එජාපයට තීරණාත්මක වසරක් – මහින්ද රත්නායක

වත්මන් ආණ්ඩුවේ දෙවැනි අයවැය ලේඛණය ද පාර්ලිමේන්තුවේ 2/3 ට වැඩි ඡුන්දයෙන් පසුගිය දා සම්මත වූ නමුත්, ගිය වසරේ අනුමත කළ අයවැය ලේඛණයෙන් කුමන ප‍්‍රතිඵලයක් අත්කර ගත්තේ ද යන්න පැහැදිළි නැත. සහන නොළැබුණු බවට  පොදු ජනතාව නගන මැසිවිලි ගැන නොව, පංචේන්ද්‍රියන්ට දැණෙන සාධනීය වෙනසක් නව ආණ්ඩුවේ ආර්ථික මූලෝපාය තුළින්  තවමත් සිදුවී නොමැති බවයි මෙයින් අදහස් වන්නේ. ගිනි පොලියට ණය ගෙන රාජපක්ෂ රෙජීමය  දියත් කළ වැරදි සංවර්ධන වැඩපිළිවෙලේ ණය පියවීමේ සැළසුම ක‍්‍රියාත්මක කිරීමට ගිය වසර මිඩංගු වූ බවට ආණ්ඩුව කියන කථාව පිලිගත හැක. නමුත්, ලබන වසරේදී නව අයවැය ලේඛණයේ ප‍්‍රථිඵල අර්ථිකයේ පිම්මකට හේතු පාදක නොවන්නේ නම් වත්මන් ආණ්ඩුවේ අනාගතය යහපත් නොවන බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. ආණ්ඩුව සම්මුති බද්ධ වන්නේ වි නමුත්  ආර්ථිකය මූලෝපායේ වගකිව යුත්තා එක්සත් ජාතික පක්ෂය වන හෙයින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා එක්සත් ජාතික පක්ෂයට එය අහිතකර ලෙස බලපාන්නට බොහෝ සෙයින් ඉඩ තිබේ. එපමණක් ද නොව වත්මන් ආණ්ඩුවේ ආර්ථික ක‍්‍රමෝපාය සාර්ථක වන්නේ නම් අනික් අතට එහි ඇති  වැඩි වාසිය  හිමිවීමට නියමිතව ඇත්තේ  එක්සත් ජාතික පක්ෂයට ය. ඒ අනුව ඉදිරි වසර, එනම් 2017  එක්සත් ජාතික පක්ෂයේ වසර ලෙස නම් කළ හැක. එහෙයින් ඉදිරි වසර  එක්සත් ජාතික පක්ෂයට තීරණාත්මක වසරක් වන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.  ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය ඡුන්දය දුන් අවසන් අයවැය ලේඛණය මෙය විය හැකි බවට එම පක්ෂයට අයත් එක්තරා ඇමතිවරයෙක් ප‍්‍රකාශ කළේ මේ නිසා වියයුතු ය.
නව ලිබරල්වාදය
කම්කරු පංතිය ප‍්‍රමුඛ පහත මාලයේ ජනතාවට අහිතකර ලෙස බලපාන නව ලිබරල්වාදි ආර්ථික ප‍්‍රතිපත්තිය ඉදිරියට ගෙනයන බවට අගමැතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුවට විවිධ පාර්ශව වලින් චෝදනා නැෙඟ්. නිදහස් වෙළඳ පොළ පදනම්කරගත් සම්භාව්‍ය ආර්ථික විද්‍යාවට නව ලිබරල්වාදය එක්කළ කිසිදු ආර්ථික විද්‍යා න්‍යායික සම්මාදමක් නැති බව මේ විවේචකයෝ නොදනිති. නව ලිබරල්වාදය යනු නව සම්භාව්‍ය  ආර්ථික විද්‍යාව ක‍්‍රියාවට නැගීමේ දේශපාලන වැඩ පිළිවෙලකි.  ලාංකීය අවකශය තුළ 1978 දී ජේ. ආර්. ජයවර්ධනගෙන් ආරම්භ වී 2015 ජනවාරි 08 මහින්ද රාජපක්ෂගේ රෙජීමය පලවා හැරීමෙන් එයට නැවතීමේ ලකුණ තබා ඇත. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය එහි ප‍්‍රථම පියවර ලෙස සැළකිය හැක. විධායක ජනාධිපති ක‍්‍රමය යනුවෙන් අපි හඳුන්වන්නේ වෙන යමක් නොව නව සම්භාව්‍ය ආර්ථික  ප‍්‍රතිපත්තියට එක්කළ දේශපාලන වැඩපිළිවෙල ය. වෙනත් ආකාරයකට කියන්නේ නම් අර කී ආර්ථික ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවට නැගීමේ දී පීඩාවට පත්වන ජනතාව නැගී සිටින විට මර්ධනයෙන් යටපත් කිරිමේ  දේශපාලන වැඩපිළිවෙළකි ඒ.
18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් මහින්ද රාජපක්ෂ කළේ පාර්ලිමේන්තුව දුබල කර අර කී දේශපාලන වැඩපිළිවෙල ශක්තිමත් කරගැනීම ය. ඔහු එය කළේ අධිරාජ්‍යවාදයට විරුද්ධව සටන් කිරීමටවත් සමාජවාදය ගොඩ නගන්නටවත් නොව නව ලිබරල්වාදි දේශපාලන ආර්ථික වැඩපිළිවෙල ශක්තිමත්ව ක‍්‍රියාවට නගන්නට ය. මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි බලවේගය ජනවාරි 08 වෙනිදා පරාජය කළේ මහින්ද රාජපක්ෂගේ රෙජීමය පමණක් නොව නව ලිබරල් දේශපාලන හා ආර්ථික වැඩපිළවෙල ය. කම්කරු පංතිය ප‍්‍රමුඛ පීඩාවට පත්වන ජනකොටස් නැගී සිටින විට එදා වෙඩි කන්නට සිදුවූයෙත්, අද එසේ සිදු නොවන්නේත් ඒ වෙනස නිසා ය. අගමැතිවරයා ප‍්‍රමුඛ වත්මන් ආණ්ඩුව සමාජවාදි දේශපාලන ආර්ථික වැඩ පිළිවෙලක් ක‍්‍රියාවට නගන බව මෙයින් අදහස් කරන්නෙක් නැත. නමුත්  අර කී ආර්ථික වැඩපිළිවෙලින් පිඩාවට පත්වන ජනතාවගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙමින් එයට සහන සළසන්නට ද ආණ්ඩුව සුදානම් බව  ඕනෑවටත් වඩා  පෙන්නුම්කර තිබේ. තමා අනුගමනය කරන්නේ සමාජ වෙළඳපොල ආර්ථිකයක් යැයි අගමැතිවරයා පහදන්නට මහන්සි ගන්නේ මේ වෙනස  ය.
මේ තතු යටතේ පරාජිත දුෂ්ඨ බලවේගය, නැවතත් බලයට ඒමට මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි අවකාශය වැරදි ලෙස ප‍්‍රයෝජනයට ගැනීමට උත්සහා දරන බව පෙනේ. පසුගියදා හම්බන්තොට වරායේ ඇති කළ සිද්ධිය මෙයට හොඳ උදාහරණයකි. රාජපක්ෂලා ප‍්‍රමුඛ පරාජිතයින්ගේ උත්සහාය වූයේ  ඔවුන් විසින් වරායේ සේවය සඳහා පෞද්ගලික සමාගමකට බඳවා ගැණුනු ඒ තරුණ පිරිස වරාය අධිකාරියට බඳවාගන්නා ලෙස උසීගැන්වීම ය. රාජපක්ෂලා ධනවාදයට එතරම් විරුද්ධ නම් අර කී තරුණයින් එදා වරාය අධිකරියට බඳවා ගන්නට තිබුණි. එසේ නොකළ රාජපක්ෂලා අද මේ ආකාරයට විවිධ ජන කොටස් ආණ්ඩුවට විරුද්ධව මෙහෙය වන්නට මහන්සි ගන්නේ  නැති වූ බලය කෙසේ හෝ ලබාගැනීමේ අරමුණෙනි.
ජන සතුව හා ඥාති සතුව
ආණ්ඩුව හම්බන්තෙට වරාය දිගුකාලීනව බදු දීම පිළිබඳව ඇතැම් වාමාංශිකයෝ තම විරෝධය පලකරති.  දිගුකාලීන බදුදීම පිළිබඳව නගන විරෝධයේ ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියෙන් සිටින බව පෙනේ. ආදායම් කෙසේ ලබාගන්නේ ද යන සැලසුමකින් තොරව  රාජපක්ෂ ආරම්භ කළ හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතියට කුමක් කරන්නේ ද යන ගැටළුවට ආණ්ඩුව මුහුණදුන් බව අපි දනිමු. ආදායමක් උපයාගතහැකි නැවක් හෝ ගුවන් යානයක් නොපැමිණි හම්බන්තොට වරාය හෝ ගුවන් තොටුපල ණය වාරිකය කෙසේ වෙතත්  පොලිය ගෙවාගැනීමටවත් ආණ්ඩුවට හැකියාවක් තිබුණේ නැත. කළ හැකිව තිබු ඉතිරි දෙය වන්නේ තවතවත් ජනතාවගෙන් බදු අයකර මේ ණය කන්දරාව ගෙවීම ය. එසේ කළේ නම් බදුබර වැඩි කිරීම පිළිඳව ද බදුදීමට එරෙහි මේ සංවිධානම ආණ්ඩුවට එරෙහිව ජනතාව උසිගන්වනු ඇත.
එහෙයින් වත්මන් ආණ්ඩුව හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති චීන සමාගම් සමඟ ඒකාබද්ධ ව්‍යාපෘති ලෙස ක‍්‍රියාවට නැගිමට ගත් තීන්දුවේ කිසිදු වරදක් නොපෙනේ. ආණ්ඩුවේ මෙම තීන්දුවත් සමඟම ලාභ ඉපැයීමේ අරමුණ ඇති හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතියේ කොටස්කාර පාර්ශවය වන චීන සමාගම් අර කී වරායට හා ගුවන් තොටුපලට නැව් හා ගුවන්යානා ගෙන්වා ගැනීමට මැදිහත්වනු ඇත. කුඩා ¥පතක් වන අපිට මෙන් නොව ලෝකයේ විශාල ආර්ථිකයකට හිමිකම් කියන චීනයට  ඒ හැකියාව තිබේ. මේ සියල්ල ශ‍්‍රි ලංකා රජය සමඟ ගෙන යන  හවුල් ව්‍යාපාර වන හෙයින් එම සමාගම් ලබන්නා වූ ලාභයෙන් කිසියම් ප‍්‍රතිශතයක් අපිට ලැබේ. ණය ගෙවීමට මහජනතාවට තව තවත් බදුබර පටවන්නේ නැතිව මේ ව්‍යාපෘති වලින් ලැබෙන ලාභයෙන් කිසියම් කොටසක් අපිට ලැබෙන්නේ නම් එයට විරුද්ධවීමට හේතුවක් නැත. හේතුවක් ඇත්නම් ඒ එකම හේතුව වන්නේ පටු දේශපාලන උවමනාවක් හැර  වෙනත් දෙයක් නොවේ. නිරවි යුධ සමයේ ඊනියා ජනසතුව තුළින් සංවර්ධනය අත්කර ගතහැකි බවට වූ විශ්වාසය මත තුන්වන ලෝකයේ බොහෝ ආණ්ඩු එදා ක‍්‍රියාකළේ ය. රාජ්‍ය ධනවාදය නම් වූ එකී වැඩ පිළිවෙල ශ‍්‍රි ලංකාවේ ආරම්භ කළේ ශ‍්‍රීලනිප ආණ්ඩුව බව අපි දනිමු. අපේ පැරණි වාමාංශික පක්ෂ ශ‍්‍රිලනිපය සමඟ සභාග ආණ්ඩුවලට ඇතුල් වන්නේ ඒ ඊනියා ජනසතුව තුළින් සමාජවාදයට යෑමට ය. එහෙත් පසු කාලීනව මේ ජනසතු ව්‍යාපාරවලට වූ නැස්පැත්තිය අපි දනිමු. දේශපාලකයින්ගේ ලියුම් කඩදාසියට හුදු රැුකියා සැපයිමේ ආයතන බවට පත් වූ ඒවා බරපතල ලෙස පාඩු ලැබුවා පමණක් නොව ඇතැම් ඒවා  බංකොලොත් විය. එසේත් නැති නම් පාලකයාගේ  සමිපතමයින් නැත්නම් ඥාතීන් මේවා හතර මහා නිධාන බවට පත්කර ගත්තේ ය. මෙයට නග්න උදාහරණය වන්නේ එයාර් ලංකා සමාගම ය.  අත්‍යවශ්‍ය මහජන සේවා සැපයීමට රාජ්‍ය ආයතන අවශ්‍ය බව මේ ලියුම්කරු පිළිගන්නා අතර පෞද්ගලික බස් වර්ජණයට මුහුණදීමට ආණ්ඩුවට හැකි වූයේ ලංගම වැනි ආයතනයක් තිබූ නිසා බව මතක් කිරීමට කැමැත්තෙමි.
සමාජවාදය ගැන වචනයක්
පද්ධතියක් ලෙස ම ධනවාදි ආර්ථිකය ලෝක පරිමාණව අර්බුදයකට ලක් වී ඇති බව බොහෝ වාමාංශිකයෝ පවසති. මේ ලියුම්කරු ද එය ප‍්‍රතික්ෂේප කරන්නේ නැත.  අපේක්ෂා කළ ආකාරයට මේ ආණ්ඩුවට බටහිර රටවලින් සැළකියයුතු ආකාරයෙන් ආයෝජන ගලා නොඑන්නේ ද ඒ අර්බුදය නිසා ය. අපිට පාලනය කළ නොහැකි එම හේතුව නිසා කිසියම් ආර්ථික අමාරුකමකට මේ ආණ්ඩුව මුහුණ දී ඇති බව ද සත්‍යයකි.  එහෙත් ඇතැම් වාමාංශිකයින් කියන ලෙසට සමාජවාදි වැඩපිළිවෙලක් මත මේ ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීමෙන් ඔය කියන සමාජවාදය ගොඩනගන්නට නොහැක. තනි රටක සමාජවාදය එදා ද වලංගු නොවුවා නම් ධනවාදය  ලෝක පරිමාන ලෙස ව්‍යාප්තවී ඇති අද වැනි දිනක මෙවැනි කුඩා ¥පතක ගොඩනැගිය හැකි සමාජවාදයක් නැත. සමාජවාදයේ නාමයෙන් පිහිටුවන, බාහිර ලෝකය සමඟ කිසිදු සබඳතාවයක් නැති උතුරු කොරියාව වැනි ඒකාධිපති රටක් බවට පත්විමට නම් ඒ මගින් පුළුවන. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදි සම්ප‍්‍රදාය මුල් බැසගත් ලංකාව වැනි රටක එවැනි ආණ්ඩුවක් පිහිටුවීම සැක සහිත ය.
¥ෂණ, වංචා සහ රාජපක්ෂ රෙජීමය කළ වැරදි සම්බන්ධයෙන් නීතිය හරි හැටි ක‍්‍රියාත්මක නොවීම වැනි වත්මන් ආණ්ඩුවේ ඇතැම් ක‍්‍රියා කලාපයන් අනුමත කළ නොහැක. ඒවාට එරෙහිව මේ ආණ්ඩුව බලයටපත් කළ සමාජ බලවේගයන්  අඛණ්ඩව ක‍්‍රියාත්මක වියයුතු ය. ලෝක පරිමාණ ලෙස දියුණු රටවල ඇතිවන වෙනස්කම් මත අප වැනි නොදියුණු කුඩා රටවලට සමාජවාදයට පාර කැපෙන්නේ දිනාගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තව තවත් විකසිත කරගැනීමෙන් මිස පරාජිත වර්ගවාදි ෆැසිස්ට් මාදිලියේ බලවේගයන්ට නැවත බලයට ඒමට පාර කැපීමෙන් නොවේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *