වසර අග ඉලක්කයට මෙම මාසයේ ළඟාවෙයි. උද්ධමනය 6.3% ට බසී

’මෙම වසර අග උද්ධමනය තනි ඉලක්කමකට ගෙන ඒමට රජය ඉලක්ක කොට තිබු නමුත් එම ඉලක්කය මෙම ජුලි මාසය වන විට ළඟ කරගෙන ඇති බව ජන හා සංඛ්‍යා ලේඛය දෙපාර්තමේන්තු වාර්තා පේනවා දෙයි.

එම වාර්තා  අනුව ජුලි මස උද්ධමනය් සියයට 6.3 ක් දක්වා පහත බැස ඇත.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ජුනි මාසයේ වාර්තා වූ සියයට 12.0හි සිට 2023 ජූලි මාසයේ දී සියයට 6.3 ක් දක්වා පහළ යෑමක් වාර්තාකර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ

මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය 4.1% හි සිට -1.4% ක් දක්වා ‘ආහාර අවධමනයක්’ දක්වා පරිවර්තනය වී තිබීම විශේෂත්වයකි.

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 16.2% හි සිට 10.5% ක් දක්වා ත් 2023 මැයි මාසය තුළ දී අඩු වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *