මෛත්‍රි දැන් ආණ්ඩුවේද, විපක්ෂයේද? – රටේ රාළ

ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින් කරපු නිමල් සිරිපාල,මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායම ආයෙත් ශ්රිලනිපයට අරන්.එයාලා කලින් දරපු තනතුරුත් දීලා.ඒ තීරණය අරගත්තේ පහුගිය 15 වෙනිදා තිබුණ ශ්රිලනිප සමස්ථ ලංකා කාරක සභාවේදී.සමස්ථ ලංකා කාරක සහාවට නිමල් සිරිපාල, අමරවීර,දුමින්ද,ලසන්ත අලගියවන්න ඇතුළු කණ්ඩායමත් සහභාගී වෙලා හිටියා.එයාලගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටෙව්වට පස්සේ නිමල් සිරිපාල ඒ තීරණය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයට ගියා. අභියාචනාධිකරණයෙන් එයාලාගේ පක්ෂ සාමාජිකත්වය අයින් කිරීම නීති විරෝධී කියලා තීරණය කළා.ඒකත් එක්ක ශ්රිලනිපයට එයාලා නැවත පක්ෂයට ගන්නවා හැර වෙන කරන්න දෙයක් ඉතිරිවෙලා නෑ.
රටේ රාළ දිගටම කිව්වේ මෙතනින් එහාට ශ්රිලනිපයේ ගමන තීරණය වෙන්නේ පක්ෂයේ අභ්යන්තර සමගිය මත කියලයි.ශ්රීලනිපයේ අභයන්තර සමගිය පහුගිය කාලේ බින්දුවට වැටිලා තිබුණේ.පක්ෂයේ අභයන්තර කාකොටාගැනීම්,කූලල්කා ගැනීම්, කුණුහරුපෙන් බැන ගැනීම් ඔක්කොම රට දැක්කා.එතකොට දැන් ශ්රිලනිපය සමගි වෙලාද?මෛත්රි ශ්රිලනිපය සමගි කරලද?දැන් එහෙම ප්රශ්නයක් කාටත් තියනවා.කවුරු හරි රටේ රාළගෙන් ඒ ප්රශ්න ඇහුවොත් රටේ රාළ කියන්නේ නෑ කියලයි.සමගි වෙලා නැතත් ශ්රිලනිපය සමගි කිරීමේ පැත්තට එක පියවරයක් තියලා තියනවා.බලනකොට ඒකත් මහ ලොකු පියවරකුත් නෙවෙයි.බොහොම පුංචි පියවරක්.හැබැයි ඒ පුංචි පියවරත් එක්ක ඊළඟට තියන්න ඕනි පියවර තියන්න මෛත්රිට බැරි උනොත් මේ තියපු පියවරෙන් තිබුණට වැඩිය ලොකු හානියක් ශ්රිලනිපය වෙනවා.රටේ රාළ කියන්නේ පක්ෂයක් ඇතුලේ පුද්ගල සමගිය කියන එක වැදගත්.හැබැයි පුද්ගල සමගිය ස්ථාපිත වෙන්න බලපාන වැදගත්මදේ තමයි මතවාදී එකඟතාවය.
මේපාරත් ශ්රිලනිපයට මතවාදී එකඟතාවයකට එන්න බැරි උනොත් ශ්රිලනිපයට අබ සරණම තමයි.මෛත්රි දැන් කරන්න ඕනි දුමින්දයි,දයාසිරියි අත් පටලලා යාලු කරන එක නෙවෙයි.මෛත්රි කරන්න ඕනි නිවැරදි දේශපාලන මතය ශ්රිලනිපය ඇතුළට ගේන එකයි.දැන් ශ්රිලනිපය ඉන්නේ විපක්ෂයේ. හැබැයි ශ්රිලනිප පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායමේ බහුතරය ඉන්නේ ආණ්ඩුවේ. ආණ්ඩුවේ කිව්වට රාජපක්ෂලා එක්ක නෙවෙයි රනිල් එක්ක.කට්ටියක් ආණ්ඩුවේ, කට්ටියක් විපක්ෂයේ තියාගෙන යන මේ ගමන තව වැඩි දවසක් ශ්රිලනිපයට යන්න බෑ.මේ ස්ථාවර දෙකෙන් එකකට ශ්රිලනිපයට මාරු වෙන්න වෙනවා.එක්කෝ විපක්ෂය නියෝජනය කරන්න ඕනි.නැත්තං ආණ්ඩුව නියෝජනය කරන්න ඕනි.දැනටමත් ඒ ගැටුම ශ්රිලනිපය ඇතුලේ ඇවිලෙමින් තියනවා.දයාසිරි සහ තිලංග ඇතුළු කණ්ඩායම ඉන්නේ ශ්රිලනිපය විපක්ෂ භූමිකාව නියෝජනය කරන්න ඕනි කියන ස්ථාවරයේ.
රටේ රාළ ඒකට කියන්නේ හෙලිකොප්ටර් න්යාය කියලා.ශ්රිලනිපය හෙලිකොප්ටර් න්යායයේ යනවා නම් ශ්රිලනිපයට අවසානයේ නතර වෙන්න වෙන්නේ සජිත් හදන විපක්ෂ සන්ධානයේ.ඊළඟට දුමින්දලා,නිමල් සිරිපාලලා,අමරවීරලා,අලගියවන්නලා ඇතුළු පිරිස ඉන්නේ ආණ්ඩුවත් එක්ක යන්න ඕනි කියන මතයේ.ඒකේ ගියොත් ශ්රිලනිපයට රනිල් හදන සන්ධානයේ නතර වෙන්න වෙනවා.ඔය මත දෙක දැනටමත් ශ්රිලනිපය ඇතුලේ තියනවා වගේම ඒ මත දෙකට නියෝජනයකුත් තියනවා.කොහොම හරි මෛත්රී ඉන්න මතය මොකද්ද කියලා තවමත් පැහැදිලි නෑ.මෛත්රි කියන්නේ කෙලින් මත ප්රකාශ කරන කෙනෙක් නෙවෙයි.පෙරළුන පිට හොඳයි කියන කෙනෙක්.ඇත්තටම ශ්රිලනිපය මේ තත්වයට වැටෙන්න මෛත්රිගේ ඒ දුර්වලකමත් බලපෑවා.රටේ රාළ කියන්නේ මෛත්රි දැන්වත් ඒ ගුණයෙන් ඈත් වෙන්න ඕනි කියලයි.පක්ෂ නායකයා විදිහට මෛත්රිටත් නිශ්චිත මතයක් තියෙන්න ඕනි.මොකද තවමත් ආණ්ඩුව සහ විපක්ෂය කියන මත දෙක දරන කණ්ඩායම් දෙක මෛත්රිගේ නායකත්වය ප්රතික්ෂේප කරලා නෑ.ඒක නිසා පක්ෂය මතවාදී එකඟතාවයකට ගේන්න තවමත් පුළුවන් කමක් මෛත්රිට තියනවා.
හැබැයි මෛත්රි ඒක නොකලොත් ඊළඟ ගැටුම එන්නේ මෛත්රිගේ නායකත්වයට.මෙතනදී නං මෛත්රි යම් පමණකට උපක්රම ශීලි වුන බව පේනවා.ඒකට නිමල් සිරිපාලලාට දුන්න නඩු තීන්දුවත් බලපෑවා.නැත්තං ශ්රිලනිපය ඇතුලේ දයාසිරි සහ මෛත්රි අතර ඉතා නුදුරේදීම නායකත්ව ගැටුමක් ඇතිවෙන්න ඉඩක් නිර්මාණය වෙමින් තිබුණා.දුමින්දලා ඇතුළු පිරිස ඇතුලට එනවත් එක්ක ඒ අවධානම පහව ගියා.ඒක මෛත්රි බොහොම උපක්රමශීලිව කළමණාකරණය කළා.දැන් මෙතනින් එහාට මෛත්රි මොකද්ද කරන්න ඕනි.ඒක තමයි ඊළඟ ප්රශ්නය.ඇත්තටම ශ්රිලනිපයට සිද්ධ වුනේ රටේ ජාතික අවශ්යතාවය හරියට තේරුම් ගන්න බැරිවුන එකයි.ශ්රිලනිපය රාජපක්ෂලාගේ ආණ්ඩුවෙන් එළියට බහින්න ගත්ත තීරණය හරි.ඒත් ඒක තවත් ටිකක් කළින් ගත්තා නම් ඊටත් වැඩිය හොඳයි.
ඊළගට රට බංකොලොත් වෙලා නන්නත්තාර වෙලා තියනකොට සර්ව පාක්ෂික ආණ්ඩු යෝජනාව ඉදිරිපත් කළේ මෛත්රි.ඒ වෙලාවේ ජාතික අවශ්යතාව වුනේ රට යථාවත් කිරීමයි.ඒ අර්ථයෙන් හිතද්දී ශ්රිලනිපය ඉදිරිපත් කරපු සර්වපාක්ෂික ආණ්ඩු යෝජනාවලියත් හරි.හැබැයි ගෝඨාභය යටතේ රනිල් අගමැති වුනාට පස්සේ ශ්රිලනිපයට හරි තීරණ ගන්න බැරිවුනා. කට්ටියක් රනිල් එක්ක ගියා,කට්ටියක් විපක්ෂයත් එක්ක ගියා.රනිල් එක්ක ගිය අය කැබිනට් සහ රාජ්ය ඇමතිකම් ගනිද්දී විපක්ෂත් එක්ක ගිය අය විමල්ලා,ඩලස්ලා එක්ක හෙලේකොප්ටරයට ගොඩවුනා.රනිල් අගමැති වෙනවත් එක්කම ආයෙත් සර්ව පාක්ෂික ආණ්ඩු යෝජනාව වලංගු එකක් විදිහට තිබුණා.ඇත්තටම ශ්රිලනිපයට ගන්න තිබුණේ ඒ අවස්ථාව.මෛත්රිට අල්ලන්න තිබුණේ එතනින්.එහෙම වුනා නම් ශ්රිලනිපය දෙකඩ වෙන්නේ නෑ.ඒ වෙලාවේ මෛත්රි තීරණ ගත්තේ රටේ තිබුණ රාජපක්ෂ විරෝධය සහ මෛත්රිගේ තිබුණ රනිල් විරෝධයට යට වෙලා.
මෛත්රි එතනදී රටේ අවශ්යතාවය ගැන හිතුවේ නෑ.දයාසිරිලා අනාත වෙන්නේ මෛත්රි ගත්ත තීරණත් එක්ක හිට ගත්ත හින්දා කියලා කාට හරි කියන්න පුළුවන්.රටේ රාළ නං ඒක පිලිගන්නේ නෑ.දයාසිරියලගේ දේශපාලන Agenda එකත් එක්ක මෛත්රි ගත්ත තීරණය ඒ වෙලාවේ හරියටම සමපාත වුනා.එතනදී ශ්රිලනිපයට වෙන්න ඕනි ඊළඟ හානියත් වුනා.ඒ පක්ෂයක් විදිහට ශ්රිලනිපයට තිබුණ අවස්ථාව පුද්ගලයෝ කීපදෙනක් උදුරා ගැනීමයි.ඒ කියන්නේ රටේ අවශ්යතාව ගැන කියමින් තමන්ගේ පෞද්ගලික අවශතාවය වෙනුවෙන් ආණ්ඩුවට යන්න නිමල් සිරිපාල, මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායමට පුළුවන් වුනා.එදා ඒ අවස්ථාව අරන් ශ්රිලනිපය රනිල් එක්ක ජාතික එකඟතා වැඩපිලිවෙලකට ගියා නම් තත්වය ගොඩක් වෙනස් වෙනවා.රනිල් මූලදීම රාජපක්ෂලාගේ අත්අඩංගුවෙන් මුදවා ගන්න තිබුණා.එහෙනම් පොහොට්ටුව බ්ලාස්ට් වීමේ වාසිය එන්නේ රනිල්ට වඩා ශ්රිලනිපයට.එහෙනම් පොහොට්ටුවේ රනිල් පිලට වැඩිය ශක්තිමත් පිලක් ශ්රිලනිපයට හැදෙනවා.දැන් ශ්රිලනිපයට තිබුණ වාසි සියල්ලම ගිලිහිලා ගිහින් ඉවරයි.ආණ්ඩුව පැත්තේ දොරක් ඇරගන්න බැරිවුන ශ්රිලනිපයට විපක්ෂය පැත්තෙන් දොරක් ඇරගන්නත් බැරිවුනා.
විපක්ෂය පැත්තේ දොරක් ඇරගන්න බැරි වෙන්නේ ඒ වෙනකොට ශ්රිලනිපයේ පාර්ලිමේන්තු මන්ත්රීලා හතර දෙනෙක් හැර ඉතිරි ඔක්කොම රනිල් ළඟට ගිහිල්ලා ශ්රිලනිපය ගොඩක් පුංචි වෙලා තිබීමයි.ඒකට හොඳම උදාහරණය තමයි හෙලිකොප්ටර් සන්ධානය.ඒක ඇතුලේ ශ්රිලනිපයට සැලකුවේ දෙකේ කොලේට දාලා.හරි දැන් මෛත්රි මොකද්ද කරන්න ඕ. නි.දැන් කොහොමත් මෛත්රිට සර්වපාක්ෂික කතා උස්සගෙන රනිල් ළඟට ආය යන්න බෑ.ශ්රිලනිප මූලික සන්ධානයක් හදමු කියාගෙන විපක්ෂයට යන්නත් බෑ.
දැන් මෛත්රිට කරන්න තියෙන්නේ පක්ෂට තීරණයක් ගන්න ඉඩ දීලා ඒ තීරණයත් එක්ක හිටගැනීම විතරයි.හැබැයි ඒ තීරණය ගන්න ඕනි දීර්ඝ දේශපාලනය සාකච්ඡාවක් ඇතුළෙයි.ඒක දේශපාලනය තේරෙන ශ්රී ලංකාකාරයෝ එක්ක කරගන්න ඕනි වැඩක්.එහෙම නැතිව එක එක්කෙනා වෙනුවෙන් කඩේ යන්න දාලා ඉන්න අත කොලුත් එක්ක ඒක කරන්න බෑ.මෛත්රි ඉස්සෙල්ලාම කරන්න ඕනි මධ්යගත ප්රජාතන්ත්රවාදය ශ්රිලනිපය ඇතුලට ගේන එක.ඒ කියන්නේ ශ්රිලනිප තීරණ ගන්න ව්යුහය ශක්තිමත් කරන්න ඕනි.ඒක ඇතුලේ තමයි මේ තීරණය ගන්න පුළුවන්.
ආණ්ඩුවත් එක්ක යනවාද,නැත්තං විපක්ෂය එක්ක යනවද කියන තීරණය ගන්න ඕනි එතන.ආණ්ඩුවත් එක්ක යනවා කියන්නේ ඉතිරි ටිකත් ගෙනිහින් රනිල්ට බාර දෙන එක නෙවෙයි.රනිල්ගේ මූලිකත්වයෙන් හදන සන්ධානයට ශ්රිලනිපය පක්ෂයක් විදිහට සම්බන්ධ වෙනවද කියන එකයි.නැත්තං සජිත්ගේ මූලිකත්වයෙන් හදන විපක්ෂ සන්ධානයට සම්බන්ධ වෙනවද කියන එකයි. ඔය දෙක හැර ප්රායෝගික උත්තරයක් ශ්රිලනිපයට මේ මොහොතේ නෑ.ඔය මොනවා කිව්වත් ඔය කණ්ඩායම් දෙක ඇතුලේ තියෙන්නේ ඒ මත දෙක.ඒ ගැන විවෘත තීන්දුව පක්ෂයට ගන්න දෙන්න ඕනි.ඒක ගන්න වෙන්නේ මධ්යම කාරක සභාවේ හරි සමස්ථ ලංකා කාරක සභාවේ බහුතර කැමැත්තෙන්. නැත්තං මහ සමුළුවකට යන්න වෙනවා.පක්ෂ ප්රජාතන්ත්රවාදය ඇතුලේ බහුතර කැමැත්තට ඉඩ දෙන්න වෙනවා.මධ්යගත ප්රජාතන්ත්රවාදය ඇතුලේ සුළුතරය බහුතරයට අවනත වෙන්න ඕනි. තමන්ගේ විරුද්ධත්වය සටහන් කරමින් බහුතර කැමැත්තට එකඟ වෙන්න ඕනි. එහෙම නැතිව අපි විරුද්ධයි කියලා ඒ තීරණයට විරුද්ධව වැඩ කරන්න බෑ.එහෙම බැරි නම් පක්ෂයෙන් යන්න ඕනි නැත්තං නිහඩ වෙන්න ඕනි.
දැන් මෛත්රිට තියෙන්නේ පක්ෂ බහුතර මතයත් එක්ක හිටගැනීම විතරයි.බහුතර මතය නිවැරදි නං ජනතාව ශ්රිලනිපයත් එක්ක හිටගනි.එහෙම උනොත් මෛත්රිට වෙන වෙනම දයාසිරිලා,දුමින්දලා අත් අල්ලලා සමගි කරන්න ඕනි නෑ.නිවැරදි මතවාදයත් එක්ක ප්රති විරෝධතා සහිතව දයාසිරිට සහ දුමින්දට එක අරමුණක් වෙනුවෙන් එකට වැඩ කරන්න පුළුවන්.එක තැනකදි ඒ දෙන්නා අතර නායකත්ව සටනක් හැදෙයි.ඒකෙන් දක්ෂයා දිනයි.ඒක නිසා මෛත්රිගේ ඊළග පියවර වෙන්න ඕනි ආපු අයත්, හිටපු අයත් එකතු කරගෙන රටේ ජාතික අවශ්යතාවයත් තේරුම් අරගත්තු ගමනකට ශ්රිලනිපය යොමු කිරීමයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට

රටේ රාළ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *