රනිල් පසුකර ගිය ලිබරල්වාදියා – අනුර, – රටේ රාළ

 
රෝහණ විජේවීර කියන්නේ පන්ති විග්රහයක් එක්ක දේශපාලනය කරපු කෙනෙක්. විජේවීරගේ දේශපාලනයේ පදනම උනේ නිර්ධන පංතියේ විමුක්තිය.විජේවීර පෙනී හිටියේ නිර්ධන පංති විප්ලවය වෙනුවෙන්.ඒ කියන්නේ සමාජවාදී සමාජ විප්ලවය වෙනුවෙන්.පහුගිය කාලේ පන්ති විග්රහයට අමතරව ටොයි – බයි විග්රහයකුත් ආවා.ටොයි බයි විග්රහය කවුරු කලත් ඒ වෙනුවෙන් පෙනී හිටියේ මුල් කාලීන විජේවීරගේ ගෝලයෙක් විදහටත් පසුකාලිනව මහින්දගේ ගොලයෙක් විදිහටත් හිටපු විමල්.විමල්ට අනුව ටොයියන්ගේ කදවුර එජාපය. බයියන්නේ කදවුර පොහොට්ටුව. එහෙම බෙදලා විමල් ස්වේච්චාවෙන් බයියෙක් බවට පත්වෙමින් පොහොට්ටු කදවුර තෝරගත්තා.අද රටේ රාළ කරන්නේ බයි – ටොයි දේශපාලනය ගැන විග්රහයක්.
බයියන්ගේ කදවුරේ නායකයා මහින්ද. ටොයියන්ගේ කදවුරේ නායකයා රනිල්.මහින්ද සහ රනිල් බයියන්ට සහ ටොයියන්ට නායකත්වය දෙමින් මේ කදවුරු දෙක ශක්තිමත් කළා.රනිල් ටොයියන්ට ටොපි, චොකලට්,බ්රේස්ලට්,පුංචි කාර් සහ අතට සල්ලි දෙන්න කතා කරද්දී මහින්ද බයියන්ගේ හදවතට දුන්නේ ආගම්වාදය,ජාතිවාදය, පවුල්වාදය වගේ සංකල්ප.සමහර ඒවා බයි මනසට බස්සන්න මහින්ද පපුවට ගහගත්ත වාර අනන්තයි.ඒවායිනුත් බයියෝ මාර ත්රිල් එකක් ගත්තා.දැන් මේ ටොයි – බයි කදවුරු දෙකම චකබ්ලාස් වෙලා.බයියන්ට සහ ටොයියන්ට කඳවුරු මාරු වෙලා.හරියට පැරණි වමට සහ දකුණට වුනා වගේ.වමේ අය දකුණට ගිහින් දකුණේ අය වමට ගිහින් ගොඩක් අයට වම දකුණ මාරුවෙලා.බයි – ටොයි කදවුරටත් එහෙම වෙලා.මහින්ද යටතේ හිටපු බයියෝ ගොඩක් දැන් එලියට වැටිලා.විමල්ලා,ඩලස්ලා ඇතුළු කණ්ඩායමක් ස්වාධීන වෙලා.
ඇත්තටම බයියෝ කොච්චර ස්වාධීනයි කිව්වත් ඒක පිලිගන්න බෑ.මොකද බයියන්ට වැඩි දවසක් ස්වාධීනවෙලා ඉන්න බෑ.බයියෝ හරියට මැක්කෝ වගේ.දේශපාලන පරපෝෂිතයෝ.යැපෙන්න තැනක් හොයමින්ම තමයි ඉන්නේ.යන තැනට පොඩි හරි වටිනා කමක් හදාගෙන යන්න මේ දවස්වල බයියෝ මාතෘකා හොයමින් ඉන්නවා.බයියන්ගේ කදවුර බ්ලාස්ට් වුනා වගේම ටොයියන්ගේ කදවුරත් බ්ලාස්ට් වුනා.ටොයියෝ බහුතරයක් රනිල්ට බලය ගන්න බෑ කියලා සජිත්ගේ නායකත්වයෙන් එලියට බැස්සා.රනිල් මොන ටොයියෙක්ද සජිත්නේ නියම ටොයියා කියාගෙන තමයි කට්ටිය එලියට බැස්සේ. එලියට බැහැපු ටොයියන්ට දැන් මාර අප්සෙට් එකක් වෙලා.එලියට බැස්සට පස්සේ තමයි සජිතුත් දාර බයියෙක් කියලා දැනගෙන තියෙන්නේ. බයියෙක් ටොයියෙක් යටතේ ඉන්නකොට බයි ලක්ෂණ යට ගිහින් ටොයි ලක්ෂණ මතු වෙනවා.සජිතුත් රනිල් යටතේ ඉන්නකොට වෙලා තියෙන්නේ ඒක.
ඇත්තටම දැන් සජිත් එක්ක එලියට බැහැපු ටොයියෝ පට්ට අනාත වෙලා.මේක තේරුම් අරගෙනද කොහේද සජිත් ළඟ හිටපු හොදම ටොයියෝ දෙන්නෙක් වුන හරින් සහ මනුෂ වේලාසනින් ආපිට පැනලා. කොහොම හරි අනාත වුන රනිල් ඇතුළු එජාප ටොයි සෙට් එක මහින්දගේ කදවුර රිංගුවා.ඒ කදවුරේ ටික කාලයක් බයියෝ සහ ටොයියෝ සහජීවනයෙන් වාසය කළා.ඒත් කවදාවත් බයියන්ට සහ ටොයියන්ට එකට ඉන්න බෑ.රනිල් මේ බයියන්ගේ කදවුරේ රස්තියාදු වෙන්නේ තාවකාලිකව.ඒත් මේකෙන් එලියට බැහැලා කොහේ යන්නද?කෝ ටොයියන්ට කදවුරක්.රනිල් හදන්නේ බයියන්ගේ කදවුරේ ඉන්න ගමන් සජිත් ලග ඉන්න ටොයියෝ ටික එලියට අදින්න.ඒකට කොච්චර ප්ලැන් ගැහුවත් තවමත් වැඩේ හරි ගිහින් නෑ. රාජපක්ෂ කදවුර ඇතුලෙන් එන්න එන්නම රනිල් විරෝධයකුත් මතු වෙනවා. රනිල් මුලදීම වැඩේ වරද්ද ගත්තා.රනිල් රාජපක්ෂ කදවුරට ගියේ අගමැති විදිහට.ගිහින් ටික දවසකින් ජනාධිපති වුනා.
රනිල් හීනෙන්වත් හිතපු නැති මේ වෙනස ඇතුලේ රනිල්ට තමන්ගේ කදවුර අමතක වෙලා බයියෝ දෙයියෝ වගේ පේන්න පටන් ගත්තා.රනිල් ඉස්සෙල්ලාම අමතක කලේ ටොයියන්ගේ කදවුර වෙච්චි එජාපය.රනිල් එජාපය පැත්තකටම දාලයි තිබුණේ.රනිල් තවමත් දුවන්නේ පොහොට්ටුවේ ඉන්න බයියන්ගේ තෙල්වලින්.කොහොම උනත් ටොයියන්ට කදවුරක් නැති කිරිම රනිල් කරපු ලොකු දේශපාලන වරදක්.එක පැත්තකින් යූඑන්පියේ ඉන්න ටොයියන්ට වර්ධනය වෙන්න තැනක් නෑ,අනිත් පැත්තෙන් ගිය ටොයියන්ට ආපහු එන්න තැනක් නෑ.
හැබැයි ඒ අතර බයියන්ගේ කදවුර ශක්තිමත් වෙනවා. නාමල්ලා එලියට බැහැලා ආයෙත් බයියෝ එකතු කරමින් යනවා.ඊට අමතරව සජිත් ටොයියෙක් නෙවෙයි බයියෙක් බව දැනගත්ත එලියට වැටුන පොහොට්ටුවේ බයි සෙට් එක සජිත් වටේට කැරකෙන්න පටන් අරන්. බයියන්ට බයියෙක් හම්බ වෙනවා කියන්නේ මාර ආශ්වාදයක්.දැන් හෙලිකොප්ටර් බයියෝ වෙන වෙන වෙනම සජිත් එක්ක සාකච්චා පටන් අරන්.
සියලු බයියන්ගේ විරුද්ධවාදියා බවට රනිල් පත්වෙලා.සජිත් බයියන්ගේ සන්ධානයකට ලෑස්ති වෙනවා.ඒකට මෛත්රී හැර අනිත් සියලුම බයියෝ ගන්නත් ලෑස්තියිලු
. මෙතන රනිල්ට තියන එකම වාසිය බයි කදවුරු දෙකක් තියන එක විතරයි.ඒ කදවුරු දෙකට එකතු වෙන්න බැරි නිසා රනිල්ට තවත් පොඩි වෙලාවක් තියනවා.දැන් තියන ප්රශ්නය රනිල්ට බයියන්ට විකල්පයක් විදිහට ටොයියන්ගේ කදවුරක් හදන්න කල් ඇද්ද කියන එකයි.අඩුම ගානේ යූඇන්පිය හරි ශක්තිමත්ව තිබුණා නම් රනිල්ට ඒක හරි වැඩේට යොදා ගන්න තිබ්බා.හැබැයි ඉතින් යූඑන්පිය තියෙන්නෙත් බයියෝ වගේ ටොයියෝ අතේ හින්දා තවදුරටත් ඒකට ඔරිජිනල් ටොයියෝ ආකර්ෂණය වෙන්නේ නෑ.ඒක නිසා සැප්තැම්බර්වල කරන එජාප ප්රතිසංවිධානයේදීවත් එජාපය හරි ටොයියෝ අතට දෙන්න වෙයි. නැත්තං එජාපයට නායකත්වය දුන්න අවසන් ටොයියා විදිහට රනිල්ට දේශපාලනයෙන් සමුගන්න සිද්ධ වෙයි.මොකද දැන් රනිල් අභියෝගය කරන්න තවත් කිරි කිරි ටොයියෙක් මතුවෙලා.
පහුගිය දවස්වල ඕස්ට්රේලියාවේ මෙල්බර්න් නුවරින් මතුවුන අනුර සහෝදරයා තමයි ඒ අලුත්ම ටොයියා.ඉස්සර අනුර සමාජවාදී බයියෙක්.ඒත් පහුගිය දවස්වල අනුර සහෝදරයා ඕස්ට්රේලියාවට ගිහින් සමාජවාදී හැව ගලවලා මෙල්බන් නුවර ජනතාව ඉදිරියේ ටොයියෙක් විදිහට බෞතීස්ම වුනා. දැන් මිනිහා රනිල් වගේ ලිබරල් ගමනක් යන්න සුදානම් වෙන කිරිකිරි ටොයියෙක්.අනුරට දැන් සමාජවාදී බයියෝ පේන්න බෑලු. විශේෂයෙන් පෙරටුගාමී බයියෝ නං පේන්නන්නම බෑලු. ඇත්තටම අනුර එතෙන්ට ගෙනාවේ හරිනි සහෝදරිය කියලා තමයි ආරංචි. හරිනි කියන්නේ සුපිරි ටොයියෙක්. රනිල්ටත් වඩා සුපිරි ටොයියෙක්. හරිනි ඡවිපෙ සමාජවාදී කදවුර ඇතුලට ඇවිත් අවුරුදු කීයද වෙන්නේ. විජේවීර හදලා ගිය සමාජවාදී බයියෝ ටිකට නිර්ධන පන්තිය එපාම කරවලා හරිනිගේ ටොයි මතයට ගේනවා කියන්නේ පොඩි වැඩක්ද?දැන් ගොඩක් ජෙප්පන්ට නිර්ධන පංතිය, සමාජවාදය අරහන්.ඕස්ට්රේලියාවේදී අනුර සහෝදරයා සමාජවාදී බයි හැව අත්හරිනකොට දුන්නේ මෙහෙම ප්රතිඥාවක්. ඒක මෙල්බන් ප්රකාශනය විදිහට ජවිපෙ ඉතිහාසයට එකතු වේවි.
අනුර සහෝදරයා එදා කෑගහලා කිවිවේ ” බලය ප්රතිස්ථාපනය කරන්න වෙන්නේ ජනතාවගේම ජනවරමක් හරහායි. ජනතාවගේම ජනවරමකින් දෙනවා…ඒ හමුදාවට නියෝග දීමේ බලය.ඒ පොලීසියට නියෝග දීමේ බලය.ඕක තමයි අපි හිතන්නේ දැනට බලය ප්රතිස්ථාපනය කරන ආකාරය කියලා “අනුරගේ ඒ ප්රකාශයෙන් පස්සේ අපි නං ආය කවදාවත් අනුර සහෝදරයට බයියා කියලා කියන්නේ නෑ.සමාජවාදී බයියා කියලා කොහොමවත්ම කියන්නේ නෑ.දැන් අනුර ලිබරල්වාදී නියම ටොයියෙක්.රනිල්ටත් වඩා නියම ටොයියෙක්.
මාක්ස්ලා,එංගල්ස්ලා, ලෙනින්ලා,විජේවීරලා ඔක්කොම පැත්තකට විසිකරලා අනුර ටොයියෙක් වෙලා.අනුර වගේ කෙනෙක් එතෙන්ට ගෙන ඒම හරිනි කරපු ලොකු හාස්කමක්.දැන් ටොයියන්ට කරන්න තියෙන්නේ එකම එක දෙයයි.ටොයි කදවුරේ අධ්යාත්මික නායකයා විදිහට හරිනි පත් කරගෙන ඊළඟ ජනාධිපතිවරණයට ටොයියෝ වෙනුවෙන් අනුර හරි,රනිල් හරි ඉදිරිපත් කරන්න.මොකද දැන් මේ රටේ ඉන්න නියම ලේබරල්වාදියෝ දෙන්නා රනිල් සහ අනුර හින්දා ඒ දෙන්නාගෙන් කවුරු දැම්මත් අවුලක් නෑ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට

රටේ රාළ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *