දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන අයුරු ජනපති කියයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන අයුරු ජනපති කියයි

වසර 5ක කාලයක් තුළ මෙරට මුලු විදේශ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 17ක් ප්‍රතිව්‍යුහගත කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 41.5ක් බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ඒ අනුව දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී රටේ බැංකු පද්ධතියට කිසිදු බලපෑමක් සිදුනොවන බවට ජනාධිපතිවරයා විසින් සහතික වී තිබේ.

ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ ඇති රජයේ සහ පෞද්ගලික බැංකු ඇතුළු මෙරට බැංකු පද්ධතියේ ස්ථාවර භාවයට ඉන් කිසිදු බලපෑමක් සිදු නොවන බවට.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම බැංකු පද්ධතියේ තැන්පතුවලට බලපෑමක් සිදුනොකරන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

ඒ අනුව දැනට ගෙවනු ලබන බැංකු තැන්පතු පොලිය සඳහා ද ඉන් බලපෑමක් නොවන බව ජනාධිපතිවරයා පෙන්වාදී තිබේ.

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *