ජහාධිපති මන්දිරය , අරලියගහ මන්දිරය සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනයට දෙයි

 

ජනාධිපති මන්දිරය , අරලියගහ මන්දිරය ඇතුළු පැරණි ගොඩනැගිලි රැසක් සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනය සඳහා ලබාදීමටත් ඒවායේ ඇති රජයේ ආයතන ජයවර්ධන පුරයේ ස්ථාපිත කිරීමටත් රජය තීරණය කොට ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව කොළඹ පිහිටි ප්‍රධාන පරිපාලන ගොඩනැගිලි රැසක් ශ්‍රී ජයවර්ධනපුරට ගෙන යාමට ශක්‍යතා අධ්‍යයනය ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කොට ඇත..

ජනාධිපති මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අරලියගහ මන්දිරය, කැබිනට් මණ්ඩල ලේකම් කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යංශය යන ආයතන ශ්‍රී ජයවර්ධනපුරට ගෙන යෑමට මේ වන විට තීරණය කර ඇති බවත් ඒ සඳහා ආරක්‍ෂක වාර්තා ඇතුළු අත්‍යවශ්‍ය කරුණු කීපයක් පිළිබඳව අවදානය යොමු කර ඇති බවත් එම නිලධාරියා පවසා තිබේ.

කොළඹ නගරයේ පිහිටි වාණිජ වටිනාකමක් ඇති පෞරාණික ගොඩනැගිලි සංචාරක ආකර්ෂණිය ස්ථාන ලෙස සංවර්ධන කර සංචාරක ව්‍යාපාර දියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව ද එම නිලධාරියා සඳහන් කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *