යුදවාදී දෘෂ්ඨියට යටවෙලා මේ රටේ ජනතාව ඉවසගෙන හිටපු කතා නොකර හිටපු යුගය අවසන් – වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු – චමීර පෙරේරා.

යුධවාදී දෘෂ්ඨියට යටවෙලා මේ රටේ ජනතාව ඉවසගෙන හිටපු යුගය, කතා නොකර හිටපු යුගය අපි අවසන් කළා. ඒ යුගය පසුගිය ජනවාරි 15 වෙනිදා පරාජයට පත්කෙරුව. එහෙම පරාජයට පත්කරල මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් හැදුවෙ. අපි මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටුම ඇති කළේ විරුද්ධවාදීන්ටත් දේශපාලනය කරන්න. විරෝධය දක්වන්න, විවේචනය කරන්න. ඒක තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වටිනාකම. ඔළුව නමන් ඉන්න අයට විතරක් නෙමෙයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය  ඕනෙ. විරුද්ධවාදියටත් ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය  ඕනෙ.
අපි දිගින් දිගටම පසුගිය අවුරුදු එක හමාර ඇතුළත කුමන ආකාරයකින්වත්, රට නැවත මිල්ටරිකරණයට සඳහා ඉඩකඩ නොදිය  යුතුයි යන්න පිළිබඳ හඬක් නැගුව. ඒ නිසා තමයි අපි බොහොම බැ?රුම් ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියෙ, බොහොම තදින් ආණ්ඩුවට කියා සිටියේ යුද්ධය කිරීමට මුවාවී සිදු වූ අපරාධ වසන් කිරීමට කිසිසේත් ඉඩදෙන්න එපා කියල. යුද්ධයක් සිදු කළා. එය රාජ්‍ය ගත්තා වූ තීරණයක් මත, රජය දුන් විධානයක් මත මිල්ටරි ආයතන කටයුතු කරන ස්වභාවය. යුද හමුදාවන්  ඕනතරම් යුද ජයග‍්‍රහණය කර තිබෙනව.
නමුත් ඒ හමුදාවන්, යුද්ධයට මුවා වී, යුධ කාලයේ හෝ යුද්ධයෙන් පසුව මුදාහරින්නා වූ මැරකම්, ප‍්‍රචණ්ඩත්වය, සිවිල් ජනතාවගේ අයිතීන් යටපත්කරන, සිවිල් ජනතාවගේ උද්ඝෝෂණ යටපත් කරන, කුමන ආකාරයකින් හෝ මර්ධනය කරන, ඒ අපරාධයන් සිදුවුණු තත්ත්වයන්වත්, යුද්ධය කිරීමට මුවාවෙලා ඒ අපරාධකරුවන් රැුකගන්නවත් ආණ්ඩුවට කිසිදු අයිතියක් නැත යන්න, ඉඩ නොදිය යුතුය යන්න අපි දිගින් දිගටම ප‍්‍රකාශ කළා. ඒ මොහොතේදී අපිව දැක්කෙ හතුරන් විදිහට. ඔවුන් අපිව පෙරළා ප‍්‍රශ්න කෙරුව, අපි කරන්නෙ දේශද්‍රෝහි වැඩක් කියල. යුද්ධය කරපු රණ විරුවන්ට දඬුවම් දීම ද්‍රොහි වැඩක් කියල.
අපි කිව්ව, යුධ හමුදාවක් පැවතිය යුත්තේ රටේ තියෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදි නීතියට යටත්ව කියල. රටේ පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතනවලට යටත්ව. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නීතිය උල්ලංගනය කරමින්, කවර හෝ පුද්ගලයෙකු අපරාධයක් කරනව නම්, ඔහු අපරාධකරුවෙක්. ඒ අපරාධකරුවාට දඬුවම් දියයුතුයි. අපි කිව්ව මාධ්‍යවේදීන් අතුරුදහන් කිරීමට එරෙහිව ඒ බුද්ධි අංශ නිලධාරීන්ට කටයුතු කරන්න කියල. ඇතැම් නායකයින් ‘හමුදා නිලධාරින්ට අත තියන්න මම ඉඩ දෙන්නෑ’, ‘හමුදා නිලධාරීන් ආරක්‍ෂා කරන්න මම කටයුතු කරනවා’ කියමින් ඒ මිලිටරි නායකයන්ට අවශ්‍ය කරන නිදහස ලබා දුන්නා. ඒක කණගාටුවට කරුණක්. එහි නරකම තැන තමයි අපි ඒ දැක්කෙ. ඒ අපරාධ කරුවන්ට දඬුවම් ලබා දීමට ප‍්‍රමාද වෙමින් ප‍්‍රමාද වෙමින් ගිය නරකම තැන තමයි ඒ මාධ්‍යවේදියාට පහර දීමෙන් අපි දැක්කෙ නාවික හමුදාපති කෙනෙක් නෙමෙයි අපි දැක්කෙ. අපි ඔහු තුළින් දැක්කෙ පාතාල නායකයෙක්. මම දන්නෙ නෑ වර්ථමාන රජයේ අයගෙ දිව නැමෙනවද කියල, මේ පාතාල නායකයෙක් වගේ හැසිරුණු හමුදාපතිවරයා ආරක්‍ෂා කරන්න. එයා කතා කරන්නෙ මොන පැත්තෙන්ද? සමහර අය කියනව අපිට ඇහුණ, ඒ ඇඳගෙන ආවේ ෆයිලට්ල (මුහුදු කොල්ලකරුවන්* අල්ලගන්න මෙහෙයුමකට අඳින අඳුම් කියල. මේ අය හිතනව ඇති අපි මෝඩයො කියල. මේ මාධ්‍යවේදී සහෝදරයොත් දන්ව, අපිත් දන්ව ටී ෂර්ට් එකකුයි, කොට කලිසමකුයි, දුවන්න අඳින සපත්තු දෙකකුයි දාගෙන හමුදාපතිවරය ආවේ ෆය්ලට්ටස්ල අල්ලන මෙහෙයුමකටද? කොහෙද ෆයිලට්ස්ල හිටියෙ.
මේ ආණ්ඩුවෙන් අපි ඉල්ලා සිටිනව, මිල්ටරි කරණය ආරක්‍ෂා කිරීම සඳහා න්‍යායයන් හදන්න එපා. තර්ක හදන්න එපා. අපි දැක්ක මේ විදිහටම රතුපස්වලදි පසුගිය රජය මහින්ද රාජපක්‍ෂ පාලන තන්ත‍්‍රය කර්ක හැදුව. යුධකරණය, මිල්ටරි කරණය ආරක්‍ෂා කරන්න න්‍යායයන් හැදුව. රතුපස්වල සිදුවීමෙදි ඔවුන් කිව්ව ඒ එන්.ජී. ඕ. කාරයො කියල. ධම්මික පෙරේරල ආරක්‍ෂා කරන්න හමුදාව තුන්සීයයක් විතර ගෙනල්ල, තුන් හතර දෙනෙක් වෙඩි තියල මරපු මෙහෙයුමට ආරක්‍ෂාව දුන්නෙ පසුගිය ආණ්ඩුව.
දැන් මේ රජය හදන තර්කය තමයි ඒ ෆයිලට්ස්ලා, මුහුදු කොල්ලකරුවන් කියල. කොහෙද මුහුදු කොල්ලකරුවන් හිටියෙ.  මේ අය හිතනවද මේ රටේ මිනිස්සු මෝඩයො කියල, ආණ්ඩුව හිතනව නම් ජනතාව මෝඩයන්ට අන්දන්න පුලූවන් කියල? මිනිස්සු යුධවාදී දෘෂ්ඨියට යටවෙලා මේ රටේ ජනතාව ඉවසගෙන හිටපු කතා නොකර හිටපු යුගය අපි අවසන් කළා. ඒ යුගය පසුගිය ජනවාරියෙ පරාජයට පත්කෙරුව. එහෙම පරාජයට පත්කරල මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් හැදුවෙ. අපි මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව ඇති කළේ විරුද්ධවාදීන්ටත් දේශපාලනය කරන්න, විරෝධය දක්වන්න, විවේචනය කරන්න අයිතිය ලබාදෙන්න. ඒක තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වටිනාකම. ඔළුව නමන් ඉන්න අයට විතරක් නෙමෙයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය  ඕනෙ. විරුද්ධවාදියටත් ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය  ඕනෙ. ඔවුන් ඉල්ලූවෙ තමන්ගෙ රැුකියාව. අපි දන්නව, ඔවුන් කිව්ව මහින්ද රාජපක්‍ෂගෙ පවුලෙ අයට කොච්චරක් දීලද මේව ගත්තෙ කියල. අයදුම් පත‍්‍රය ගන්න රුපියල් පහළොස් දාහයි. අත්සන ගන්න රුපියල් පණස්දාහයි. තමන්ගෙ සේසත විකුණල ගත්ත රස්සාවක් රැුකගන්න තමයි අර මුහුදට බැස්සෙ. අපි රජයෙන් ඉල්ලන්නෙ මෙහෙම වෘත්තිය අයිතිවාසිකම් ඉල්ලන මිනිස්සුන්ව අවමානයට ලක්කරන්න එපා. ඒ අය විරුද්ධවාදීන් වෙන්න පුලූවන්. ඔවුන් මහින්ද රාජපක්‍ෂගෙ පාක්‍ෂිකයන් වෙන්න පුලූවන්. හැබැයි ඒ අයට තමන්ගෙ වෘත්තිය රැුකගැනීමේ අයිතිය තියනව. ඒ අයිතිය වෙනුවෙන් අපි කොන්දේශි විරහිතව පෙනී ඉන්නව. එය හිතාමතා යටපත් කිරීමට තමයි හමුදාපතිවරයා කටයුතු කෙරුවෙ. අපි දැක්කෙ නෑ විසඳීම සඳහා උත්සාහයක යෙදෙනව.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *