ජනපති රනිල් පදවි ප්‍රාප්තිය ඉන්දියාවේ දී සමරයි

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති තනතුරේ දිවුරුම් දීමෙන් වසරක් පිරෙන ජුලි 22 දා ඒ මහතා ඉන්දියාවේ සංචාරයක නිරතව සිටිනු ඇතැයි වාර්තා වෙයි.

ජුලි 21 දින ඉන්දියාව බලා යන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පදවි ප්‍රාප්තියෙන් වසරක් සපිරෙන ජුලි 22 දා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදී මහතා හමුවීමට නියමිත ය.

වික්‍රමසිංහ මහතා ඉන්දියාවට යන්නේ දින දෙකක නිල සංචාරයක් සඳහා ය.

වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්වන අවස්ථාවේ ඉන්දියාව එයට එරෙහි ස්ථාවරයක සිටි බව දේශපාලන  නිරීක්ෂකයෝ කියති.

මෙරට රාජ්‍ය නායකත්වයට පත්වන බොහෝ නායකයින් බලයට පත් වූ විට ඉන්දියාවෙන් ඔවුන්ට ආරාධනා ලැබීමත් ඉක්මනින් ම එරට සංචාරයක යෙදීමත් මීට පෙර සාමාන්‍ය සම්ප්‍රදායක් ලෙස පැවතිණි.

කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සංචාරයක යෙදෙන්නේ පදවි ප්‍රාප්තියෙන් වසරක් ගෙවී යන අවස්ථාවේ දී ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *