සාර්ථකම සාකච්ඡාව ඩියූ සමඟ ලු

ශ්‍රි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩියූ ගුණසේකර පසුගිය සතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී ඇති අතර වත්මන් දේශපාලන තතත්වය ගැන දීර්ග වශයෙන් සාකච්ඡා කළ බව යුක්තියට වාර්තාවේ. මෙම සාකච්ඡාවේ දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ද සාකච්ඡා කළ බව දැනගන්නට ඇත.
තම පක්ෂය කවදත් දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනී සිටිබව මෙහිදි පවසා ඇති ඩියූ ගුණසේකර නව ව්‍යවස්ථාවට සහයෝගය දෙන බව කියා ඇති බව වැඩි දුරටත් දැන ගන්නට ඇත.
මේ තර එම සතියේ ම ලංකා සමසමාජ පක්ෂයේ තිස්ස විතාරණ ද ජනාධිපතිවරයා හමුවී ඇත. එහිදි ඔහු පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා ඉවතකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් තමන්ට සහයෝගය දිය හැකි බව ය. දැන ගන්නට ඇති ආකාරයට අසාර්ථකම සාකච්ඡාව තිස්ස විතාරණ සමග පැවති සාකච්ඡාව බව ජනධිපතිතුමා තම සමීපතමයින්ට පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *