GSP ප්ලස් තීරු බදු සහනය තවත් වසර 04කින් දීර්ඝ කෙරේ

යුරෝපා සංගමය මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන GSP ප්ලස් තීරු බදු සහනය  මේ වසරේ දෙසැම්බර් 31 වන දායින් අවසන් වීමට නියමිතව තිබූ නමුත් එම සහනය 2027 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා තවත් වසර 04කින් දීර්ඝ කිරීමට යුරෝපා කොමිසම අද (19) තීරණය කර ඇත .

යුරෝපා සංගම් නියෝජිත කාර්යාලය සඳහන් කරන්නේ, නව GSP ප්ලස් ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන අතරතුර ශ්‍රී ලංකාව වැනි රටවලට දැනට පවතින ප්‍රමුඛතා තීරු බදු සහන ප්‍රවේශය මේ නිසා අහිමි නොවන බවයි.

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කරන්නේ, 2022 වසරේදී ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට යුරෝ බිලියන 3.2ක වටිනා අපනයනයන් සිදුකර ඇති බවයි.

සටහන – රෂිකා හෙන්නායක

LNW

Leave a Reply

Your email address will not be published. Required fields are marked *