් කරන්න ඕනි මේවා පළල් කරමින් රටේ යහපත වෙනුවෙන් යොදා ගැනීමයි.ඒ සම්බන්ධ ප්රතිපත්තිමය කරුණු කීපයක් ගැන හොද අදහසක් පහුගිය දවසක ජාතික ජනරජ පෙරමුණේ නායක පාඨළී කියලා තිබුණා.පාඨළී කියන්නේ වහාම අපේ රට නවීකරණය වෙන්න ඕනි කියලා. අපේ කෘෂිකර්මාන්තය නවීකරණය වෙන්න ඕනි කියලයි.
අපේ ගොවියා වහාම යැපුම් මනසෙන් ඉවත් කරගෙන ව්යපාරික මනසක් සහිත ගොවියෙක් බවට පත් කරන්න ඕනි.ඒ සදහා අවශ්ය තාක්ෂණය ගොවි බිමට ගේන්න ඕනි.ඒ වගේම පළදායිතාවයෙන් වැඩි බීජ ලබා දෙන්න ඕනි.ඒ සදහා රජය මැදිහත් වෙන්න ඕනි කියලයි පාඨළී කියන්නේ.පාඨළී අහන්නේ ඇයි අපි වියට්නාමය,කාම්බෝජයය මැලේසියාව,තායිලන්තය සහ ඉන්දියාවේ කේරලයේ අද්දැකීම් එකතු කර නොගන්නේ කියලා.ඒ තත්වයට අපේ කෘෂිකර්මාන්තය නවීකරණය කලොත් අපි ලෝකයට ආහාර සහ පලතුරු සපයන්නට පුළුවන් රටක් කියලයි පාඨළී කියන්නේ.
රටේ රාළ පාඨිළීට කියන්නේ පුළුවන් නම් ඔය කතාව අපේ කෘෂිකර්ම ඇමති ඇතුළු කෘෂිකර්ම බළධාරීන් ගෙන්නලා ටොක්ක ටොක්ක ඇණලා කියා දෙන්න.පාඨළී ඒ කියන කතාව සමහරවිට ඔයාලටත් හීනයක් වගේ කියලා හිතෙන්න පුළුවන්.ඇත්තටම ඒක කරන්න පුළුවන් වැඩක්.අපේ මුතුන් මිත්තෝ එදා තිබුණ සමාජ සංවර්ධනයේ මට්ටමින් ඒක කළා.අපි කරන්න ඕනි රට වේගයෙන් නවීකරණයට කිරීම සහ රට වේගයෙන් ලෝකයත් එක්ක සම්බන්ධ කිරීමයි.එහෙම නොකර තවදුරටත් ගෝත්රික චින්තනයක අපි ඉන්නවා නං,මේක වෙනස් කරන්න බෑ.පාරම්පරික රස කතාවලින් තවදුරටත් යන්න බෑ.
ඒ වැඩේ කරන්න පුළුවන් කියන එකට අපේ ඉතිහාසය ඕනි තරම් උදාහරණ සපයලා තියනවා.අපි ඉතිහාසයයේ ස්වර්ණමය යුගයන් ගැන කතා කරනවා.ඒ යුගයන් හොඳට අධ්යාපන කලොත් අපේ දියුණුවේ එක රහසක් වෙන්නේ දියුණු රාජ්ය තාන්ත්රික ගනුදෙනු පවත්වා ගැනීම. බටහිර ජාතීන් එන්න ඉස්සෙල්ලා ශ්රී ලංකාව කියන්නේ ස්වයංපෝෂිත අපනයන රාජ්යයක්.
අලි,ඇතුන්,මුතු,මෑණික්,කුරුදු,පලතුර,කුළු බඩු…වගේ දැවැන්ත වෙළඳ පොලක් තිබුණ රටක්.අපේ රාජ්ය තාන්ත්රික සහ වෙළඳ ගනුදෙනු මැද පෙරදිගට දක්වාත්,නැගෙනහිර ආසියාවේ කාම්බෝජය,ලාඕසය, තායිලන්තය,වියට්නාමය දක්වාත් විහිදිලා තිබුණා.චීනය,ඉන්දියාව එක්ක නිරන්තර රාජ්ය තාන්ත්රික සහ වෙළඳ ගනුදෙනු අපි වර්ධනය කරලා තියනවා.ඇඹිලිපිටියේ රංච මඩමේ කරපු පුරාවිද්යා කැනීම්වලින් මිහිදු මහ රහතන් වහන්සේගේ පැමිණීමට පෙර පටන් අපි නැගෙනහිර ආසියාවේ රටවල් එක්ක ගනුදෙනු කළ බවට සාක්ෂි හම්බ වෙලා තියනවා.
රංච මඩමේ කැනීම්වලින් එදා කාන්තාවන්ගේ රූපලාවන්ය කටයුතු වෙනුවෙන් පාව්චි කරපු මෙවලම් සහ පඳනා හැදීමට යොදා තිබුණ පබළු වගේ වර්ග සමකාලීන ලාඕසය වගේ රටවලින් සොයාගෙන තිබුණා.ඒ කියන්නේ ලොකයේ රටවල් ගනනාවක් එක්ක අපි එදත් රාජ්ය තාන්ත්රික ගනුදෙනු කරලා තියනවා වගේම ඒ රටවල් සහ අපි අතර ආනයන අපනයන ක්රියාවලියක් සිද්ධ වෙලා තියනවා. රෝම හමුදාවේ අසිපත් හදන්න ශ්රී ලංකාවේ වානේ යොදා ගත්තා කියලා ඉතිහාසගත සාක්ෂි තියනවා.ඒක නිසා මෙතනදි රටේ රාළගේ තර්කය වෙන්නේ අපි සෞභාග්යමත් ජාතියක් විදිහට නැගීසිටිය හැම අවස්ථාවෙම අපිට හොඳ රාජ්ය තාන්ත්රික හැකියාවක් තිබිලා තියනවා.
ඇත්තටම ඒ හරහා දාර්ශනික ඥානය,තාක්ෂණය,ආගමික සංකල්ප හුවමාරු වෙලා තියනවා. එදා තිබුණ එෛතිහාසික සංවර්ධනයේ මට්ටමට අදාලව ලෝකයත් එකක් ගනුදෙනුව ඉහල මට්ටමින් තිබිලා තියනවා.අපි කිසිසේත්ම හුදකලා රාජ්යයක් විදිහට පැවතිලා නෑ.මෙතනදී දේශිය චින්තනය කියලා ගොඩක් අය කලේ මේ ජාත්යන්තර සම්බන්ධතාවලට පහර දෙන එකයි.එදා මාක්ස්වාදය බටහිර එකක් කියලා කෑගහපු තැන ඉදන් එයාලා කළේ ජාත්යන්තර ක්රමවේදයන්ට විරුද්ධ වෙන එකයි. ලෝකයත් එක්ක ඉස්සරහට යද්දී ප්රාග්ධනය වගේම දැනුම සහ දාර්ශනික මතවාද පවා හුවමාරු වෙන්න ඕනි.
අද බටහිර සමාජය ඇතුලේ බෞද්ධ දර්ශනය වේගයෙන් ප්රචලිත වෙන බව කවුරුත් දන්නවා.හැබැයි ඒ යන්නේ අපේ අය දේශනා කරන ගල් කණු බුදුදහම නං නෙවෙයි.ඒ පැතිරෙන්නේ තාර්කික බුදුදහම. කොහොමත් අපි මතක තියා ගන්න ඕනි අනාගතයේ දවසක ලේකය විශ්ව ගම්මානයක් වෙනවා කියලා. මිනිසා විශ්ව ජාතියක් වෙනවා. ජාතික සිමාවන්,දේශසීමාවන් අහෝසි වෙන දවසක් එනවා. ලෝකයට එක භාෂාවක්,විශ්ව සංස්කෘතියකට එනවා.ඒවා දකින් අපි නොහිටියත් එහෙම දවසක් එන බව අපි දන්නවා.
ඒක නිසා අපේ රටේ ඊනියා ජාතිකවාදීන්,ඊනියා වම්මු කරලා තියෙන්නේ සීමාවෙන් ඔබ්බට ගිහින් රටේ අනවශ්ය ජාත්යන්තර විරෝධයක් නිර්මාණය කිරීමයි.එක පාරක් වම්මු සහ ජාතික චින්තනකාරයෝ බටහිර විරෝධයක් හැදුවා,ඊට පස්සේ ඉන්දියන් විරෝදයක් හැදුවා,චීන විරෝධයක් හැදුවා.රාජපක්ෂලා රට ඇතුලේ හදපු මුස්ලිම් විරෝධය නිසාත් අපේ ජාත්යන්තර ගනුදෙනුවලට දැවැන්ත පහරක් වැදුනා.මේ සියල්ලෙන් වෙලා තියෙන්නේ රටට අත්යවශ්ය රාජ්ය තාන්ත්රික ගනුදෙනුවලට පහර වැදීමයි.
දැන්වත් නැවත යථාවත් වෙමින් තියන මේ රාජ්ය තාන්ත්රික ක්රියාවලිය රටේ සංවර්ධනය වෙනුවෙන් හරියට යොදා ගත්තේ නැත්තං අපි මේ වැටිලා තියන මේ නාරාවලෙන් ගොඩ එන්න බෑ.ඒක නිසා මේ ගොඩනැගෙන නව රාජ්ය තාන්ත්රික සබඳතා හරියට යොදා ගැනිම සහ ඒවා දිහා කුහක නොවී බලන එකත් පක්ෂ විපක්ෂ හැමෝගේම වගකීමක්.රනිල් ඒ උත්සාහය දරන බව පේනවා.රටේ රාළ බළකාය රනිල් ඒ උත්සාහයට සහය දෙනවා වගේම අනතුරත් පෙන්නලා දෙනවා.විපක්ෂයට තවමත් කරන්න බැරි ඒ මධ්යස්ථ තැනට එන්නයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට

රටේ රාළ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *