13 ගැන පක්ෂ යෝජනා 15 ට පෙර දෙන්න – ජනාධිපති ලේකම් පක්ෂ නායකයින්ට දන්වයි.

 

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය බලාත්මක කිරීම පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල අදහස් හා යෝජනා 2023-08-15 වන දින හෝ එදිනට පෙර ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් එම පක්ෂ හා කණ්ඩායම්වල නායකයන්ට ලිඛිතව දැනුම් දී තිබේ.

ජාතික සංහිඳියාව ඇති කිරීමේ පියවරක් ලෙස 2023-07-26 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවනු ලැබූ සර්ව පාක්ෂික සමුළුවේ දී ඇතිකරගත් එකඟතාව අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් මෙම දැනුම් දීම සිදු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *