තෙල් වර්ග තුනක් ගණන් උස්සයි

 

 

ඉන්ධන වර්ග 3 ක මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.

ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 20 කින්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 10 කින් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 12 කින් ඉහළ දැමූ බවත් ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 2 කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 10 කින් අඩු කළ බවත් ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

එම මිල සංශෝධනයත් සමඟ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 348 ක්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 375 ක් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 358 ක් බවත් ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 306 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 226 ක් බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩි දුරටත් පැවසීය.

(යොහාන් භාසුර)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *