|

“බුදුදහම අපූරු ප්‍රායෝගික දර්ශනයක් ” – ස්ලාවෝයි ජිජෙක්

 

 

 

 

ජිජෙක් ගැන කෙටි හැඳින්වීමක් 

(‘‘ස්ලාවෝයි ජිජෙක් උපත ලැබුවේ 1949 මාර්තු 21 වැනි දින ස්ලෝවේනියාවේ (පැරණි යුගෝස්ලාවියාවේ), ලූබිආනා නගරයේයජිජෙක් උපාධි අපේක්ෂකයෙකු ලෙස දර්ශනය සහ සමාජ විද්‍යාව හැදෑරූ අතර 1975 දී ප්‍රංශ ව්‍යුහවාදය පිළිබඳ පිටු 400 ක නිබන්ධනයක් ලියමින් ලූබිආනා විශ්ව විද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සම්පූර්ණ කළේය. 1981 දී ඔහු ජර්මානු විඥානවාදය පිළිබඳ නිබන්ධනයක් ලියමින් දර්ශනය පිළිබඳ ඔහුගේ පළමු ආචාර්ය උපාධිය ලබාගත්තේයවසර හතරකට පසුජිජෙක්ලැකාන්ගේ බෑනා වන ජැක්ඇලේන් මිලර්ගේ මඟ පෙන්වීම යටතේ සිය දෙවැනි ආචාර්ය උපාධි නිබන්ධනය සාර්ථකව අවසන් කළේයජිජෙක් 1970 ගණන්වල සිට ලු‍බියානා හි න්‍යායික මනෝවිශ්ලේෂණ සංගමයට අනුබද්ධිත න්‍යායාචාර්ය කණ්ඩායමක් වූ ලු‍බිආනා ලැකානියන් පාසලේ වඩාත්ම කැපී පෙනෙන සාමාජිකයෙක් විය. 1990 දී රට තුළ පැවති පළමු බහු පක්ෂ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වියඔහු දැනට ලූබිආනා විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ පර්යේෂකයෙක් සහ ලන්ඩනයේ මානව ශාස්ත්‍ර සඳහා බර්ක්බෙක් ආයතනයේ ජාත්‍යන්තර අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි. 1989 දී ඉංග්‍රීසි භාෂාවෙන් ලියූ ඔහුගේ පළමු පොත වන The Sublime Object of Ideology ප්‍රකාශයට පත් කළ දා සිටජිජෙක් ලෝකයේ වඩාත්ම නව්‍ය දාර්ශනිකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වියමේ ඔහු විසින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයක් වෙත ලබාදුන් පළමු සහ සුවිශේෂී සම්මුඛ සාකච්ඡාවයි.’’)

 

 

 

අපි පසුගිය ඉරිදා සවස 5:30 ට පමණ ලූබිආනා වේලාවෙන් එනම් සවස 8:30 ට මෙරට වේලාවෙන් මුණ ගැසුනෙමුඑහි පරමාර්ථය වූයේ ගැඹුරු දාර්ශනික කාරණා ගැන විමසීමට වඩා පවතින සමාජ ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් ස්ලාවෝයි ජිජෙක්ගේ අදහස්වලට සවන් දීමයමන්දසංකීර්ණ වචන අපහරණය කොට සිදුකරන දෙඩිවිලි වලින් හෙම්බත් වී සිටින සාමාන්‍ය ජනතාව අතරට ඔහුගේ අදහස් රැගෙන යෑම අත්‍යවශ්‍යය කාරණයක් ලෙස සිතුණු බ බැවිනි.

 

ස්ලාවෝයි සමග සන්නිවේදනය කිරීමේ අවස්ථාව ඇතිවූයේ උතුරු ඉලිනොයිස් විශ්ව විද්‍යාලයේ ඩේවිඩ් ජේගුන්කල් නිසායගුන්කල් සමඟ මෙම ප්‍රකට දාර්ශනිකයා පිළිබඳ මගේ පළමු සාකච්ඡාව මීට වසර හතකට පමණ පෙර ප්‍රසිද්ධ කළේයමෙම ස්ලෝවේනියානු දාර්ශනිකයාගැඹුරු විහිලු‍ වලින් සන්නද්ධඉතාමත් බැරෑරුම් අභියෝග සහ ගැඹුරු දාර්ශනික මතවාද මනාව විසංයෝජනය කරන්නෙකිඑහෙත්අතීත ග්‍රීක දාර්ශනික සම්ප්‍රදායන් වෙතට අපව රැගෙන යමින් ඔහු තම දීර්ඝ කතාව අවසානයේ, “මගේ මේ මෝඩ අදහස් වලට ඇහුකම් දුන්නාට ස්තූතියි,”‍ යැයි නොපැකිළිව පවසන්නේය.

 

ඔහු කතා කරනවිට ඔහුව නැවැත්වීම තරමක් අපහසු කාරණයකිමන්දඔහුගේ අදහස් එකකට එකක් මැනවින් යාවෙන අතර ඔබ නොදැනුවත්වම ඔහුගේ අදහස් ඔබ නොහිතන ලෝකයකට රැගෙන යනු ඇතවිද්‍යුත් තැපෑලෙන් සන්නිවේදනය කිරීමෙන් වසර ගණනාවකට පසුමම ඔහු සමඟ සජීවී සාකච්ඡාවක නිරත වූ පළමු අවස්ථාව මෙයයිවිශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අර්බුදය ජගත් ජනමාධ්‍යය වල ප්‍රධාන භූමිකාවක් බවට පත් වූ සමයක ශ්‍රී ලංකාව පිළිබඳ ඔහුගේ කෙටි නිරීක්‍ෂණය ඇසීමෙන් පසු, “ස්ලාවෝයිඔබ බටහිර සිටින භයානකම දාර්ශනිකයාලු‍අපොයි දෙවියනේමට නම් එහෙම දෙයක් පෙනෙන්නේ නැහැ”‍කියා මම විහිළුවට මෙන් ඇසුවෙමි.

 

සුපුරුදු කලබලකාරී සිනහවෙන් ඊට ප්‍රතිචාර දක්වමින් ස්ලාවෝයි, “මා භයානක යැයි හංවඩු ගසන අයම මා නින්දිත ලෙස ලේබල් කරනවාඒ ආකාරයෙන්ම මා ස්ටැලින්වාදීෆැසිස්ට්වාදී හෝ විහිලු‍කාරයෙකු ලෙස හඳුන්වනවාඑහි අරමුණ තමයි මගේ අදහස් වල ඇති බරපතළකම යටපත් කිරීමමගේ අදහස් වල විහිළු සහ ප්‍රකෝප කිරීම් තිබෙන නමුත් මම සතුට වෙනුවෙන් ලියන කෙනෙක් සහ මම ඒවා අවංකව ලියන කෙනෙක්ඒ වගේම මම භයානක අවදානම් ගැනීමට කැමතියි.”‍

 

මෑතකදීනිව් ස්ටේට්ස්මන් පුවත්පතටඉන්දියානා ජෝන්ස්බාර්බි සහ ඔපන්හයිමර් නමැති චිත්‍රපට තුන ගැන මගේ විචාර ප්‍රසිද්ධ කළේයසිත්ගන්නා කරුණ නම්මම විචාර ලියන විට මෙම චිත්‍රපට කිසිවක් නරඹා නොතිබීමයිඒ වෙනුවටමම ඒවා පිළිබඳ බොහෝ අය සිදුකළ විචාර කියවා මම මගේ විචාර ලිව්වාපසුව චිත්‍රපට නැරඹූ විටමගේ මූලික තක්සේරුව නිවැරදි බව මට වැටහුණා.”‍ මිනිස් සන්තානයේ බොහෝ අදහස් වලට නව ජීවයක් ලබා දුන් සුපුරුදු මිත්‍රසීලි අවංක දාර්ශනිකයාගේ සුන්දරත්වය මෙයයි.

 

කතාබහ ආරම්භයේදී ඔහු විහිලු‍වට මෙන් කියා සිටියේ මාහට අවශ්‍ය ‘ස්ටාලින් පන්නයේ නිදහස”‍‘ලබා දෙන බවයි. “මම ඔබට ස්ටැලින්වාදී නිදහස ක්‍රියාත්මක කිරීමට ඉඩ දෙනවාඑහිදී මම පැකිලීමකින් තොරව කතා කරනවාඔබට මගේ වචන තියුණු ලෙස වාරණය කළ හැකියි,” ස්ලාවෝයි ප්‍රකාශ කළ පසු මා විමසා සිටියේඔහුට ජෝසෆ් ස්ටාලින්ට මුහුණ දීමට අවස්ථාවක් ලැබුණහොත් ඔහු සිය කතාව ආරම්භ කරන්නේ කෙසේද කියායමා පුදුමයට පත් කරමින්ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසය. “මම හිතන්නේ ඔහු පෞද්ගලිකව නරක පුද්ගලයෙක් නොවන නමුත්ඔහු වමට ආපසු හැරවිය නොහැකි ව්‍යසනයක් ඇති කළානව සමාජවාදී දේශසීමා තුළ ඊනියා ස්ටැලින්වාදය බරපතළ අදහසක් ලෙස අපකීර්තියට පත්ව ඇති බව සත්‍යයක්නමුත් කෙසේ හෝ ඔහු හමුවීමට ආරාධනා කළහොත්ක්ෂණිකව මාගේ ඈවර වීමේ අවදානම පවා නොතකාමම ඔහුව මරන්න එය අවස්ථාවක් කරගන්න කැමතියිඔව්මම ඔහුව මරාවි’”.

 

කෙසේ වෙතත්ස්ලාවෝයි වඩාත් කැමත්තක් දක්වන්නේ ස්ටාලින් හමුවීමට වඩා සිය ජීවිතයේ අවසාන භාගය ගතකරන ව්ලැඩිමීර් ලෙනින් හමුවීමට සහ ”“ඔහු වැදූ රකුසාගේ (ස්ටාලින්නියම ගති තවමත් දැන නොසිටින්නේද?”‍ යැයි විමසීම කෙරෙහියස්ලාවෝයි පවසන්නේ ස්ටාලින් මෝඩයෙකු නොවූවත් ඔහුට ගැඹුරු ප්‍රඥාවක් නොමැති බවයි.

 

බොහෝ මිනිසුන් ඒකාධිපතියෙකු වැනි සුපිරි බලවතෙකුට යම් ගැඹුරු පාරභෞතික ප්‍රඥාවක් ඇති බව විශ්වාස කරනවානිදසුනක් වශයෙන්කාම්බෝජයේ (කම්පුචියාඛමර් රූජ් ආධිපත්‍යය පැවති සමයේදීඑහි නායක පොල්පොට් බුද්ධාගම පිළිබඳ ඉහළ අධ්‍යාපනයක් ලබා ඇති බවත්නිර්වාණය පවා ලබාඇති බවත්ඔහුගේ අනුගාමිකයින් විශ්වාස කළාඑහෙත් මම මේ තර්කය ප්‍රතික්ෂේප කරනවාම්ලේච්ඡ ආඥාදායකයින් තුළ යම් ගැඹුරුදූෂිත ප්‍රඥාවක් තිබේ යැයි සෙවිය යුතු දෙයක් නෙවෙයි”‍.

 

ඔහුගේ එම අදහස මාගේ ඊළඟ ප්‍රශ්නයට අවශ්‍ය අවකාශය ලබාදුන්නේයමන්ද ස්ලාවෝයිබටහිර දර්ශනය ගැන පමණක් නොව බුදුදහම පිළිබඳ ඔහුගේ අදහස් ප්‍රකාශ කර ඇතවිශේෂයෙන් බුදුදහම පුද්ගලයාට සහ සමාජයට බලපාන ආකාරය ගැන ඔහු විවිධ රචනා ප්‍රසිද්ධ කර ඇති හෙයින් සමාජීය අභියෝගවලට මුහුණ දෙමින් සහ මතවාදී උගුල් මගහරවා ගනිමින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා දේශපාලනයේ නියැලීම ඵලදායී ලෙස මෙහෙයවන්නේ කෙසේදැයි මම ඔහුගෙන් විමසුවෙමි.

 

එය භික්ෂූන් වහන්සේලාට පමණක් නොව අන් අයටත් එක හා සමානයිබෞද්ධ දර්ශනය ගැන ඉතා සොච්චම් දැනුමක් ඇති මාහට වඩාත් ආකර්ශනීය කාරණය වෙන්නේ නැගෙනහිර පමණක් නොව බටහිර පවා ප්‍රචලිත වෙමින් පවතින බෞද්ධ ආර්ථික විද්‍යාඥයයින්ගේ අදහස්ඒ ගැන මුලින්ම අදහස් දැක්වූ බටහිර ජාතිකයෙකු වූයේ ‘ස්මෝල් ඉස් බියුටිෆුල්’ ලියූ ඊ.එෆ්.ෂුමාකර් යමම බුදුදහම සංවෘත ඉගැන්වීමක් ලෙස නොසලකන අතර බෞද්ධ ආර්ථික විද්‍යාඥයින් විසින් ප්‍රචාරය කරන ලද තීක්ෂණ බුද්ධිමය අදහස් ඉතා පැහැදිළියිඔවුන්ගේ සමහර උපදෙස් ප්‍රායෝගිකව සිත්ගන්නා සුළුයිඔවුන් සමාජය රැඩිකල් ලෙස වෙනස් කරන්නේ කෙසේද යන්න පිළිබඳ අහිංසාවාදීමනෝරාජික අදහස් ඉදිරිපත් කරනවාකෙසේ වෙතත්මම සෑම විටම මෙය දෙස බලන්නේ විවේචනාත්මක ඇසකින්නිදසුනක් වශයෙන්ඔවුන්ගේ අදහස් අභියෝගයට ලක් වූ විට සහ ඒවායේ ඵලදායී බව ඔප්පු කරන ලෙස ඉල්ලා සිටි විටඔවුන් බොහෝ විට සඳහන් කරන්නේදළ ජාතික සතුට පවත්වාගැනීම සඳහා ප්‍රසිද්ධ රටක් වන භූතානයඑහෙත්අනූව දශකයේ මුල් භාගයේදී ඔවුන් ඉතා තියුණු වාර්ගික ශුද්ධ කිරීමක් සිදු කළේ නැද්දඔවුන් දළ ජාතික සතුටට හරියටම පටහැනි ලෙස යමින් ලෝත්ෂම්පා හෙවත් නේපාල සුළුතරය නෙරපා හරිනු ලැබුවාසෑම බෞද්ධ සමාජයකම පාහේ මතුවෙන ගැටලු‍ව මෙයයි,” ඔහු ප්‍රකාශ කළේය.

 

ස්ලාවෝයි විශ්වාස කරන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුව බෞද්ධ ආගම තුළ බලවත් ගැටලු‍ මතු වූ බවත් එහිදී භික්ෂූන් වහන්සේලා දේශපාලනීකරණය වූ බවයි. “ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කතා කරන විට සුළු ජාතික ප්‍රශ්නවලදී බෞද්ධ බහුතරයට වෙනස් ලෙස ක්‍රියා කළ හැකි ඇතැම් ක්‍රම තිබුණු බවයි මා විශ්වාස කරන්නේඋත්ප්‍රාසය නම් සැබෑ බෞද්ධයන් මෙය වටහාගෙන කිසිවිටෙක දේවල් මුහුණට නොගැනීමයිබටහිර අර්ථයෙන් බුදුදහම ආගමක් ලෙස පිළිගත නොහැකියිබුදුන් වහන්සේ දුක පිළිබඳව පැහැදිලිවම ‘අඥෙයවාදී’ වූ අතර එය ජීවිතයේ මූලික අංගයක් ලෙස සැලකූහඋන්වහන්සේගේ අවධානය යොමු වූයේ මහා පාරභෞතික ප්‍රශ්නවලට වඩා දුක් වේදනා සමනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව බව අප මතක තබා ගත යුතුයි.”‍

 

ජපන් යටත්විජිතකරණය සාදාරනීකරණය කළ ජපානයේ සෙන් බුද්ධාගම ගැන අවධානය යොමු කිරීමේදීපාරිසරික ව්‍යසනය වැනි ඇතැම් ප්‍රශ්න විසඳීම සඳහා බුදුදහමෙන් බොහෝ දෑ ඉගෙන ගත හැකියිඒ කියන්නේ, ‘පණුවන් නොමැරීම’ වැනි කාරණා නෙවෙයිධනවාදයේ සහ එහි ගතිකත්වයේ ප්‍රතිවිපාක වලට ආමන්ත්‍රණය කිරීම සඳහා අවශ්‍ය පුද්ගල වගකීම් දැරීමට බුදුදහම යොදා ගත හැකියිබුද්ධාගමඑහි මුල් ස්වරූපයට අනුවමහලු‍ වූ පසු පැවිදි වීමට සහ නිර්වාණය සෙවීම සඳහා ජීවිතය අත්හැරීම පිළිබඳ යම් ආකාරයක උමතු දෘෂ්ටියක් නොවඅපූරු ප්‍රායෝගික සහ අඥෙයවාදී දර්ශනයක්බුදුදහම එහි ආරම්භයේ සිටමඅධික සමාජ ක්‍රියාකාරකම්වල ව්‍යාජභාවය හෙළි කළාමේ සම්බන්ධයෙන් බුදුදහමට මීට වඩා දෙයක් කළ හැකියිඒ සඳහා භික්ෂූන් පමණක් නොව සාමාන්‍ය බෞද්ධයින්ට පවා දායක විය හැකියිඔබ සර්ව සම්පූර්ණ භික්ෂුවක් ලෙස ක්‍රියා කළ යුතු නැති නමුත් සාමාන්‍ය විනීතභාවය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වෙනවාඅද මට දැනෙන කනගාටුව නම්මෙම මූලික ලක්ෂණය සමාජයෙන් වඩ වඩාත් තුරන් වෙමින් තිබීමයි,” ඔහු බැරෑරුම් ලෙස කියා සිටියේය.

 

අදඅපි යහපත් ලෙස වෙස්වලාගෙන සිටින නපුරේ නව ස්වරූපයක් දකින්නෙමුයුද්ධය සහ සමාජ නැගිටීම් වැනි අභියෝගාත්මක අවස්ථාවන්හිදීවිශාලතම අන්තරාය වෙන්නේ අපගේ මූලික මානව දයාව අත්හැරීමයිඑවැනි තත්ත්වයන් තුළම්ලේච්ඡත්වය සාදාරනීකරණය කිරීම කැපී පෙනෙනවාබුද්ධාගම කිසි විටෙකත් මෙම ප්‍රවේශය අනුමත කර නෑබුදුදහමේ සමාජ වගකීම් බැඳී ඇත්තේ එතැනයි,”‍ ස්ලාවෝයි පැවසීය.

 

මගේ මීළඟ ප්‍රශ්නය වූයේ ‘සාධාරණ සමාජයක්’ කියා දෙයක් තිබේදනැතහොත් එය අප විසින්ම රවටා ගන්නා සාමූහික මිත්‍යාවක්ද යන්නයිකෙසේ වෙතත්ස්ලාවෝයි ට අනුව ගැටලු‍ව පවතින්නේ සාධාරණ සමාජයක් යන්නෙන් අප අදහස් කරන්නේ කුමක්ද යන නිර්වචනය මතය. “බුද්ධාගමේ සහ පසුව ක්‍රිස්තියානි ධර්මයේ මුල් ස්වරූපයන් වලින් සෑම කෙනෙකුටම සමානාත්මතාවය පිළිබඳ අදහස ඇතිවඩාත් රැඩිකල් සමාජ අවකාශයක් ඇති වුණාඕනෑම ප්‍රචණ්ඩ ක්‍රියාවක් ම්ලේච්ඡ සමාජ ධූරාවලිය පමණක් ශක්තිමත් කරන බැවින් ප්‍රචණ්ඩත්වයට යොමු නොවී මෙම සමානාත්මතා අවකාශය පුළුල් කිරීම වඩාත් තීරණාත්මකයිඑසේමසාධාරණ සමාජයක් සඳහා වෙන පළමු පියවර වෙන්නේ යුක්තිය යනු කුමක්ද යන්න තේරුම් ගැනීමෙන් යුක්තියේ අර්ථය පැහැදිළි කර ගැනීමයි.”‍

 

වඩ වඩාත් කෘත්‍රිම බුද්ධියෙන් (AI) හැඩ ගැන්වෙන ලෝකයක, ‘කෘත්‍රිම මෝඩකමෙහි ’ සිදුවිය හැකි නැඟීම ගැන අප බිය විය යුතුදයන්ත්‍රමිනිසුන් බුද්ධියෙන් පමණක් නොව අභූත වැරදි කිරීමට ඇති හැකියාවෙන්ද අභිබවා යයිදමා ස්ලාවෝයි ගෙන් ඇසුවෙමිඔහුට අනුවමෙම යන්ත්‍ර දැනටමත් වැරදි සිදු කරන නමුත් වැදගත් වෙන්නේ අප ‘භූත වැරදි’ ඇබ්සර්ඩ් මිස්ටේක්ස්නිර්වචනය කරන්නේ කෙසේද යන්නය..

 

ඔහු සිය ‘Hegel in A Wired Brain’ නම් පොතෙහි පැහැදිලි කිරීමට උත්සාහ කළ පරිදිමානව බුද්ධිය හුදෙක් ඉක්මන් ගණනය කිරීම් සහ ඇතැම් සංකීර්ණ ගැටලු‍ විසඳීමට වඩා නව සහ උසස් දෙයකට මඟ පෙන්වන ඵලදායී වැරදි සිදු කිරීමේදී විශිෂ්ටය. “නිදසුනක් වශයෙන්ප්‍රංශ ආහාරවලවඩාත්ම කීර්තිමත් කෑම බොහෝ විට ආරම්භ වූයේ වැරදීම් වලින්’’වැරදි නිසා බිහිවෙන දේ ඉවත දමනවා වෙනුවට ඔවුන් එය නව ස්වරූපයක් ලෙස වැළඳ ගත්තාප්‍රංශ වයින් සම්බන්ධයෙන්ද එයම සිදු වියවැරදිඵලදායි ලෙස භාවිතා කිරීමට සහ ඒවායින් පවතින තත්ත්වය උසස් කිරීමට ඇති මෙම හැකියාව AI හට ලබාගත හැකිද යන්න සැක සහිතයියන්ත්‍රවලට වැරදි සිදු විය හැකි නමුත්එම වැරදි වඩා හොඳ දෙයක් නිර්මාණය කිරීමට යොදා ගැනීමේ හැකියාව ඒවාට නෑ.”‍ ස්ලාවෝයි පවසන පරිදිවැරදි ඵලදායී ලෙස භාවිතා කිරීමෙන් පමණක් සමාජ ප්‍රගමනය සිදුවෙන බවත් එය මිනිසාට පමණක් ආවේණික ලක්ෂණයක් බවත්ය.

 

AI පිළිබඳ පවතින භීතිකාව නිසා මගේ මීළඟ ප්‍රශ්නය වූයේ ඉදිරි අනාගතයේදී උසස් AI ස්ලාවෝයි ජිජෙක් වැනි දාර්ශනිකයෙක්වාද විවාදවල නියැලෙමින් රොබෝ විකටයන් මිනිසුන්ගේ වැරදිවලට සමච්චල් කරනAI විසින් මෙහෙයවන විප්ලවවාදී ව්‍යාපාර කම්කරු අයිතිවාසිකම් සහ රොබෝ විමුක්තිය ගැන සටන් කරන යුගයක් බිහිවිය හැකිද යන්නයිඑහිදීමිනිසුන් තීරණ ගන්නා විටඔවුන් සෑම විටම එය කරන්නේ ආත්මීය නියැලීම හරහා බව පැහැදිලි කළ ස්ලාවෝයි එවැනි හැකියාවක් AI විසින් මෙහෙයවන යන්ත්‍ර වලට නොමැති බව පැවසීය..

 

”‍යන්ත්‍රවලට කම්කරුවන්ගේ අයිතිවාසිකම් සහ ඒ හා සමාන හේතු සඳහා සටන් කළ හැකි යැයි මම විශ්වාස කරන්නේ නෑමන්දමෙවැනි සටන් සඳහා දුක් වේදනා පිළිබඳ ගැඹුරු අවබෝධයක් අවශ්‍ය වෙනවාඑවැන්නක් යන්ත්‍ර වලට නුදුරු අනාගතයේ ලබාගත හැකියැයි විශ්වාස කිරීම අතාර්කිකයි,”‍ ඔහු පැවසීය.

 

නව තාක්‍ෂණික මෙවලම් යොදා රාජ්‍යය සහ පෞද්ගලික සමාගම් පුද්ගල දත්ත එකතු කිරීමෙන් පුද්ගලිකත්වය අහිමි වීම නිසා ඇතිවෙන අනතුර ගැන මම ස්ලාවෝයි ගෙන් විමසුවෙමිඔහු ප්‍රතිචාරය වූයේ, ”‍පෞද්ගලිකත්වය නැති වේ යැයි බියෙන් සිටින බොහෝ අයට වඩා මෙම කාරණය දකින්නේ වෙනස් විදිහකටසමහර යන්ත්‍ර මගේ පෞද්ගලික තොරතුරු දැන ගත්තාට මට කමක් නෑනමුත් මම වඩාත්ම කනස්සල්ලට පත්වෙන්නේ අපගේ දත්ත පෞද්ගලීකරණය කිරීම ගැනයිඔවුන් අප ගැන දන්නේ මොනවාද සහ ඒ දන්නා දේ සමග ඔවුන් කරන්නේ මොනවාද යන්න දැනගැනීමයි වැදගත් වෙන්නේඅපගේ අවධානය පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම කෙරෙහි පමණක් නොවිය යුතුයිමන්ද වැඩි වැඩියෙන් යන්ත්‍ර මගින් දත්ත රැස්කර සෞඛ්‍යය වැනි අපගේ අවශ්‍යතා විශ්ලේෂණය කරනවාඑය හොඳ දෙයක්මා සැලකිලිමත් වෙන්නේ අපගේ දත්ත පෞද්ගලීකරණය කිරීම සහ අපට ඇති පොදු අවකාශය හැකිළීම කෙරෙහියි.”‍

 

මීළඟට අතථ්‍ය යථාර්ථය (virtual reality ) අපගේ ජීවිත තුළ වඩාත් ප්‍රචලිත වෙන විටයථාර්ථය විකෘති කිරීම වැළැක්වීමට සහ අව්‍යාජ මානව අත්දැකීම් ආරක්ෂා කිරීමට අවශ්‍ය ආරක්ෂණ ක්‍රම පිළිබඳව මම ස්ලාවෝයිගෙන් විමසුවෙමිඔහු එහිදී පැහැදිළි කළේසමාජ යථාර්ථය ලෙස අප අත්දකින දෙය දැනටමත්යම් අර්ථයකින්අතථ්‍ය (virtual) බවයි. “මම යථාර්ථයේ පැවැත්ම ප්‍රතික්ෂේප නොකරන නමුත් යථාර්ථය ලෙස අප දකින දේට දැනටමත් අතථ්‍ය සංකේත පද්ධතියක් (virtual symbolic system)  මැදිහත් වී තිබේ.”‍

 

ඩිජිටල් මාධ්‍යවල ප්‍රශ්නය නම් ඒවායේ අථත්‍ය බව ක්‍රමිකව අඩුවීමයිඒවා රූපකව්‍යාජ අර්ථ සහ අපැහැදිලි බව ඉදිරිපත් කරනවා වෙනුවටඋත්සාහ කරන්නේ යථාර්ථයේම පරිපූර්ණ පිටපතක් නිර්මාණය කිරීමටයිඋදාහරණයක් ලෙසවීඩියෝ ක්‍රීඩා ගන්න. “ඔවුන් ඔබව වෙනත් යථාර්ථයක ගිල්වනු ලබන්නේ ඔවුන් පවත්වාගත යුතු අව්‍යාජ අතථ්‍ය ගුණය (authentic virtual quality) නැති කරමින්,”‍ ඔහු සඳහන් කළේය.

 

අප මෙම සංවාදයේ අවසානයට ආසන්න වෙන විටධනවාදය පිළිබඳ ඔහුගේ විවේචනවල සාකච්ඡා කර ඇති පරිදිපරිභෝජනවාදී සංස්කෘතියෙන් මිදීම සහ අව්‍යාජ නිදහස සොයා ගැනීම ගැන මම ස්ලාවෝයිගෙන් විමසුවෙමි. “මම මේ ගැන වඩාත් අශුභවාදීයිඅපි ජීවත් වෙන්නේ වැඩි වැඩියෙන් නිදහස් බව මතුපිටින් පෙනෙනනමුත් අපැහැදිලි සහ විනිවිද භාවයක් නැති ගෝලීය ධනේශ්වර සමාජයකඑක් අතකින් අප එය අසීමාන්තික නිදහස ලෙස සලකනු ලබනවාඅනෙක් අතින් අපි අඳුරු සහ විනිවිද නොපෙනෙන සමාජයක කොටසක් ලෙස ජීවත් වෙනවාමූලික නොගැලපීම මෙයයිඑවැනි සන්දර්භයක අප නිදහස යන්නෙන් අදහස් කරන්නේ කුමක්දයන්න පැහැදිලි කරගත යුතුයිනිදහස යනු අපට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීම නෙවෙයිවිනීතභාවයේ මූලික නීතිවලට ගරු කිරීම ගැන තමන් සහ අනෙකා විශ්වාස කළ නොහැකි නම් බිහිවෙන්නේ භයානක ලෝකයක්සැබෑ නිදහස සඳහා පැහැදිලි සහ ව්‍යංග නීති ක්‍රියාත්මක කිරීම අවශ්‍යය වෙන්නේ ඒ නිසයි,”‍ ඔහු සඳහන් කළේය.

 

පරිභෝජනවාදය ගැන ඔහු වැඩිදුරටත් පැවසුවේ, ”‍ඔබ ඉහළ මධ්‍යම පාන්තිකයින් ගැන කතා කරන විටප්‍රශ්නය පාරිභෝගිකවාදය විය හැකි නමුත් දුප්පත් පුද්ගලයෙකුට ඇති ප්‍රශ්නය නම් අලු‍ත් ඇඳුම් සහ ප්‍රමාණවත් ආහාර ලබා ගැනීමයිඅපි දුප්පත් මිනිසුන් පාරිභෝගිකවාදය යොදා විවේචනය නොකළ යුතුයියම් කිසි මුදලක් ලැබුණු පසු ඔවුන්ට අවශ්‍ය දෙයක් මිලදී ගෙන සතුට භුක්ති විඳීමට ඉඩ දිය යුතුයි.”‍

 

එසේම, ”‍නිදහසට ද්‍රව්‍යමය තත්ත්වයන් ඇති බව අප තේරුම් ගත යුතුයිමම ජීවිතයේ සෑම අංශයක්ම නියාමනය කරන ඒකාධිපති රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටිනවා නෙවෙයිමම නිදහසේ ස්වරූපයට කැමතියිනමුත් එය සාක්ෂාත් කර ගැනීම සඳහා රාජ්‍ය රෙගුලාසිලිඛිත නීති සහ සිරිත් විරිත් පිළිබඳ සම්පූර්ණ සංයුක්ත ජාලයක් හොඳින් ස්ථාපිත කළ යුතුයඅවාසනාව නම්අද මිනිසුන්ට අමතක වී ඇත්තේ මෙයයි.”‍ අපගේ දීර්ඝ කතාබහ අවසන් වූයේ එසේය.

 

 

 

 වචන කිහිපයක් ගැන ජිජෙක්ගේ නිර්වචනය කෙටියෙන්

 

විවාහය: මම වැඩි වැඩියෙන් විවාහයට කැමති අතර අවම වශයෙන් ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවලවිවාහය තවදුරටත් ආර්ථික අරමුදල් විකෘති කිරීම නොව සමාජ අශිෂ්ටත්වය ප්‍රතික්ෂේප කිරීමක් වෙන හෙයින් එය ඉතා සුන්දරයි.

 

විමුක්තිය  [ Emancipation] ප්‍රශ්නය පවතින්නේ අර්ථ නිරූපණය තුළ බැවින් එය හුදු නෛතික සමානාත්මතාවයකට අනුකූලව වටහා ගතහොත්මාක්ස් පැහැදිළි කළ පරිදිඑය නව ආකාරයක පීඩනයකට තුඩු දිය හැකි අතර සැබෑ විමුක්තිය නැවත අර්ථ දැක්වීමට අඛණ්ඩ අරගලයක් අවශ්‍ය බව මම විශ්වාස කරමි.

 

 

දෘෂ්ටිවාදාත්මක ෆැන්ටසිය (Idealogical Fantasy)  දෘෂ්ටිවාදාත්මක ෆැන්ටසිය යථාර්ථයට ප්‍රතිවිරුද්ධ දෙය නොවන අතර අප යථාර්ථය වටහා ගන්නේ කෙසේදැයි දෘෂ්ටිවාදාත්මක ෆැන්ටසිය තීරණය කරමින් තිබේ.

 

ව්ලැඩිමීර් පුටින් ජෝසප් ස්ටාලින් ගැන මා දරන මතය හා සමානවම මම හිතන්නේ ඔහු රුසියාවට මහා විනාශයක්ඔහුගේ අභිප්‍රාය ජයග්‍රහණය කළහොත් අප පිවිසෙන්නේ නව වැඩවසම්වාදයකටය.

 

ගෝලීය දකුණ (Global South) ප්‍රතිපත්තිමය වශයෙන්ගෝලීය දකුණ යටත් විජිතවාදයේ සහ නව යටත් විජිතකරණයේ ගොදුරක් ලෙස අර්ථ නිරූපණයට එකඟ වෙන නමුත් ඊට යටත් විජිත ස්වාමිවරුන්ගේ ප්‍රතිවිපාකවලට වඩා බොහෝ සෙයින් විශාල ප්‍රශ්න ඇති අතර ඒවා නව යටත් විජිතවාදයෙන් මිදීමෙන් පමණක් විසඳෙන්නේ නැත.

 

ආදරය: ආදරය සුවිශේෂී ප්‍රචණ්ඩකාරී ව්‍යසනයක් වෙන අතරඑහිදී ඔබට සියල්ල අහිමි වුවද ඔබ ඊට ආදරය කරනු ඇත.

 

හොලිවුඞ් හි කෘතීම බුද්ධියගැටලු‍ව වෙන්නේ ලේඛකයින්ට සහ නිළියන්ට රැකියා අහිමි වේ යැයි ඇති බිය පමණක් නොවහොලිවුඩය කුමන යන්ත්‍රයකට ඉඩ දෙයිද සහ කුමන කතා ඉල්ලා සිටීද යන්නයි..

 

අනාගත කොමියුනිස්ට්වාදය: එය සමාජයේ රැඩිකල් වෙනසක් තුළින් පමණක් සිදුවිය හැකි දෙයක් වෙන අතර අනාගතයක් නැති වත්මන් සමාජයට අවශ්‍යය වෙන්නේ නව ආරම්භයකි..

 

අනතුරු හැඟවුම්කරුවන් (whistleblowers)  නැති බටහිර: පහළ විය හැකි සියලු‍ම ලෝකවලින් නරකම එක..

 

මරණය: අප මැරෙන ජීවීන් වුවදටර්මිනේටර්වල අප දකින ආකාරයටමවිමුක්තිය  ( emancipation)  සඳහා වෙන අපගේ අරගලය ග්‍රහණය කර ගන්නා අප්‍රන්තය (‘undeathness’) හෝ සජීවී මරණය ( living death) නම් වැම්පයර් චිත්‍රපටවල කරන අනුමාන කිරීමට මම කැමතියි..

 

අවසාන සිහිනය : මම ඇත්තටම මිය යන විට සාමකාමීව මිය යන අයුරු සිහිනෙන් දකින්න කැමතියි.

නිලන්ත ඉලංගමුව

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *