|

මේ මොහොතේ ඇතැම් දේශපාලඥයින්ගේ හැසිරීම වගකීම් විරහිතයි – ජයන්ත කෝවිලගොඩගේ – ශ්‍රී ලංකා බිස්නස් ටී වී

 

ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මේ මොහොතේ ඇතැම් දේශපාලඥයින් කරන ප්‍රකාශ ඉතා ම වගකීම් විරහිත බව විශේෂ වීඩියෝවක් අන්තර් ජලයට මුදා හරිමින් ශ්‍රී ලංකා බිස්නස් ටී වී ආර්ථික විශ්ලේෂක ජයන්ත කොවිලගොඩගේ මහතා ප්‍රකාශ කරයි.

මෙම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නොකළ හැකිව තිබු බවට කරන ප්‍රකශ බොරු බවත්, එය මගහැර නොහැකි බවත් ඒ මහතා කියයි.

එමෙන් ම බැංකු පද්ධතියට බලපෑමකින් තොරව එය කළ හැකි බව කියන කොවිලගොඩගේ මහතා ඇතැම් දේශපාලඥයින් කරන ප්‍රකාශ මගින් අනවශ්‍ය කලබලයක් කරන බව ද කියයි.

ආර්ථික සාක්ෂරතාවයක් නැති මාධ්‍ය සහ දේශපාලඥයින් කරන වගකීම් රහිත් ප්‍රකාශවලට නොරැවටී ඉවසිල්ලෙන් සිටින ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *