රනිල් රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ – රටේ රාළ

 ජනාධිපති රනිල්ගේ දේශපාලන විරුද්ධවාදීන් රනිල්ව හදුන්වන්නේ රනිල් රාජපක්ෂ කියලා. රනිල් රාජපක්ෂලාගේ පිහිටෙන් අනුප්රාප්තික ජනාධිපතිවීමත් එක්ක ඒ නම පටබැඳුනා. රාජපක්ෂලා මේ රටට කරපු විනාශයත් එක්ක කාටහරි රාජපක්ෂ නම පටබැදීම දේශපාලන වශයෙන් කරන අපහාසයක් වගේම උපහාසයක් විදිහටත් සලකන්න පුළුවන්.ඒ වගේම රනිල්,රාජපක්ෂලා ආරක්ෂා කරනවා කියන කාරණය පදනම් කරගෙන සහ රනිල් සහ රාජපක්ෂලා අතර වෙනසක් නෑ කියන කාරණයත් රනිල්ට රනිල් රාජපක්ෂ කියන්න බලපානවා ඇති.
කොහොම උනත් රනිලුත් තමන්ට රනිල් රාජපක්ෂ කියන එක රුස්සන්නේ නැති බව පේනවා.ඒ නම නැති කරගන්න රනිල් ට්රයි කරන බවත් පේනවා.පහුගිය 18 වෙනිදා උතුරු හා නැගෙනහිර පලාත්වල දෙමල පාර්ලිමේන්තු මන්ත්රීවරු එක්ක රනිල් කරපු සාකච්චාවේදී ඒක කැපිලා පෙනුනා.එතනදී දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ සුමන්තිරන් කිව්වේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ ලෙස ක්රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කැමැත්ත ප්රකාශ කළා කියලා.ඊට ප්රතිචාර දක්වමින් තමයි රනිල් කිවිවේ මම රනිල් වික්රමසිංහ මිසක් රනිල් රාජපක්ෂ නෙවෙයි කියලා.කොහොම උනත් රනිල්ටත් තමන් රනිල් වික්රමසිංහ නොවී රනිල් රාජපක්ෂ වෙයි කියන ලැජ්ජාව සහ බය තියෙන එක හොඳයි. එතනදී රනිල් උතුරු හා නැගෙනහිර පලාත්වල දෙමල මන්ත්රීවරුන්ට කියලා තිබුණේ 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කරන්න නං පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ පූර්ණ බලය බෙදීමකට එකඟ වෙන්න ඕනි කියලයි.
විශේෂයෙන් පොලිස් බලතල දෙන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ඕනි කියලයි. ඇත්තටම රනිල්ගේ ඒ කතාවෙන් තමන් තවදුරටත් රනිල් රාජපක්ෂ කෙනෙක් නොවන බව ලාවට හරි ඔප්පු කරලා තියනවා.මහින්ද රාජපක්ෂ ඔය වගේ සාකච්ඡාවලදී කළේ තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් ඕනිම කෙනෙකුට කප්පම් දීපු එකයි. සුමන්තිරන් මෙතනදී ඉල්ලන්නේ එහෙම කප්පමක්.මහින්ද උතුරු හා නැගෙනහිර ඡන්ද බලාපොරොත්තුවෙන් 13 + කප්පම දෙන්න එකඟ වුනා.13 + විතරක් නෙවෙයි මහින්ද තමන්ගේ ජනාධිපතිවරණ සටන දිනන්න උතුරේ ජනතාවගේ ඡන්ද අයිතිය මංකොල්ල කන්න එල්.ටී,ටී,ඊ සංවිධානයට මුදලින් කප්පම් දුන්න කෙනෙක්.සාමාන්යයෙන් අවුරුදු පහකට බලය ආපු රාජපක්ෂලා හිතාගෙන හිටියේ රටේ සියලු දේවල් මංකොල්ල කන්න තමන්ට අවුරුදු පහක බදු ඔප්පුවක් හම්බ වුනා කියලයි.
ඒ මංකොල්ල කෑම ඇතුලේ රටේ සම්පත් විතරක් නෙවෙයි ජනතාවගේ පරමාධිපත්ය බලයත්, මූලික අයිතිවාසිකමුත් මංකොල්ල කෑවා.ඔයාලට මතක ඇති එක වෙලාවක ගෝඨාභය කියපු උන්මත්තක කතාව.බලය ගත්තම මම තමයි නීතිය කියලා හිතන තරමට තක්කඩි දේශපාලනයක් තමයි රාජපක්ෂලාගේ තිබුණේ.මහින්ද ගෝඨාභය වගේ මොට්ට කතා නොකිව්වාට වැඩ කළේ එහෙමයි.චීචීගේ රොකට් එකේ ඉඳන් ලෝයර් නාමල්ගේ නීති උපාධිය දක්වාත්,යෝෂිතයේ නාවික හමුදා නිලයතල දක්වාත් මැදිහත්වුනේ එහෙමයි.ඒ කියන්නේ රාජපක්ෂලා මේ රටේ ජනතාවට ලැබෙන්න ඕනි අවස්ථා පවා තමන්ගේ පවුල වෙනුවෙන් උදුර ගත්ත අය. උතුරේ හා නැගෙනහිර දෙමල පක්ෂ නියෝජිතයින් එක්ක කරපු සාකච්ඡාවේදී රනිල් රාජපක්ෂලාගේ ස්ථාවරය නියෝජනය කළේ නෑ.රනිල් කියලා තියෙන්නේ මේ රටේ ජනතාවගේම බහුතර කැමැත්තට පිටින් වැඩකරන්න රනිල්ට බෑ කියලා.රනිල් මෙතනදී එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙකුට විදලා තියනවා.
ඒක පැත්තකින් උතුරේ සහ නැගෙනහිර දෙමල දේශපාලන පක්ෂවලට කියලා තියනවා දෙමල ජනතාවගේම අයිතිවාසිකම් දිනාගන්න පොදු එකඟතාවයක් අවශයයි කියලා.ඒ කියන්නේ දැන්වත් උතුරේ සහ නැගෙනහිර දෙමල දේශපාලන පක්ෂ ජාතිවාදී ස්ථාවරවලින් බැහැර වෙලා දෙමල ජනතාවගේ අයිතින් වෙනුවෙන් කරන සටනට බහුතර සිංහල ජනතාවගේ සහය ගන්න කියලා.රටේ රාළ කියන්නේ ඒ සහය සිංහල සමාජයෙන් ගන්න පුළුවන්.සිංහල සමාජය ඇතුලෙන් වේගයෙන් සිංහල ජාතිවාදය ප්රතික්ෂේප වෙමින් යනවා.උතුරේ දෙමල ජනතාවගේ විතරක් නෙවෙයි සමස්ථ සිංහල, දෙමල,මුස්ලිම්,බර්ගර්,මැලේ ශ්රී ලාංකික පුරවැසියන් වෙනුවෙන් එක්ව කරන සටනකින් විතරයි මේ හැම ප්රශ්නයකටම උත්තර තියෙන්නේ.රටේ රාළ බළකාය මහ ජාතික ජාතිවාදය වගේම සුළු ජාතික ජාතිවාදය කියන ඕනිම ආකාරයක ජාතිවාදයක් ප්රතික්ෂේප කරනවා.රනිල් කියන්නේ කවුරුත් එකතුවෙලා විසදුම හදමු කියලයි.ඇත්තටම එහෙම විසදුමක් තමයි කල් පවතින්නේ.
ඊළගට රනිල් මේ සාකච්ඡාව හරහා තමන්ගේ ස්ථාවරය ඉන්දීය නායකයන්ටත් කලින්ම දැන ගන්න සලස්වලා.
රනිල් දැන් ඉන්දියන් සංචාරයක ඉන්නේ.ඉන්දියාව රනිල්ට ප්රෙෂර් කරන්න ඉස්සෙල්ලා රනිල් ඉන්දියාවට ප්රෙෂර් එකක් දීලා.රනිල් ඉන්දියාවට කියලා තියෙන්නේ රාජ්ය නායකයා විදිහට තමන්ට රටේ සමස්ථය නොසලකා කප්පම් දෙන්න බෑ කියලයි.ඒක රනිල් රාජ්ය තාන්ත්රික භාෂාවෙන් කියලා තියනවා.ඇත්තටම මහින්දට ඔය කතාව දෙමල සන්ධානයටවත් ඉන්දියාවටවත් කියන්න කොන්දක් තිබුණේ නෑ.මහින්ද කළේ ඉන්දියාව ඉස්සරහා නිවට වෙන එක සහ දෙමල සන්ධානය ඉස්සරහා බොරු මල් වෙඩි ගහන එකයි.මහින්ද 13 + දෙනවා කියද්දී පාර්ලිමේන්තුවේ එකඟතාවය ගැන හිතුවේ නෑ.ඒ ඔක්කොම තමන්ගේ බූදලයෙන් දෙනවා වගේ තමයි හිටියේ.රනිල් දෙමල සන්ධානයට සහ ඉන්දියාවට කට උත්තර නැති වෙන උත්තරයක් දීලා.මෙච්චර කල් රටේ රාජ්ය නායකයාගේ පැත්තට තල්ලු කරලා තිබුණ දෙමල ජනතාවගේ ප්රශ්නය කියන පන්දුව දෙමළ මන්ත්රීලා පැත්තට තල්ලු කරන්න රනිල් දක්ෂ වෙලා.
මෙච්චර කල් මේ රටේ රාජ්ය නායකයෙක් ඔහොම කතා කළේ නෑ.ජේආර් කළෙත් ලොකු ලොකු කතා කිය කියා හිටලා අන්තිමට ඉන්දියාවට ඕනි විදිහට යටත් වීමේ ගිවිසුමට අත්සන් කරන එකයි.එතකොට කාට හරි අහන්න පුළුවන් රනිලුත් ඔහොම කියලා ඉන්දියාවට ගිහින් පාවා දීලා එයිද කියලා. රනිල්ට වෙන යටත්වීමේ ගිවිසුමක් ඉන්දියාවත් එක්ක අත්සන් කරන්න නෑ.ඒක ජේආර් අසූ හතේ අත්සන් කරලා ඉවරයි.ඒක හරියට ඇක්ටිව් වෙලා නැති එක විතරයි අපට සහනයකට තියෙන්නේ,හැබැයි ඒක ඉන්දියාවට ඕනි වෙලාවක උඩට ගන්න පුළුවන් විදිහකට අපේ ව්යවස්ථාව ඇතුලේ හංගලා තියනවා.අදත් ඉන්දියාව අපට Treat කරන්නේ 13 වන සංශෝධනයේ තියන යටත්වීමේ එකඟතා පාව්චිචි කරගෙන. එතනින් රාජ්ය තාන්ත්රිකව ගැලවෙන්නේ කොහොමද කියන එකයි දැන් අපි හිතන්න ඕනි.අපේම ක්රමයකට කොහොමද ලාංකිය සමාජය ඇතුලේ ජාතික සමගිය සහ සමානාත්මතාවය තහවුරු කරන්නේ කියන අභියෝග දැන් අපි ඉස්සරහා තියනවා.
ඒක නිසා ඉන්දියාව ඉන්න ස්ථාවරයෙන් එලියට ගන්න උත්සහ කරන එක අපේ නායකයන්ගේ වගකීමක්.ඒක කරන්න රනිල්ට පුළුවන් වෙන්නේ රනිල් ඉන්දියාවේ සහයෝගයෙන් බලයට ආපු කෙනෙක් නොවන නිසයි.ඉන්දියාවේ සහයෙන් බලයට ආවා නං රනිල්ටත් ඉස්සෙල්ලාම දිල්ලි ගිහින් මෝදි හම්බ වෙලා යටහත් පහත් බව ප්රකාශ කරලා එන්න වෙනවා.රටේ රාළ ඊයේ කිව්වා වගේම ඉන්දියාවත් එක්ක අපිට කිසිම වෛරයක් නෑ. හැබැයි ඉන්දියාවත් ඒ විවෘත මනසට එන්න ඕනි.එහෙම නොවුන හැම වෙලාවෙම අපේ රට ඇතුලේ ඉන්දියන් විරෝධයක් හැදුනා වගේම ආයෙත් හැදෙනවා.මොකද ලංකාව තමන්ගේ ප්රාන්තයක් කරගැනීමේ උවමනාව ඉන්දියාවේ සමහරුන්ට තවමත් තියනවා.සුබ්රමනියම් ස්වාමි වගේ අයට ඒ ඇඟේ අමාරුව ලොකුවටම තියනවා.එහෙම යටි අරමුණ එක්ක මැදිහත් වෙන රාජ්ය පද්ධතියක් ලෝකයේ තියනවා.ඉන්දියාව කරන්න ඕනි තමන්ට වැදිලා තියන ඒ ලේබලය ගලවාගෙන සමස්ථ ලෝකයේම තියන ජාතික රාජ්යයන්ගේ සහ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමයි.විශේෂයෙන් දකුණු ආසියාවේ.
ඒ වගේම අපේ රටේ නායකයොත් දැන ගන්න ඕනි කොහොමද ඒවාත් එක්ක රාජ්ය තාන්ත්රික විදිහට ඩීල් කරන්නේ කියලා.රටේ රාළ කියන්නේ අපේ රටේ කිසිම පාලකයෙක් රනිල් කතා කරපු පෞරුෂයෙන් 13 සම්බන්ධව කතා කරලා නෑ.ගොඩක් අය හිතුවේ රාජ්ය නායකයා උනහම තමන් සියල්ලටම උඩින් ඉන්නවා කියලා.නෑ,රාජ්ය නායකයා තීරණ දෙන්න ඕනි රටේ සමස්ථය ගැන හිතලා.ඒ අර්ථයෙන් ගත්තම රනිල් කියපු කතාව හරි.13 plus ද minus ද කියන එකට යන්න වෙන්නේ රටේ එකඟතාවයත් එක්ක.රනිල්ටත් ඒ ගැන මතයක් ඇති.හැබැයි රටේ මතය තමයි ක්රියාත්මක වෙන්න ඕනි.මේ තමයි රනිල් ජනාධිපති වුනාට පස්සේ කරපු නිවැරදිම ප්රජාතන්ත්රවාදී ප්රකාශය.13 පූර්ණ වශයෙන් බලාත්මක කරන්න පක්ෂ නායකයෝ සියල්ල එකඟ වෙන්න ඕනි,පාර්ලිමේන්තුවේ කැමැත්ත ගන්න ඕනි.ව්යවස්ථාවේ තියන ප්රතිපාදන එක්ක යන්න ඕනි.ජනතා කැමැත්ත ඕනි.
ඒ ගැන අවබෝධය සහිතව කප්පම් දෙන්න රනිල් ඉදිරිපත් නොවීම හොඳයි.ඡන්ද වෙනුවෙන් කප්පම් දෙන්න නොගිය එක ගැන රනිල්ට ස්තුති කරන්නත් ඕනි.මෙතනදී රනිල් තමන් රාජපක්ෂ කෙනෙක් නොවන බව පැහැදිලිව කියලා තියනවා.රනිල් ඉන්දියාවේදීත් තමන් රාජපක්ෂ කෙනෙක් නොවන බව ඔප්පු කරලා ආවොත් රනිල්ට ලාංකිය දේශපාලනයේ තව පිම්මක් පනින්න පුළුවන්.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට

රටේ රාළ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *