විපක්ෂ නායක සම්බන්ධන් කොපයේ දේශපාලන මණ්ඩලය හමුවේ

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් හා එම්. ඒ සමන්තිරන් ශ්‍රි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය අතර හමුවක් පසුගිය සතියේ පැවති බව ඉතාමත් විශ්වාස කටයුතු මාර්ගයකින් යුත්කියට දැන් ගන්නට ලැබී ඇත. යෝජික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා බලය බෙදිම සම්බන්ධයෙන් කොමියුනිස්ට් පක්ෂයේ ස්ථාවරය පැහැදිළිකර ගැනීම සඳහා පැවති සාකච්ඡාවේ දී ජාතිවාදින්ට එරෙහිව බලය බෙදීම වෙනුවෙන් තමන් පෙනී සිටින බව ඩියු ගුණසේකර මහතා මෙහිදි පවසා ඇත.
කොමියුනිස්ට් පක්ෂයේ මේ හමුවත් සමග ම නෙලුම් පොහොට්ටුව සමග දැනටමත් සම්බන්ධවී සිටින තිස්ස විකාරණගේ සමසමාජ පක්ෂය හා වාසුදේව නානායක්කාරයේ බලවත් අසීරුතාවයකට පත් වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. බලය බෙදිමට එරෙහිව විමල් වීරවංශ හා උදය ගම්මන් පිල මෙන්ම මහින්ද රාජපක්ෂ සමග එකතු වී සිටින විතාරණ හා වාසුදේව කොමියුනිස්ට් පක්ෂයට මේ පිළිබඳව අවලාද නැගීමට පටන්ගෙන ඇති බව ද කියැවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *