පොලී අනුපාත තවත් පහළ දමනවා – මහ බැංකු අධිපති

 

දැනටමත් පහළ දමා ඇති ඇති පොලී අනුපාත තවදුරටත් අඩු කිරීමට ක්‍රියාකරනු ඇති  බව මහ බැංකු අධිපති ආචාර්ය  නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කොට ඇත.

විදෙස් පුවත් සේවයක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය මේ වන විට 11% දක්වා පහත දමා ඇති බවත් එම අනුපාත තවදුරටත් පහත දැමෙනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

මෙරට ආර්ථිකය ප‍්‍රකෘතිමත්විම මෙම වසරේ  දෙවන අර්ධයේදී දැකගත හැකි වනු ඇතැයිද මහ බැංකු අධිපතිවරයා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *