දේශබන්දු පොලිස්පති කරන්න ජනාධිපති බැහැ කියයි

 

ජෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති තනතුරට පත් කිරීමට මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා කළ යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව  තතු දත් දේශපාලන අංශ ප්‍රකාශ කරයි.

පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සහ ටිරාන් අලස් ඇමතිවරයා අතර ඊයේ පැවති සාකච්ඡාවේ දී මෙය සිදු වී ඇතැයි කියති.

ඒ අනුව හිටපු පොලිස්පති ඩී සී වික්‍රමරත්න මහතාට තවත් මාස තුනක සේවා දිගුවක් ලබා දී තිබේ.

දැනට සිටින ජෙෂ්ටතම නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනාට විවිධ චෝදනා එල්ල වී තිබීම නිසා පොලිස්පති ධුරයට පත්කිරීම ගැටළුවක් වී තිබේ.

එසේ වුව ද ජෙෂ්ටත්වයෙන් පහළ අයකු පොලිස්පති ලෙස පත්කිරීම පොලිසියේ විනය සහ පරිපාලනය දුර්වල වීමට හේතු විය හැකි බවට විරෝධයක් ද එල්ල වී ඇතැයි කියති. එමෙන් ම එය පොලිසියේ මෙතෙක් පැවති සම්ප්‍රදාය බිඳ දැමීමක් සහ අනාගතයට වැරදි පුර්වාදර්ශයක් විය හැකි බවට ද මත ඵල වී තිබේ.

මේ නිසා නව පොලිස්පතිවරයකු පත්කිරීම බරපතළ ගැටළුවක් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *