රනිල්ගේ ඉන්දියානු සංචාරයට පෙරවදනක් – රටේ රාළ

ජනාධිපති රනිල් වික්රමසිංහගේ ඉන්දියානු නිල සංචාරය කට ළඟටම ඇවිත්.රනිල්ගේ සංචාරයට පහසුකම් හදන්න කියලා ඉන්දියාවේ විදේශ ලේකමුත් ඇවිත් ගියා.රනිල්ගේ මේ තීරණාත්මක සංචාරයට ඇමති මණ්ඩලයෙන් ඩග්ලස් දේවානන්ද,කාංචන විඡේසේකර,අලි සබ්රිත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායකත් එකතු වෙනවා.රනිල් ඉන්දියානු සංචාරය පටන් ගන්න ඉස්සෙල්ලා ඒ ගැන කතා කළොත් හොඳයි කියලා රටේ රාළට හිතුනා. ඒ තරමටම රනිල්ගේ ඉන්දියන් සංචාරය වැදගත් එකක්.මොකද මේ මොහොතේ ලෝක තත්වය හමුවේ ඉන්දියාවේ භූමිකාව වගේම අපිට සාපේක්ෂව ඉන්දියාවේ භූමිකාව අතිශයින් තීරණාත්මක එකක්.
ඉන්දියාව අපේ අසල්වැසියා.සමහරු ලොකු අයියා කියලත් කියනවා. ඉන්දියාව මේ මොහොතේ ඉන්දියානු අනන්යතාවය රැකගනිමින් ලෝක දේශපාලනය වෙනුවෙන් කරන්නේ සුවේශේෂි වැඩ කොටසක්.ලෝක දේශපාලනයේ ඉන්දියානු මෙහෙවර රටේ රාළ බලකාය ගොඩක් දුරට අගය කරනවා.ඉන්දියාව කියන්නේ ලෝක බලවතෙක්. ඉන්දියාව ආසියාවේ බලවතා වීමේ වගේම අනාගත ලෝකයේ බලවතා වීමේ ඉලක්කය සහිතව වැඩ කරන රටක්.දැනට ලෝකයේ වේගයෙන්ම ප්රසාරණය වන ආර්ථිකයන් දහය හිමි රටවල් අතර ඉන්දියාවත් ඉන්නවා.ලෝකයේ වැඩිම ජනගහනය ඉන්නේ ඉන්දියාවේ. ලෝකයේ හය වෙනි යුධ බලය සහිත රටත් ඉන්දියාව.ඒ වගේම සඳ ජයගත් ලෝකේ හතර වෙනි රට බවට පත්වෙන්න මේ දවස්වල ඉන්දියාව උපරිම උත්සාහයක් දරනවා.ඒ කඩයිමත් පහු කරන්න ඉන්දියාවට හැකි වෙවායි කියලා රටේ රාළ බලකායත් ප්රාර්ථනා කරනවා.රනිල් යන්නේ එහෙව් බලසම්පන්න ඉන්දියාවට. කොහොම උනත් ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරන්න ගිහින් අපේ රටේ නායකයෝ කීපදෙනෙක්ම අත පුච්ච ගත්තා.
අගමැතිනි සිරිමාවෝ බණ්‌ඩාරනායකගෙන් පස්සේ අපි ඉන්දියාවත් එක්ක සම මිතුරු රාජ්ය තාන්ත්රික ගනුදෙනුවක් කළේ නෑ.මෙතනදී ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරන්න ගිහින් ජේආර් තරම් පාඩම් ඉගෙන ගත්ත නායකයෙක් තවත් නැතිව ඇති. හැබැයි ජේආර් පාඩම් ඉගෙන ගත්තේ රටටත්, ජනතාවටත් ලොකු ලොකු පාඩම් ටිකක් උගන්නලා. ඡේආර් කියන්නේ දැඩි බටහිර ගැති නායකයෙක්.එදා ජේආර්ට කිව්වේ යැංකි ඩිකී කියලා.ජේආර්ගේ තිබුණ මේ බටහිර ගැති ස්වරූපය ඉන්දියාව රිස්සුවේ නෑ.ඒක නිසා ඉන්දියාව අපේ රටේ ජාතික ප්රශ්නය පදනම් කරනගෙන විවිධ විදිහේ අත පෙවීම් කලා.රාජ්ය තාන්ත්රික බලපෑම් වගේම නීති විරෝධී මැදිහත්වීම් කළා.දෙමළ බෙදුම්වාදී සන්නද්ධ ව්යාපාර ශක්තිමත් කරන්න ඉන්දියාව එදා ලොකු සහයෝගයක් දුන්නා.ඉන්දියානු ව්යාප්තවාදය කියන සංකල්පය එන්නේ ඉන්දියාව අතීතයේ පටන් කරපු වැරදි දේශපාලන අතපෙවීම් එක්ක.
88/89 දී ඉන්දියන් භාණ්ඩ වර්ජනයක් අපේ රටේ උපරිම විදිහට ක්රියාත්මක වුනා.ඉන්දියන් බඩු කුණු කොල්ලයටවත් ගන්න කවුරුවත් ඉදිරිපත් වුනේ නෑ.රට ඇතුලේ බරපතල ඉන්දියන් විරෝධයක් 80 දශකය අවසානය වෙනකොට නිර්මාණය වෙලා තිබුණා.ඇත්තටම ඒ තත්වය ඇති වෙන්න ඉන්දියානු අධිපතිවාදී අතපෙවීම් බලපෑවා.අවසානයේ ජේආර් ඉන්දියාවට යටත් වුනා.ඉන්දු – ලංකා ගිවිසුම,13 වෙන ව්යවස්ථා සංශෝධනය, පලාත් සභා අපට පැටවෙන්නේ එතනින් පස්සේ.ඒ විතරක් නෙවෙයි අපේ රටට ඉන්දියන් හමුදාවකුත් ගොඩ බැස්සා.ජේආර් අත පුච්ච ගත්තේ රටටම ගිනි තියලා.අන්තිමට ඉන්දියාව මැදිහත් වෙලා නිර්මාණය කරපු දෙමල සන්නද්ධ ව්යාපාරය කීපයක් ඉන්දියාවට අකීකරු තැනකට තල්ලු වුනා.විශේෂයෙන් එල්ටීටීඊ සංවිධාන ඉන්දියන් කොන්ග්රස් විරෝධයක හිටියා. අවසානයේ කොටි සංවිධානය ඉන්දියන් අගමැති රජීව් ගාන්ධිව ඝාතනය කළා.
ඒ කියන්නේ ඉන්දියාව සහ ලංකාව තමන්ගේ සීමා ඉර පැන්න හැම තැනදිම දෙපැත්තටම අත්වුනේ විනාශය.ඊට පස්සේ අපේ රටේ පාලකයා වුන චන්ද්රිකා ඉන්දියාවත් එක්ක ලොකු ගැටුමක් ඇති කර ගත්තේ නෑ.ඊළගට ආපු රාජපක්ෂලා ඉන්දියාව එක්ක කළේ තක්කඩි දේශපාලන ගනුදෙනුවක්.ඒ වෙනකොට ඉන්දියාව සහ බටහිර අතර තිබුණ ගැටුම් සමනය වෙලා තිබුණා.ආසියාව ඇතුලේ චීන නැගී සිටීම විසින් ඇමරිකාව සහ ඉන්දියාව චීන විරෝධී කදවුරක් විදිහට මැදිහත් වෙමින් හිටියා. පසුගිය කාලේ අපටත් ඉන්දියා – ඇමරිකන් ඒකාබද්ධ බලපෑම් එල්ල වුනා.ඇත්තටම ඒකට මුලික වුනේ රාජපක්ෂලාගේ පටු දේශපාලනය.රාජපක්ෂලා ඉන්දියාව,චීනය සහ ඇමරිකාව එක්ක රාජ්ය තාන්ත්රික ගනුදෙනු කරනවා වෙනුවට කළේ ඉන්දියාව,චීනය සහ ඇමරිකාව බැලන්ස් කරගන්න අපේ රටේ වටිනා සම්පත් මේ රටවල් තුනට දෙන කොමිස් කුට්ටි දේශපාලනයක්. ඒ දන්දීමේ දේශපාලනය මෛත්රි – රනිල් යහපාලන ආණ්ඩුවත් කළා. චීනයට හම්බන්තොට වරාය දෙනකොට ඉන්දියාවට කොළඹ වරායේ බටහිර ජැටිය දුන්නා ඊට හිලව් වෙන්න යුගදනවි බලාගාරය ඇමරිකාවට දුන්නා.
මෙහෙම ආපු දේශපාලනයක් තමයි අපේ රටේ තිබුණේ.කොහොම හරි අද වෙනකොට අපි ලෝකයේ ප්රධාන බලවතුන් තුන් දෙනෙක්ගේ දඩබිමක් බවට පත්වෙලා.ඒ අතර රාජපක්ෂලාගේ වැරදි ආර්ථික ප්රතිපත්ති හින්දා රට බංකොලොත් වුනා.බංකොලොත් වුන අපිට යන්තම් පණ රැක ගන්න පුළුවන් වුනේ ඉන්දියන් Cradit Line එක හින්දයි.එදා ඉන්දියන් Cradit Line එක හම්බ වෙනකොට ඉන්දියාව දෙවියෙක් වගේ පෙනුන අයට අද ඉන්දියාවෙන් බාල බෙහෙත්වලින් මෙහේ ලෙඩ්ඩු දවස ගානේ මැරෙනකොට ආයෙත් ඉන්දියන් විරෝධය මතක්වෙලා.ඉන්දියාව අපට Cradit Line එක දීලා ඉන්දියාවෙන් බෙහෙත් ගන්න කිව්වා තමයි.ඒත් ඉන්දියාවේ තියන බාල බෙහෙත් ගන්න කියලා ඉන්දියාව කිව්වේ නෑ.අපේ අයියලා තමයි ගිහින් භවිතාවට නුසුදුසු බෙහෙත් වර්ග දහස් ගණනක් ගෙනත් අපේ බෙහෙත් ගබඩා පුරෝ ගත්තේ.හැබැයි ඒකෙන් ඉන්දියාවේ නමත් සවුත්තු වෙනවා.කොහොම හරි රනිල් ඉන්දියාවට යන දවස කිට්ටු වෙනකොට ඉන්දියන් ගමන Hit මාතෘකාවක් වෙන එක නවත්වන්න බෑ.
රනිල් ඉන්දියන් ගමනට සමාන්තරව උතුරේ වගේම වතුකරයේ දෙමල දේශපාලන පක්ෂ නායකයන් එක්ක සමීප අදහස් හුවමාරුවක් කරගත්තා.රනිල් 13 ගැන අදහස් ප්රකාශ කළා. දෙමල පක්ෂ එක්ක කතා කළා. උතුරේ සහ වතුකරයේ සංචාරය කළා.කොහොම උනත් ඉන්දියන් සංචාරයේදී රනිල්ට ලොකු පීඩනයක් ඉන්දියාව පැත්තෙන් එල්ල වෙන එක නවත්තන්න බෑ. මොකද දෙමල ජනතාවගේ ප්රශ්නය කියන මාතෘකාව තමයි ඔතන උඩින්ම තියෙන්නේ.ඉන්දියන් මහ මැතිවරණයත් කිට්ටු නිසා මෝදී ඒ ප්රශ්නය උඩට ගන්නවා.ඊළඟට ඉන්දියන් ආයෝජන අවස්ථා සහ ඉන්දියන් නිෂ්පාදන සදහා අපේ වෙළඳ පොල පලල් කර ගැනීම වගේ සාකච්ඡා සහ ද්වීපාර්ශ්වික ගිවිසුම් ටික උඩට එයි.ඇත්තටම දෙමළ ජනතාවගේ ප්රශ්නය කියන මාතෘකාවෙදී රනිල්ට උනත් දෙන්න උත්තරයක් නෑ.ඔක්කොම තියෙන්නේ Pending උත්තර.පලාත් සහා නෑ.අඩුම ගානේ පලාත් පාලන ඡන්දයවත් නෑ.දෙමල ජනතාවගේ විතරක් නෙවෙයි සමස්ථ ජනතාවගේම ඉඩම් ප්රශ්න තවම නිරවුල් කරලා නෑ.දෙමල දේශපාලන සිරකරුවන්ගේ ප්රශ්නය අවසන් නෑ.
ඒ වගේම අතුරුදහන් වූවන්ගේ ප්රශ්නය තවමත් එතනමයි.අඩුම ගානේ ඒ ගැන හොයලා එයාලට මරණ සහතික නිකුත් කිරීමවත් කරලා නෑ.ඒ වගේම වතුකරයේ ජනතාව ගෙවන දුඛිත ජීවිතවලින් මුදවා ගන්න තවම හරි වැඩපිලිවෙලක් නෑ. ඇත්තටම වතුකරයේ සෞඛ්ය තත්වය සහ අධ්යාපන තත්වය තියෙන්නේ ඉතාමත් පහල මට්ටමක.මේ කිසිම දේකට උත්තර නැතිව තමයි රනිල් ඉන්දියන් සංචාරයට යන්නේ.ඒක නිසා රනිල්ට දැඩි ඉන්දියන් බලපෑමක් එල්ල වෙන එක වළක්වන්න බෑ.විශේෂයෙන් පලාත් සභා ඡන්දය තියන්න කියන එක සහ 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් ක්රියාත්මක කිරීම වෙනුවෙන් ලොකු බලපෑමක් එනවා. රනිල්ට මෙතනදී උත්තර දෙකක් තියනවා.ජේආර් වගේ යටත්වීම හෝ රාජපක්ෂලා වගේ නිවටවීම කියන උත්තරය තියනවා.නැත්තං සිරිමාවෝ – ඉන්දිරා වගේ ඉන්දියාවත් එක්ක සම මිතුරු රාජ්ය තාන්ත්රික ගනුදෙනුවකට යන්න ඕනි.ඒකට විශේෂ රාජ්ය තාන්ත්රික හැකියාවක් තියෙන්නත් ඕනි.රනිල් පහුගිය කාලය ඇතුලේ මැදිහත්වුන ජාත්යන්තර දේශපාලන කාරනා ඇතුලේ ඒ පෞරුෂය පෙන්නුවා.
ඒ වගේම එතෙන්ට තල්ලු කරගන්න පුළුවන් වටපිටාවක් ලෝක දේශපාලනය ඇතුලේ දැන් නිර්මාණය වෙමින් තියනවා.රනිල් ඒකට දක්ෂ වෙන්න ඕනි.ඉන්දියාව, චීනය,රුසියාව එක කදවුරකට එකතු වෙමින් ඉන්නවා.අපිට කවදාවත් ඉන්දියාවට හතුරු යුක්රේනයක් වෙන්න ඕනි නෑ. ඉන්දියාව ලෝකය ඉස්සරහා ගන්න ජයග්රහණවලට අපි වෛර කරන්නේ නෑ.ලෝකය ඉස්සරහා තියන ඉන්දියානු සළකුණ ගැන අපි සතුටු වෙනවා.ඉන්දියාවට ඉන්දියානු අනන්යතාවය වැදගත් වගේම අපිට ශ්රී ලාංකීය අනන්යතාවයත් වැදගත්. අපටත් ශ්රී ලාංකික අනන්යානයකින් ලෝකය ඇතුලේ නැගිටින්න ඕනි. රනිල් දිගටම ආසියානු අනන්යතාවය ගැන කතා කරනවා.ඒ ආසියානු අනන්යතාවය ඇතුලේ ශ්රී ලාංකික අනන්යතාවය ආරක්ෂා කරගන්න රනිල් මැදිහත් වෙන්න ඕනි.ඒකේ වැදගත්ම කොටස බේරගන්න තියෙන්නේ ඉන්දියාවත් එක්ක.
ඉන්දියාව ආදරණිය ලොකු අයියා කෙනෙකුගේ භූමිකාවකට මාරුකර ගන්නයි ඕනි.මොකද පොඩි මල්ලිලටත් එයාලගේ පෞරුෂයෙන් වැඩ කරන්න ලොකු අයියා ඉඩ දෙන්න ඕනි.බලමු රනිල් ශ්රී ලාංකීය අනන්යතාවය වෙනුවෙන් කරන රාජ්ය තාන්ත්රික මැදිහත්වීම මොකද්ද කියලා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට

රටේ රාළ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *