රනිල්ට නැති ස්ථාවර තැන්පතුව – රටේ රාළ

May be an image of 1 person
රනිල්ගේ ආණ්ඩුව ගැන ජනතාවගේ කැමැත්ත ඉහළ ගිහින් කියලා වෙරිටේ රිසර්ච් ආයතනය කරපු සමීක්ෂණයකින් හෙලි වෙලා තියනවා කියලා news එකක් යනවා. 2022 ඔක්තොබර් සහ 2023 පෙබරවාරි මාසවලට සාපේක්ෂව මේ ජූලි මාසය පටන් ගන්නකොට ආණ්ඩුව ගැන තිබුණ මහජන කැමැත්ත දෙගුණ වෙලා කියලයි වෙරිටේ රිසර්ච් ආයතනය කියන්නේ.ඒ අනුව ආණ්ඩුවේ වැඩ කටයුතු ගැන ජනතා විශ්වාසය 21% ක් දක්වා වර්ධනය වෙලාලු.ඒක ගිය අවුරුද්දේ ඔක්තොම්බර් සහ මේ අවුරුද්දේ පෙබරවාරිවල තිබිලා තියෙන්නේ 10%යේ සීමාවේ.ඒ කියන්නේ මාස හතරක කාලයක් ඇතුලත තිබුණ තත්වය දෙගුණ වෙලා.
ඒ සමීක්ෂණයට අනුව රටේ ජනතාවගෙන් 8% ක් රටේ ආර්ථිකය විශිෂ්ඨ මට්ටමක තියනවා කියලා පිලිගන්නවලු.26.6% ක් රටේ ආර්ථිකය යහපත් මට්ටමක තියනවා කියලා විශ්වාස කරනවලු. ජනගහනයෙන් 28,8 ක් ආර්ථිකය යහපත් අතට හැරෙමින් තියනවා කියලා විශ්වාස කරනවලු.ඒ මත පදනම් වෙලා තමයි එයාලා කියන්නේ ආණ්ඩුවේ ජනප්රියත්වය තිබුණ තැනට සාපේක්ෂව 100%කින් වර්ධනය වෙලා කියලා.දැන් මෙතන තියන ප්රශ්නය මේ රිසර්ච් එක ඇත්තද,බොරුද කියන එකයි. ජවිපෙට අනුව නං මේක බොරුවක්, සජබයට අනුවත් බොරුවක්.ඊළඟට මෙහෙම ප්රශ්නයකුත් තියනවා.අපේ රටේ කරන සමීක්ෂණවලින් දෙන ප්රතිපල ගොඩක් වෙලාවට ඇත්තම නෙවෙයි.මොකද අපේ රටේ මිනිස්සු ගොඩක් සමීක්ෂණවලට කියන්නේ බොරු.නිකං හිතන්නකෝ ඡන්ද කාලවලදී ජනතාව කොච්චර අපේක්ෂකහැයන්ට ලණු දෙනවද?භැම අපේක්ෂකයෙක්ම දිනලා ඉන්නේ ඒ ජනතාව දෙන ලණු කාලා තමයි.අපේ රටේ මිනිස්සුන් ගෙදරට එන කෙනාගේ හිත රිද්දන්නේ නෑ.
ඉතින් ඡන්දයක් ඉල්ලාගෙන ගෙදරට එන පොහොට්ටුකාරයටත්,ටෙලිෆෝනකාරයටත්, යූඑන්පීකාරයටත්,ශ්රි ලංකාකාරයටත්, ජේවීපීකාරයටත් දෙනවා කියලා තමයි කියන්නේ.ඉතින් ඒ හාදයා ඒ ඔක්කොම ඡන්ද තමන්ගේ ගොඩට දාගෙන ගණන් හදා ගන්නවා.අන්තිමට ප්රතිපල ආවම මනාප නෑ. සමහර අපේක්ෂකයෝ කියන්නේ මට මෙච්චර ඡන්ද තිබුණා ඒ ටික හොරකම් කරලා කියලා. ජවිපෙ වගේ පක්ෂයක් නං කරන්නේ ජනතාවට බනින එක.එයාලා කියන්නේ මේ රටේ ජනතාව වැඩවසම් කියලා.කොහොම උනත් වෙරිටේ රිසර්ච් ආයතනය කරලා තියන මේ සමීක්ෂණයේ ප්රථිපලය ගොඩක් දුරට පොලොවේ තියන යථාර්ථයට සමානයි.රටේ රාළ පොලොවේ ඇතිවෙමින් තියන මේ වෙනස ගැන කිව්වේ වෙරිටේලා මේ රිසර්ච් එක කරන්න හිතන්නත් ඉස්සෙල්ලා.රටේ රාළ කිව්වේ ජනතාව රනිල් ගැන අවධානයෙන් බලා ඉන්නවා කියලා.ඒත් ඒක තාමත් ආදරයක් බවට පත්වෙලා නෑ කියලයි.
ඒක ආදරයක් බවට හැරිලා මනාපයක් බවට පත් වෙන්න බැරි නෑ කියලත් රටේ රාළ කිව්වා.රටේ රාළ එහෙම කියන්නේ මහ මන්දිරවල ඉදන් මහ පොලොව දක්වාම විහිදෙන සන්නිවේදන ජාලයක් රටේ රාළ බලකායට තියෙන හින්දයි.මහ මන්දිරවල ලොක්කෝ හැරෙනකොට රටේ රාළට කියන්න පුළුවන් වෙන්නේ රටේ රාළ බළකායට ඒ තොරතුරු සැනින් එසැනින් සන්නිවේදනය වෙන හින්දයි.ඒක නිසා රටේ රාළලාට ඔය කාටත් වැඩිය හොඳට ජනමනස කියවන්න පුළුවන්.මෙකද අපි මහ මන්දිරවල සදළු තලවල නෙවෙයි ඉන්නේ.ඒ වගේම මහ මන්දිරවල සදළුතලවල ඉන්න අයට බනින ශෝබන විප්ලවවාදීන්ගේ සඳළුතලවලත් අපි නෑ.අපි ඉන්නේ මහ පොලොවේ.එදා රටේ රාළ මහ පොළොවේ සිද්ධ වෙමින් තියන වෙනස ගැන කියනකොට විපක්ෂයේ මහත්තුරු කළේ රනිල්ට කඩේ යනවා කියලා රටේ රාළ ගහපු එකයි.ඒත් රටේ රාළ කියපුදේ ඇත්ත කියන එක වෙරිටේ රිසර්ච් ආයතනය අද ඔප්පු කරලා තියනවා.
ඇත්තටම මහජන මතය කියන්නේ වෙනස් වෙන දෙයක්.ඒක කවදාවත් එක තැනක එක විදිහට ස්ථාවරව තියෙන්නේ නෑ.ඒක වෙනස් වෙනවා. ගෝඨාභය ජනාධිපති කරන්න දායක උන රැල්ලේ හිටපු මිනිස්සු තමයි ගෝඨාභය එලවන්නත් ඉස්සරහට ආවේ.සජිත්ලාට, අනුරලාට තිබුණ රැල්ල අවසන් වෙන්නෙත් එහෙමයි.ඔය රැල්ල අන්තිමට ඔය පක්ෂ දෙකේ කැරැල්ලක් වෙලා තමයි අවසන් වෙන්නේ.රනිල්ට තවම රැල්ලක් නෑ.රනිල් වටේට දැනට තියෙන්නේ රටේ රාළ ” රනිල් වටා නව රැල්ලක් ” ලිපියෙන් කියපු ජාතියේ අශුද්ධ රැල්ලක්.රනිල්ට රැල්ලක් හැදෙයිද නැද්ද කියන එක පස්සේ කතා කරමු.හැබැයි ජනතා රැල්ලක් හැදෙන විදිහ තේරුම් අරන් ඉන්න එක හොදයි.ඇත්තටම රැල්ලේ ගමන් මාර්ගය සර්පිලාකාරයි.ඉස්සෙල්ලාම පටන් ගැනීම. ඊළගට සෙමින් වර්ධනය වීම.ඊළඟට වර්ධනය වේගත් වීම.ඊට පස්සේ වර්ධනය දෙගුණ වීම,දෙගුණය නැවත දෙගුණ වීම,ඊට පස්සේ එන්නේ පිමි විදිහට.ඕක තමයි රැල්ලේ ස්වභාවය.
ලංකාවේ මේ දක්වා ආපු හැම දේශපාලන රැල්ලක්ම ආවේ එහෙම.චන්ද්රිකාට,මහින්දට, ගෝඨාභයට ආවේ එහෙම රැලි.හැබැයි ගොඩක් දේශපාලනඥයෝ නොදන්න දේ තමයි රැල්ල ඇවිත් එක තැනකදී නතර වෙනවා කියන එක.නතර වෙලා රැල්ල විසින්ම තමන්ගේ ගමන ගැන තක්සේරුවක් ගන්නවා. ඒක ජන මනස ඇතුලේ සිද්ධිවෙන සවිඥානික ක්රියාවලියක්.රැල්ල තවත් එහාට යනවද නැද්ද කියලා තීරණය වෙන්නේ රැල්ල විසින් ගෙනාපු දේශපාලන නායකයාගේ භාවිතාවත් එක්ක. ඔය රැලි උඩින් ආපු හැම කෙනාටම අන්තිමට රැල්ලේ ආපු මිනිස්සුම බැනලා පන්නලා දාලා තමයි නතර වුනේ.චන්ද්රිකා විතරක් යන්තම් කාඩ් එක බේරගෙන ගියා.ඒත් තවමත් බැනුම් අහනවා.මහින්ද තරම් රැලි හදපු මිනිහෙක් ලංකාවේ නෑ.හැබැයි අද මහින්දට රැලි හදපු මිනිස්සුම මහින්දගේ පොටෝ එකක් දැක්ක ගමන් නිවන් සුව ලැබේවා කියලා කියනවා. දැන් සජිත් වටේට සහ අනුර වටේට තියෙන රැල්ල විසින්ම රැල්ල තක්සේරු කරන තැනට ඇවිල්ලා.
දැන් ජනමනස ඇතුලේ සජබය සහ ජවිපෙය ගැන තක්සේරුවක් තියනවා.දැනුත් රටේ ජනතාවට ප්රශ්න ඕනි තරම් තියනවා.හැබැයි කොච්චර ප්රශ්න තිබුණත් දැන් සජබයටවත්,ජාජබයටවත් ජනතාව පාරට ගන්නා බෑ.රනිල්ට දැන් තියෙන්නේ රැල්ලක් නෙවෙයි පොඩි පිබිදීමක් විතරයි.රැල්ලට සාපේක්ෂව හිතුවොත් රනිල් දැන් ඉන්නේ දෙවෙනි අදියරේ.ඒ කියන්නේ සෙමින් වර්ධනය වීම කියන අදියරේ,රනිල්ට රැල්ල තව ගොඩක් දුරයි.ඇත්තටම රනිල් රැලි හදන්න දන්නේ නෑ. රැල්ල හදනවා කියන්නේ ජනමනස අවධි කරන එකයි.ඒක ගොඩක් වෙලාවට හැදෙන්නේ දේශපාලනය සටන් පාඨත් එක්ක. ඒවා හරි හෝ වැරදි වෙන්න පුළුවන්.ඒත් ඒවා ඡනමනසට කාවදින ප්රමාණයකට සාපේක්ෂව රැල්ල මතුවෙනවා.මහින්ද 2005 පස්සේ බලයට එන්න පාවිච්චි කළේ ජාතිවාදය සහ ආගම්වාදය.ගෝඨාභයත් එහෙමයි.හැබැයි රනිල් මුල ඉදන්ම අල්ලන්නේ දේශපාලන සටන්පාඨ නෙවෙයි.රනිල් අල්ලන්නේ ආර්ථිකය සටන් පාඨ.
77 සිරිමාවෝ ආණ්ඩුව පෙරලන්න ජේආර් වැඩිපුර ගත්තේ ආර්ථිකය සටන් පාඨ. සමහරවිට ජේආර්ගේ ආභාෂය රනිල්ට ඇති. දැන් තියන ප්රශ්නය ආර්ථික සටන් පාඨ ඇතුලේ රනිල්ට රැල්ලක් හදන්න පුළුවන්ද කියන එකයි.රටේ රාළ කියන්නේ රනිල් ගැන තවමත් ජනතාවගේ පැත්තේ තියෙන්නේ අවධානයක් විතරයි.ඒ අවධානය දිනා ගන්නත් රනිල්ට උපකාර උනේ ආර්ථික සටන් පාඨ තමයි. මෙතනින් එයාට රනිල්ට උස්සන්න ආර්ථික සටන් පාඨය තියනවාද?ඊළගට එන ප්රශ්නය ඒක.ඇත්තටම ගොඩක් තියනවා.මොකද රනිල් මේ එන්නේ බංකොලොත් වෙච්චි රටක ඉදන්.රනිල් එතන ඉදන් තමයි මැදිහත් වෙන්නේ.දැන් මහ බැංකුව තමන්ගේ ප්රතිපත්ති පොලී අනුපාත පහල දාලා තියනවා. ඒ අනුව නිත්ය තැන්පතු පහසුකම් අනුපාතිකය 11% දක්වාත්,නිත්ය ණය පහසුකම් අනුපාතිකය 12% දක්වාත් පදනම් අංක 200 කින් පහල දාලා තියනවා.මේ පොලී අනුපාත පහල දැමීමේ වාසිය ජනතාවට සහ දේශීය ව්යාපාරවලට එන එක නවත්තන්න බෑ.
එතන රනිල්ට වාසියක් තියනවා.ඒකෙන් බැංකු පද්ධතියත් සක්රීය වෙනවා.ඊළගට ගිය සැප්තැම්බර්වල 69.9% ක් විදිහට ඉහල ගිය උද්ධමනය දැන් 12% සීමාවෙන් පහලට ගිහින්. ගොඩක් වෙලාවට ඉස්සරහා මාස දෙක ඇතුලත උද්ධමනය තනි ඉලක්කමකට ගේන්න පුළුවන්.ඊළගට එන අයවැයෙන් රනිල් ජනතාවට අනිවාර්යයෙන්ම සහන මල්ලක් දෙනවා.රනිල් ජනාධිපතිවරණය ඉළක්ක කරනවා නම් ඒක කරනවා කියන එක ඕනි කෙනෙකුට තේරෙනවා.රජයේ සේවකයන්ටත් වැටුප් වැඩවීමක් දුන්නොත් රටේ රාළ කියන රැල්ලේ ඉහල අදියරකට රනිල්ට යන්න පුළුවන්.ඒත් රනිල්ට රැල්ලක් හැදෙයි කියන සහතිකය රටේ රාළ තවමත් දෙන්නේ නෑ. මොකද රැල්ලක් හදන්න බැරි දේශපාලන අඩුපාඩුකම් ගොඩක් රනිල් ළඟ තියනවා. රනිල්ට ඒ රැලි හැදීමේ සංස්කෘතිකට ඇප්ලයි වෙන්න අමාරුයි.රටේ රාළ කියන්නේ මහින්දලා වගේ රනිලුටත් සිල් රෙදි බෙදන්න, චිත්ත බෙදන්න කියලා නෙවෙයි.
මට පළමුවත්,දෙවනුවත්,තෙවනුවත් වටින්නේ මගේ මව්බිම කියලා පපුවට ගහගන්න කියලත් නෙවෙයි.පන්සල් ගානේ.කෝවිල් ගානේ,පල්ලිගානේ රස්තියාදු වෙන්න කියලත් නෙවෙයි.ඒ වැඩවසම්කම නං පැත්ත පලාතේ ගේන්න එපා.ඊට වැඩිය දියුණු ධනේශ්වර සංස්කෘතිය සිය දහස්වාරයක් හොඳයි.හැබැයි ඒ මොනවා කරන්නත් ඉස්සෙල්ලා අපේ රටේ මූලයන් හරියට තේරුම් ගන්න වෙනවා. රනිල්ට තියන දුෂ්කරම දේශපාලන අභියෝගය ඒක.රටේ රාළ හිතන්නේ රනිල් ජනාධිපතිවරණය දිණුවත් රනිල්ට 50% පහුකරන එක ලේසි නෑ.ඒ වෙනුවෙන් ටච් කරන්න ඕනි සියට පහ හය රනිල් තවමත් ටච් කරලා නෑ.ජනාධිපතිවරණයක් දිනන්න ඒක අනිවාර්යයෙන් තියෙන්න ඕනි Fix deposit එකක්.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට

රටේ රාළ.

All reactions:

27

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *