|

ජුලි මස උද්ධමනය සියයට 7 ට බහීවි – මහ බැංකු අධිපති

 

කොළඹ පාරිභෝගික මිල දර්ශනය අනුව ගණන් බලන උද්ධමනය  මෙම ජුලි මාසයේ දී සියයට 7 දක්වා අඩුවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියයි.

ඒ මහතා කියන්නේ ඉදිරි කාලයේ එය තවදුරටත් අඩු වනු ඇති බව යි.

සියයට 70 දක්වා ඉහළ ගිය උද්ධමන පාලනය කළ හැකි වුයේ බොහෝ දෙනාගේ විවේචන මැද මහ බැංකුව ක්‍රියාත්මක කළ දැඩි ආර්ථික  ප්‍රතිපත්ති නිසා බව ද මහතා ප්‍රකාශ කළේය.

මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ගණකාධිකාරී  වෘත්තියේ ජෙෂ්ට කණ්ඩායමක් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *