‘‘පොලිස්පතිකමට සුදුස්සකු සොයා ගන්න නෑ‘‘ – එජාප මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර

 

 

රටේ විනය කොච්චර පිරිහිලාද කියනවා නම් පොලිස්පති විශ්‍රාම ගිය පසු එම ධුරයට පත්කර ගැනීමට චෝදනා නැති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සොයාගැනීමට නොහැකි වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

ඒ නිසා ඉන්න පොලිස් පොලිස්පති පුටුව මාස තුනෙන් තුනට දිගු කිරීමට ජනාධිපතිවරයාට සිදු වී තිබෙන බවද බව ද එජාප මහලේකම් වරයා කීය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් පෝලිමක් සිටින අතර ජ්‍යෙෂ්ඨත්වය අනුව එකේ සිට හතරට වන තුරුම විවිධ චෝදනා පරීක්ෂණ උසාවිවල නඩු තිබෙන බවද පොඩ්ඩක් බේරිලා ඉන්නේ පහේ ඉඳන් අටවෙනියා වන තුරු පමණක් බවද කී රංගෙ බණ්ඩාර මහතා අටවෙනියාගේ සිට ආපහු ඒ තත්ත්වයම තිබෙන බව කීය.

රටේ විනය සහ නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න කණ්ඩායමේ තත්ත්වය මෙය නම් රටේ අනෙක් තැන්වල නීතිය සහ විනය ගැන කතා කරලා වැඩක් තිබෙනවාදැයි එජාප මහ ලේකම්වරයා ප්‍රශ්න කළේය.

(අංජුල මහික වීරරත්න)

ලංකාදීප

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *